තිස් හය වන කොටස

532 101 76
                                    

කමෙන්ට් ගෝල් 50

" ඒ විශුවා ඉක්මනට කියපන්කො? අසුර රජතුමා මොකක්ද කරපු සීන් එක හැබෑවට ආ? කියනවාකෝ උඹට ඒකා අතවරවත් කලාද?"

ආරුල් විශුද්ගෙ මූණට එබෙනකොට විශුද්ගෙ මූණ නෑඹිලිය උනාම විශුද් ආරුල්ට හොඳවයින් දෙකක් රවලා බැලුවා.

'අසුර රජු මා හට අත... කු-කුමක්ද මේ නැහැදිච්ච තරුණයා පවසනුයේ!!'

විශුද් පුපුරා හැලුනා


" කුමන අන්දමේ - "

" නැහැදිච්ච කම තමා අහන්නෙ ඕයි!! උඹ ඕක කියනකොට සුසන්තිකාට ඔලිම්පික් දුවලා ගෙදර ඇවිල්ලා තේ බොන්නත් පුලුවන්. මරිසි නොදා කියපන්කො මගෙ මහ මැණිකේ.."

ආරුල්  විශුද්ගෙ ඉල ඇට කූඩුවට අනිනකොට විශුද් කල්පනා කලේ ආරුල්ගෙ බඩට සුක්ලාක්ෂී අසිපත බැස්සුවොත් ආරුල් ධෛතියදර අසිපත ඇදලා ගනීද කියලා. ආරුල් ගෙ හැමදේම ඉවසුවත් ඒකාගෙ නැහැදිච්ච කම් ඉවසා දරා ගන්න බැරි තැන තමන් අපහසුතාවයට පත් වෙලා ඉන්නෙ කියලා පෙන්වන්න විශුද් මූණට පවන් ගහ ගන්නවා වගේ පෙන්නුවේ ඇස් දෙක උඩට කරකවලා. ආරුල්ට විශුද්ගෙ රාජකීය , පෞරාණික ඉරියව් දැක්කාම හිනාව නතර කර ගන්න බැරි උනා.

"අමෝ අමෝ මහ මැණිකෙ විශුද්. තොගෙ යටි බඩේ ඉඳන්ම කෝලම් තියෙන්නෙ. තෝ කියන්නෙ නැද්ද ආ?"

"........."

ආරුල් අහනකොට විශුද් නිශ්ශබ්දව ආරුල් දිහා බලාගෙන ඉන්නකොට ඔහුගෙ ඇස් දෙකට අනුකම්පාව ඉරියව්වක් ඇඳුනා. ඔහුට අසුර රජුගෙ අතීත කතාව ආරුල්ට කියන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැරි උනා. මෙච්චර වෙලා විශුද්ට මහ මැණිකෙ ගාගෙන විහිලු කර කර හිටපු ආරුල් ගෙ මූණෙ තිබුණු හිනාව නැති වෙලා ගියෙ විශුද්ගෙ මුහුණෙ ඇඳුණු පෙනුම දැකලා. ආරුල් සුසුමක් හෙළුවා.


"ම්.. අසුර රජතුමා.  . එයා... එයා වැඩියෙ ජනප්‍රිය කෙනෙක් නෙවේ  වගේ නේද?"

ආරුල් ඇහි බැමක් උස්සලා යන්තම් හිනා උනා.

".........."

"කතාවේ දුෂ්ටයා වගේද එයා?"

විශුද් ගෙ නිශ්ශබ්ද තාවය දිහා බලාගෙන ආරුල් තමන් හොඳින් වගේ පෙන්වන්න හිනා වෙන ගමන් මුමුණන කොට විශුද් ආරුල් දිහා බැලුවා.

පුනරාගමනWhere stories live. Discover now