Chapter 3

139 10 2
                                    

3 වැනි පරිච්ඡේදය

ගෙවී යන හැම තත්පර කිහිපයකට සැරයක් අමාෂ්ගේ බැල්ම යාවුනේ ඔහුට හරි ඉදිරියෙන් හිඳහුන්, ඔහුගේ නෙත් හා ගැටුණු කල ඉක්මනින් අහක බලන ඇස් දෙකක් මිස වෙනකක් නොපෙනෙන, කළු ලෝගුවක් හැඳ උන් යුවතිය දෙසය. අමාෂ් තවත් විනාඩි කිහිපයක් එයාකාරයෙන් කල් මැරුවේය. එකදු විනාඩියක්වත් අම්මාගේ ව්යාපාරය පිලිබඳ කතාකෙරෙන, තීරණ ගැනෙන ඒ සාකච්ඡාවට හවුල් වූයේ නැත. ඔවුන් යුතුකමකට ඔහුගේ අදහස් දැනගැනීමට කැමැත්ත දැක්වූවද අමාෂ්ගේ උදාසීන ප්රතිචාර නිසා කිසිත් නොකියා මේ වනතෙක් තීන්දු තීරණ ගත් සමාගම් නීතීඥ සාලිහාටත්, ඔය හැමෝවම අල්ලෙ තියා නටවන අර නින්ජා කෙල්ලටත් අවසන් තීරණයන්හට එලබෙන්නට ඉඩදුන්හ.
එය එසේ වෙතත් සත්තකින්ම සිදුවූයේ වෙනත් දෙයකි. මේ අභූත කෙල්ල දුටු වේලේ පටන් ඔහුගේ සිහි විකල් වෙලාය. කලින් කලට හමුවෙන මිතුරන් හා ලෞකික සැපත විඳි අමාෂ්ට තමන්වටා දුහුල් පවුරක් බැඳගෙන, නිදහස සීමාකරගෙන ඉන්න යුවතියක් විවාහ වන්නට සිදුවීම කම්පනය දනවන කරුණක්මය. කළු වේලයට එහායින් සැඟව ඇති දෑ දැක ගැන්මට ක්ෂ්ණික ආශාවක් ඇතිවන්නට විනි. දත්මිටිකමින් තම ඉරණම ගැන ලතවුනු ඔහු අහක බැලූ තත්පරේට ඈ ඔහු දෙස නෙත් යොමුවාය. කවුරුන්ගේ හෝ බැල්මක් තමන් දෙසට යාවූ වග දැනී අමාෂ් එක එල්ලේ ඈ දෙස බැලුවත් කුලෑටිකමින් ඈ අහක බලාගත්තාය. ඒ ලා දුඹුරු දෙනෙත් සිහි කළේ අමතක කර දමන්නට වෙර දරන ඔහුගේ සිත සොරාගත් යුවතියය. ආසියාතික රටවල දකින දකින හැමෝටම තියෙන්නේ ලා දුඹුරු නෙතු නිසා තමන්ගේ සිතට නැගෙන මනස්ගාත පිලිබඳ ඔහු තනිවම දොස් පවරාගත්තේය. එය සැබෑවකි. ලා දුඹුරු නෙත් බහුලය. එහෙත් ඔහු පෙම්කළ ඒ නෙතුවල උරුමකාරියට තිබුනේ කතාකරන ඇස් දෙකකි. මොහොතකට පෙර තමා දෙස බැලුම් හෙලූ මේ නින්ජා කෙල්ලටත් ඇත්තේ කතාකරන ඇස් දෙකක්ය.
'අප්පෝ! ආයෙත් නං එපා...කතාකරන ඇස් කියන්නෙ මොනවද කියලා මට තේරෙන්නෙත් නෑ. තේරුම්ගන්න ඕනෙත් නෑ. එක පාරක් විඳවපුවා හොඳටම ඇති.' දඟකාර යටිසිත අනතුරු අඟවන්නට විය.
දුරකතනයේ සෙල්ලම් කරන හැම ක්රීඩාවක්ම විනාඩියෙන් දෙකෙන් පැරදුනත් වෙන කරන්නට දෙයක් නැති තැන අමාෂ් එහි බොත්තම් ඔබ ඔබ පැරදෙන ක්රීඩාවකම නියැලුනේය. ඔහු සිතුවා වැරදිය. කළු ලෝගුවට වැසුනේ ඇගේ රූපය පමණක්මය. ව්යාපාර කළමණාකරනය පිලිබඳ ඇයට තිබුනේ හසල දැනුමක් වග ඒ ගෙවුනු විනාඩි කිහිපයට අමාෂ් තේරුම් ගත්තේය. කළු ලෝගුව නොවන්න ඇය තවත් එක් සාමාන්ය යුවතියක් වග ඔහු සිත පිලිගන්නට විනි. සාලිහා නැන්දා සමාගම් නීතීඥවරියක ලෙසින් සේවය කරන්නේ අද ඊයෙක නොව. ඈ බොහොමත්ම පලපුරුදු ඇත්තියක වුවද මේ යුවතියගේ නිගමනයන්, අනාවැකි ඉදිරියේ ගොළු වූවාය. ඒ දකිද්දී මෑගැන තව තවත් දැනගැනීමේ කුතුහලය වැඩිවුනි. මේ පරිනත බව ඇයට ලැබුනේ කෙලෙසින්ද? ඈ උගත්, බුද්ධිමත් යුවතියක් වග ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. එහෙත් ඈ කවරාකාරයක වූ තරුණියක්දැයි සිත ප්රශ්ණ කරන්නට විනි. ගෙවෙන තත්පරයෙන් තත්පරය ඈ දැකගැනීමේ ආශාව තීව්ර වූයේය. පිරිමියෙකුට මැගේ සුන්දරත්වය බැල්මෙන්වත්, මනසින්වත් කෙලසන්නට බැරිවග පසක් වූයේ ඒහාමය. වැරදිකරුවෙකු බඳු වූ හැඟීමක් දැනි නිසාම අමාෂ් ඉක්මනින් තම දුරකතනය දෙස නෙත් යාකළේය.
'හැම ගෑනියෙක්ටම වෛරකරන්වා කිය කිය දැං ඔය නින්ජාගේ හැඩබලන්න වදවෙන්නෙ ඇයි?' මේ කරච්චලේ ඉවරයක් නැත. තම පලමු හතුරා සිත වග අමාෂ් මුමුණාගත්තේ දත්මිටිකන අතරතුරය.
"අමාෂ්, කොල්ලෝ...ඔයා මේ ලෝකෙද?" රැස්වීමට සහභාගි වූ නිලදාරීන් සියළු දෙනා විසිර ගිය පසු සාලිහා හඬ අවදි කළේ අමාෂ්ගේ අවධානය ලබාගැනීමේ අරමුනිනි. අමාෂ් සාලිහා දෙස බැලුවේ නොරිස්සුමෙනි.
"අපි අපේ ගණුදෙණුව ගැන කතාකරමුද, ආන්ටි සාලිහා? මට දැනටමත් පරක්කුයි." ඔහුගේ රළු හඬ අවදිවූයේ හරියට රැස්වීම් ශාලාවේ ඉතිරිව උන් කාන්තාවන් දෙදෙනාට තමා පාසල් යන කොළුගැටයෙකු නොවන වග පසක්කරදෙන්නට වාගේය. අමාෂ්ගේ හැටි දත් සාලිහා හීන් සීරුවේ ඔහු මගහැර යුවතිය දෙස බැලුවාය. මෙතෙක් වේලා චතුර ලෙසින් කතාබහ කළ තරුණිය දැන් ඈ වෙතින් පලා ගොස් වාගේය. දැන් එතැන උන්නේ ප්රශ්නාර්තයෙන්, කිසිවක් නොවැටහෙන අහිංසක තරුණියකි. ඈ අම්මාගේ මේ මනස්ගාත වැඩේට කැමති වූයේ ඇයිදැයි අමාෂ් සිතුවේ පලවෙනි පාරට නොවෙයි.
"හොඳයි, අපි මේ ගැන කතාකරලා ඉක්මන් විසඳුමකට එමු එහෙනං. අමාෂ්, ඔයාගේ තීරණේ මොකක්ද?" සාලිහා දෑත් එකිනෙක පිරිමදිමින් ඇසුවේ තවත් කාලය නාස්තිකිරීමේ අවශ්යතාවයක් නැතිවග පසක් වීය. අමාෂ්ගේ දෙබැම ඉහලට එසවුනේ පෙර කී නොරිස්සුම ආයෙත් සිත වෙලා ගනිද්දීය.
"තව දවස් හයයි මට තියෙන්නේ. මං කැමති මනමාලියෙක් මවන්නත් බෑනේ ඉතිං." කතාව අතර මග නතර කොට කාන්තාවන් දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලුවේ සියුම් චකිතයක් සිත දැවටෙද්දීය. සාලිහා හිස වැනුවේ ඔහු අපහසුතාවයට පත්කරන්නට වූ අකමැත්තෙනි. මේ සිදුවන දේට ඈ කොහෙත්ම කැමති නැත. එහෙත් සිය මිතුරිය ඇගේ පුතුට වඩා හිතුවක්කාරය. වසර දහසයක් පුරා ඈ හා අමනාපයෙන් උන් පුතු ඇගේ සිතැඟිවලට නතුකරගෙන ඇත්තේ හරි අපූරුවටය. බලහත්කාරයෙන් කසාදයක් කිරීම වැරදි වුවත් හනියාගේ අවසන් කැමැති පත්රයට අනුව වැඩකටයුතු සිදු විය යුතුය. නැති නම් මේ හැම දේකම භාරකාරත්වය හනියාගේ නෑනණ්ඩියට උරුම වන්නේය. ඒ පිලිබඳ සිතෙද්දීත් රැළි ගැහෙන අත්වල හිරිගඬු පිපෙනු දැනෙන්නට විනි.
"මට ඉතුරු වෙලා තියෙන්නෙ එකම එක මාර්ගයයි." අමාෂ්ගේ හඬ මොහොතකට නැවතුනේ ඔහුගේ බැල්ම ඒ.බී ලඟ ගිමන් හරිමිනි.
"ඔයා නම් පුදුම මායාකාරියක් තමඉ...කොහොමද මේ නාකි යාලු ජෝඩුව අල්ලේ තියං නටවන්නේ?" ඔහුගේ උපහාසාත්මක කතාවට ඇය සාලිහා දෙස බැලුවේ අසරණ වෙලාය. එය දකිද්දී අමුතුම සතුටක් අමාෂ්ට දැනෙන්නට විනි. සාලිහාගේ දෙනෙත් විසල් වූයේ අමාෂ් මෙයාකාරව මේ විශ්වාසවන්ත තරුණියට අපහාස කරතැයි ඈ බලාපොරොත්තු නොවූ නිසාය.
"අමාෂ්! ඔයා මේක කරන්නම ඕනෙ නෑ. ඔයාට තවත් විසඳුමක් තියෙනවා." සාලිහා කීවේ කෝපයෙනි. මේ කෙල්ල වෙනුවෙන් පෙනී සිටින්න සාලිහා නැන්දා ඉදිරිපත්වූ ඉක්මන යැයි අමාෂ් සිතුවේ කට කොණක සරදම් හිනාවක් ඇඳගෙනය.
"හ්ම්ම්...ඔව්. ආයෙත් පැනලා දුවනෙක...ඒක නේද කියන්න ඕන උනේ ආන්ටි සාලිහා?" අමාෂ්ගේ හඬ වියරුවෙනි. ඔහු කියන්නක් වැටහුනු සාලිහාට දුක සිතුනි. ඇය දිගු සුසුමක් හැරියේ පසුතැවීමෙනි.
"මට සමාවෙන්න, ඇම්බො! මට අමතක උනා මේ මං උස්සලා හුරතල් කරපු පොඩි එකා නෙමෙයි කියලා." සාලිහා කීවේ රහසින් වාගේය. අමාෂ්ගේ සිත තැලුනි. සාලිහා නැන්දාට එසේ උස් වූ හඬින් කතා කිරීම වැරදිවග ඔහුට අවබෝධ කරගත් ඔහු බාල් හඬකින් මට සමාවෙන්න' යයි කීවේය. මොහොතක නිහැඬියාව දරාගත නොහී අමාෂ් වෙනතක් බැලුවේය. ඒ කාමරයේ ඔහුත්, නැන්දාටත් අමතරව තවත් කෙනෙකු සැඟව හුස්මගන්නා වග මතක් වූයේ සැනින් අහක බලන නෙත් යුගල හසු වූ තැනය.
'මෙයා මොකද මාව මගාරින්නේ?' අමාෂ් තමාටම කියාගත්තේ නොකැමැත්තෙනි.
"ඔයා මේකට කැමතිද ඒ.බී?" දැනුනු අපහසුතාවය මගහරිමින් සාලිහා යළි හඬ අවදි කළාය. අමාෂ්ගේ නොහොබිනා වැඩ නිසා සිය මිතුරියගේ අවසන් කැමැත්ත ඉෂ්ඨ නොකර ඉන්නට ඇයට බැරිය.
"මට වෙන විකල්පයක් තියෙනවද ආන්ටි සාලිහා?" ඈ කෙදිරුවාය. ඒ හඬින් අමාෂ් එකවර ඈ දෙස බැලුවේය. හුලඟට රහස් කියනවා වගේ කොඳුරන ඔය කටහඬ කොහේදී හෝ අසා ඇතිවග ක්ෂ්ණිකව ඔහුට දැනෙන්නට විනි. ඇය දෙස විමසිල්ලෙන් බැලුවේත් ඒ නිසාය. එහෙත්, නැත. තමා ඕනෑවටත් වඩා මනස්ගාත සිතනවග අමුතුවෙන් වටාගන්නට උවමනා නැති වග අමාෂ් තමන්ටම කියාගත්තේය.
"මට සමාවෙන්න දරුවෝ. ඒත් ඔයා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ සමාගමට ඔයා සම්බන්දයි."
සාලිහා පවසද්දී මේසය මත තබාගෙන උන් අත් වැසුම් පැලඳි දෑඟිලි එකිනෙක පැටල්නේ ඈ සිතවන අපහසුතාවය මනාවට විදහා පාමිනි. නෙත් කොණින් බැලුනේ ඔහු දෙසයි. එහෙත් තම බැල්ම ඈ වෙතින් ඉවත් නොවූවග වැටහුනු සැනින් ඇය සාලිහා දෙස බැලුවාය්.
"මේ කසාදය කරගන්නෙ නැතුව මට මිස්ට හසන්ට ඩොකියුමෙන්ට්ස් සයින් කරලා දෙන්න බැරිද, ආන්ටී?"
"ඒකනං කෙරෙන්න ඕනේ ඒ.බී ඔයාම අතසන් ගහලා ජයිරුන්ට මේ හැම එකකම භාරකාරත්වය ලියලා දෙන්න." සාලිහා දෑත් වලට බර දෙමින් ඉදිරියට නැමී කීවාය.
"එක්කො ඔයා අමාෂ්ව කසාද බඳින්න ඕනේ. නැත්තං එයා වෙනකාව හරි කසාද බඳින්න ඕනේ මේ හැමදේකම උරුමකාරයා වෙන්න නං"
පුටුවේ හාන්සි වෙමින් සාලිහා කීවේ බැරෑරුම් හඬකිනි. අමාෂ් දිගු සුසුමක් හැරියේ කෝපය හිත පුරා පිරෙද්දීය. 'මේ මොන විකාරයක්ද?' ඔහු තමාටම කියාගත්තේ ඈ දෙස නපුරු බැල්මක් හෙලමිනි. වෙනත් විකල්පයක් නැති ප්රශ්න්යක් ගැන ආයෙ ආයේ කතාකිරීම කාලය කා දැමීමක් නොවේද? ජීවිතයේ කවදාවත් දකින්න නොලැබෙන දනස්කන්දයක භාරකාරියක් මෑ අකමැති වන්නේ කුමකටද? එක්කො එයා බැඳලා මාත් එක්ක දෙපොල බෙදාගන්නවා. එහෙම නැත්නම් ජායිරුන් යටතේ වැඩබලන ප්රධාන නිලධාරිනී වෙනවා. කසාද බැඳලා මේ සේසතටම උරුම කියන්න ඈ කැමති නැතුවා සේය.
"කසාද බැඳලා ටික දවසකින් අවලංගු කරන්න බැරිද?" ඈ තැටඹුවාය. අමාෂ්ගේ නෙත් හැකිළුනේ ඈ කියන්නක් වටහා ගන්නට වෙර දරමිනි. අමාෂ් සිතුවේද මෙයමය. බටහිර ලෝකයේ බහුල වශයෙන් මෙවැනි තාවකාලික විවාහ ගිවිසුම් ඇතිකර ගැනීම සිදුවෙන නිසා මෙය අමාෂ්ට අරුම පුදුම විකල්පයක් නොවිනි. තාත්තාගේ නිවස තම නමට හරවාගත් පසු මේ බැඳීමෙන් සදහටම ඈත්වන්නට තමන්ට හැකිවග අමාෂ් විශ්වාස කළේය. තමන්ගේ සැලසුම ඇගේ මුවින් පිටවෙතැයි ඔහු බලාපොරොත්තු වූයේ නැත. ඒ දැනෙද්දී සිහින් අතුල් පහරක් තම අහංකාර මනසට වැදුනාක්සේ වූ හෙයින් අමාෂ්ගේ කොන්ද කෙලින් විනි.
"නෑ...ඔයාට එහෙම කරන්න බෑ ඒ.බී. දීලා තියෙන කාලය තුල ඔය දෙන්න වෙන්වුනොත් ජායිරුන්ට හැම බලතලයක්ම පැවරෙනවා. අනෙක මුතාහ්- ගිවිසුම් කසාද ඉස්ලාමයට පටහැනියි." දෑත් පටලාගනිමින් බැරෑරුම් ස්වරයෙන් සාලිහා දෙදෙනා දෙසම බලමින් කීවාය. අමාෂ්ගේ කෝපය දෙගුණ වූයේ ඔහුගේ සැලසුම ව්යර්තකවන ලකුනු පෙනෙද්දීය.
"ඒත් ආන්ටි, මං ආන්ටි හනියට පොරොන්දුවෙද්දි මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. ඔයා දන්නව මං ඇයි..."
ඇයට වදන් කියා නිමකරන්නට අමාෂ් ඉඩ දුන්නේ නැත.
"මේ මොන විකාරයක්ද ආන්ටි සාලිහා? මං හිතුවා ඔයා මට අඬගැහුවේ මේ හැමදේම විසඳගෙන කියලා. මාව කසාද බඳින්න කියලා මට කාටවත් බලපෑම් කරන්න බෑ. කසාද බඳින්න නං තව ඕනතරම් ගෑනු ඉන්නව ලෝකෙ." අමාෂ් කීවේ වියරුවෙන් වාගේය. මේ අහංකාර කෙල්ලක් ඉස්සරහා තමා හෑල්ලු වෙන අපූරුව!
"අමාෂ්! පොඩ්ඩක් කලබල නොකර ඉන්නකෝ මං මේක විසඳනකං." සාලිහා බැගෑපත් වූවාය. අමාෂ්ගේ ගිනි පුළිඟු පිටවෙන දෑස් යොමුව තිබුනේ තමා මායිම් නොකරන යුවතිය වෙතය.
"කාගෙන්වත් හිඟාකන්න ඕන නෑ ආන්ටි සාලිහා. ඔයා මේ ගණුදෙණුවට අකමැතිනම් මෙතනින් යන එකයි ඇත්තේ. කවුරුත් බලපෑම් කරන්නේ නෑ. මුහුදෙ ඉන්නේ ඉක මාලුවෙක් නෙමෙයි!" ප්රතික්ෂේප වීම පිරිමියෙකුට දරාගන්න අපහසුම දේ වග කවුරු කීවත් සැබෑය. මැය කවරාකාරයක තැනැත්තියක්ද යන වග හෝ නොසොයා ඔහු ඈ හා විවාහ වන්නට හිත එකඟ කරගත්තේය.
"අල්හම්දුලිල්ලාහ්! කොච්චර එකක්ද. තෑන්ක්ස් මිස්ට හසන්. අද හරි ලස්සන දවසක්. මාළු බාන්න කියාපු දවසක්!" ඒ.බී හිඳ උන් ආසනයෙන් නැගිට ගනිමින් කීවේ ඔහු හා ප්රතමවරට එක එල්ලේ නෙත් දෙස බලමිනි. සාලිහාගේ දෙඋර පහලට වැටුනේ මෙතෙක් තමා කළ සියළු දේ ගඟට කැපි ඉනි සේ වූ නිසාය.
"පස්සෙ හම්බවෙන්නං ආන්ටි සාලිහා. අස්සලාමු අලයිකුම්!" සාලිහා දෙස වරක් බලා සාලිහා කිසිත් කියන්නට පෙර ඇගෙන් සමුගත් යුවතිය රැස්වීම් ශාලාවින් පිටව ගියේ කුටිය නිහැඬියාවෙන් බෙරි වෙද්දීය.
සාලිහා ඈ යන මග බලා හිඳ පසුව නලල පිරිමැද්දේ පීඩාකාරි බවින් මිදෙන්නය. එකදු බැල්මක් හෝ අමාෂ් වෙත නොහෙලූ ඇය මේසය මත වූ ලිපි ගොනු එකිනෙක ගෙන තම බ්රීෆ් කේසය තුල බහාලන්නට වූවාය.
"ඇත්තටම මට ගොඩක් කණගාටුයි අමාෂ්, ලැජ්ජයි මෙච්චර කාලෙකට පස්සෙත්...තාමත් ඔයා අර හිතුවක්කාර කොල්ලමයි. මං ගොඩක් බලාපොරොත්තු තියං හිටියා ඔයා ගැන. මං හිතුවා ඔයා මීට වැඩිය වගකීම කරට අරගන්න පුලුවං කොල්ලෙක් කියලා...මං විශ්වාස කළා වැඩිද මන්දා..."
රැස්වීම් කුටියෙන් පිටවන්නට මත්තෙන් සාලිහා කීවේ බිඳුනු හඬිනි. යන්තමට දොර අඩවන් කරගෙනම යන සාලිහා නැන්දාදෙස අමාෂ් බලා උන්නේ හිස් වූ බැල්මකිනි. පසුව උදාසීනව රෝදපුටුවේ එහා මෙහා කැරකුණේය.
'බැන්දා කියලා මොකුත් වෙනස් වෙන්නේ නෑනේ. කසාද බඳින හැමෝම ආදරේ කරන්නෙත් නෑ. අනෙක වෙන විකල්පයකුත් නෑ...ඒ හැමෙකටම වඩා...තමුන් දන්න මාලුවෙක් තියා හාල්මැස්සෙක්වත් නෑනේ.'

English version of ආදරේ විතරමයි is available to purchase

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

English version of ආදරේ විතරමයි is available to purchase. If interested inbox me for details.

ආදරේ විතරමයි- Nothing but LoveWhere stories live. Discover now