විසි හය වෙන කොටස

670 124 160
                                    

කමෙන්ට් ගෝල් 50

"තමුසෙ කියන විදියට මන්දාර පර්වතය කියලා ඇට වල්ලක් ඇත්තටම මේ මහ පොළොව මත්තෙ තියනවා? අනික බල අසිපත් කියලා ජාතියකුත් තියනවා....? මම අහපු දැකපු හැම රාජාවෝමංගලිකාවක්ම ඇත්ත? මේ මොන සමස්ථලංකා ඒසකමක්ද? මම මගෙ උපන්තේකට අහලා නැති නමක් මට හීනෙන් පේන්නෙ? තමුසෙ මට ඉනාවක් කැවුවද රාජකුමාරයා? තමුසෙ යි තමුසෙ ගෙ අර ශුක්‍රාණුවයි මට අම්මට සිරි වෙන්න සැකයි හරිත?"

ආරුල් කියෝගෙන කියෝගෙන යනකොට විශුද් ආරුල් දිහා බලාගෙන හිටියට හිත තිබ්බෙ වෙන පැත්තක. දොස්තර ආරුල්ට බේත් කරලා පොඩි ෂොක් එකක් කියලා බේතුත් පොවලා ගියාට පස්සෙ , විශුද්වත් ඇදගෙන ගිහින් බිව්වට ආරුල්ට කුණු බැනුම් බැන්න තාත්තාත් නිදා ගන්න ගියායින් අනතුරුව ආරුල් විශුද්ට හීනෙ ගැන කියන්න තීරණය කලේ , තව දුරටත් ඒ ගැන හිතේ තියාගෙන ඉන්න බැරි වගයක් දැනුනාම.

"ම්ම්..." විශුද් අසිහියෙන්ම උත්තර දුන්නා.

"ඔන්න උඹට බස්සාගෙ මහ එකා ආරූඪ උනා. මන්දාර පර්වතෙ තමුසෙග පු*කට බස්සන්න කලින්..."

ආරුල් පරණ තැටිය පටන් ගත්තාම ආරුල් කිව්ව නැහැදිච්ච කතාවට වෙනම සිහියක ඔලුව ගිනි ගන්නා වගේ උන්නු විශුද්ගෙ කෝපය ඇවිලුනාම විශුද් මැද්දෙන් පැනලා ආරුල්ට බාධා කලා.


"පූජනීය මන්දාර ශිඛරයට එපා ඔවැනි අසැබි වදන් පවසන්න නැහැදිච්ච බාලකයා!!"

විශුද් තරහෙන් කියන ගමන් ආරුල්ට දෙකක් රැව්වාම ආරුල් මෝඩයෙක් වගෙ විරුත්තුවාම විශුද් සුසුමක් හෙළුවා. විශුද් හිටියේ ප්‍රශ්න ගොඩකට මැදි වෙලා. ආරුල් කියන විදියේ බල අසිපතක උරුමයක් ගැන ආරුල් සිහිනයෙන් දැක්කා නම් එය සාමාන්ය නොවන වග විශුද් දැනගෙන හිටියා. විශුද් ජීවත් වූ කාලයේදී පංච මහා බල අසිපත් වලින් අසිපත් සතරක්ම විනාශ වෙනකොට මේ වෙනකොට ඉතිරි වෙලා තියෙන්නෙ එක බල අසිපතක් විතරයි කියලා විශුද් දැනන් හිටියා. තමන් අද මෙතැන මේ දශකයේ නැහැදිච්ච බාලකයෙක් ඉදිරිපිට සිටගෙන ඉන්නෙ ඒ මහා බල අසිපතට පින් සිද්ද වෙන්න කියලා විශුද් දන්නවා.  එසේනම් , ආරුල්ගෙ උරුමය?

පුනරාගමනWhere stories live. Discover now