0.5

567 22 12
                                    

0.5

සීත සුළඟ ඈ වත පීරාගෙන යන්නට වූ හෙයින් බරකා අත් එකිනෙක පිරිමදින්නට වූවාය. අවැසි වූ උණුසුම ලබාගත  නොහී ඇය දෑත්වලින් තම ගත වැලඳගත්තාය. ඇගේ බූල් තොප්පිය සුළිකුණාටුවට ගසාගෙන යන්නට විය. සුළඟ හා පොරබඳින්නට ඈ අසමත් වූවාය. ඒ නිසාම තොප්පිය පසුපස දිවීම නවතා දැමුවාය. නොලද දෑ පසුපස හඹායනවාට වඩා තමා ලඟ ඇති දෑ රැකගැනීම යෙහෙකැයි සිතූ ඇය හිස වටා පැලඳි ස්කාෆය දෑත්වලින් අල්ලාගත්තාය. හරියට ඇගේ ජීවිතය වගේය.

එසේ දැනෙද්දී හද පතුල ඉරාගෙන ඉහලට ආ සෝතැවුල් කඳුලක ස්වරූපයෙන් නෙතින් පිට පැන්නේය. ඒ උණු කඳුලට පවා ඈ පැතූ උණුසුම ලබා දෙන්නට නොහැකි විනි.
සිත දුකින් පෙගෙන්නට වැඩි වේලාවක් ගත නොවිනි. හරියට කුඩා දා වගේය. සිවිල් යුධ සමයේ ලේ පිපාසිත මිලේච්ඡ ත්රස්තවාදියාට පුංචි දැරියකගේ සිහින පිලිබඳ වගතුවක් වූයේ නැත. සති අන්තයේ තාත්තා ගෙදර එන පෙරමග බලමින් ඇඟිලි ගණින පුංචි ඇගේ සිහින සිහිනයක්ම වූයේ නිමක් නැති යුද්ධයට ගොදුරු වූ තාත්තා යළි නේන ගමන් ගියදාය. පුංචි ඇස් කඳුලින් වෙළුනේ විලාප දී හඬන අම්මාගේ දණිහ බදා ගනිද්දීය. ආයෙත් කවදාවත් නිවාඩුවකට ගමනක් යන්න, සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන්න තාත්තා යළි එන්නේ නැති වග පමණක් ඒ පුංචි සිත තේරුම් ගන්නට විය.

තාත්තා මියගොස් ටික දෝහකින් අම්මා නැවත විවාහ වූවාය. නැත. කුඩප්පච්චී තවත් අප්පච්චී කෙනෙක් වූයේවත් මුහම්මද් නබි තුමාණන්ගේ අනුගාමිකයෙක් වූයේ වත් නැත. නමට මුස්ලිම් වූ ඔහු බරකාට තම දරුවෙකුට සේ සැලකුවේ නැත. මුහම්මද් නබි තුමා උම්මු සලමාගේ පළමු කසාදයෙන් හිමි වූ දරුවන් හට තමන්ගේම දරුවන්ට සේ කිසිම වෙනස්ක් නොකොට රැකබලාගත් වග ඇයත් ඒ දරුවනුත් සාක්ෂි දරන්නෝය. එහෙත් කුඩප්පච්චීගෙන් එවැන්නක් බරකාට බලාපොරොත්තු වෙන්නට බැරි විනි. අම්මාටත් ඔහුටත් දාව උපන් මල්ලීත, නංගීත් බරකාට වඩා භාග්යසම්පන්න වූහ. අම්මාට බරකා දැකීම සිය අතීතය මතක් කොට දුන්නා විය යුතුය. ඒ දුක, සංතාපය, කම්පනය අමතක කොට දැමීමට අම්මා තෝරාගත්තේ බරකාව මගහැර ජීවත් වීමය. දුක සහ කෝපය දිනෙන් දින ඈ සිත වෙලාගන්නට වූවත් ඉන් ඈ මිදුනේ ඉවසීම ප්රගුණ කරගෙනය. එහි ප්රතිඵලයක් ලෙසින් තම සිතුම් පැතුම් පවා පවුලේ සතුට වෙනුවෙන් පුදකරන්නට ඈ හුරු වූවාය.

ආදරේ විතරමයි- Nothing but LoveWhere stories live. Discover now