Chapter 01

3.7K 310 16
                                    

[ EDITED ]

Vinuu !!!!

උදේ පාන්දරම විනුගෙ අම්මගෙ සද්දෙ ගේ පුරාම දෝංකාර දෙන්න ගත්තෙ නිදාගෙන හිටපු විනූව ඇහරවන්නයි.

"අදත් පරක්කු වෙලා යන්නද කල්පනාව ? නැගිටිනවා ළමයෝ "

"හරි හරි මේ නැගිට්ටා" කියාගෙන කෙල්ල ගියේ කොලේජ් යන්න ලෑස්ති වෙන්න. ඉගෙන ගන්න කොච්චර කැමති උනත් විනූ කියන්නෙ පාන්දර නැගිටින්න කැමති චරිතයක් නම් නෙමෙයි.... කවුරුත් කැමති නෑ න්‍රෙ උදේම නැඟිටින්න...ටික වෙලාවක් ඇඳේම පෙරලි පෙරලි හිටපු කෙල්ල අන්තිමටම නින්දෙන්ම වොශ්රූම් එකට ඇවිදගෙන ගිහින් ඇඟපත හෝදගත්තෙ නැඟිට්ට එකේ පරක්කු නොවී යන්න හිතාගන...

ටික වෙලාවක් ඇඳේම පෙරලි පෙරලි හිටපු කෙල්ල අන්තිමටම නින්දෙන්ම වොශ්රූම් එකට ඇවිදගෙන ගිහින් ඇඟපත හෝදගත්තෙ නැඟිට්ට එකේ පරක්කු නොවී යන්න හිතාගන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Outfit)

ලෑස්ති වෙලා එලියට එනකොටම කෙල්ලගෙ නහයට දැණුනේ රස කෑමක සුවඳක්.... ඉක්මනට කොණ්ඩෙත් පීරගෙන පඩිපෙල දිගේ බැහැගෙන ඇවිත් කෙල්ල කෙලින්ම නතර වුණේ කෑම මේසෙ ඉස්සරහා.. කෑම කියලා කිව්වත් ඇති කෙල්ලට බඩගිනි හැදෙන්න.... කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති හින්දා දන්න නිසාමද මන්දා කොයි වෙලේත් කන බනේම තමා ඉන්නෙ.

කාලා ඉවර වෙලා පිඟන කිචන් එකෙන් තියලා එලියට එනකොටම වගේ පඩිපෙල දිගේ පල්ලෙහාට ආවේ ජේක්... හරියටම කිව්වොත් විනුගෙ අයියා..... ජේක් කියන්නෙ කෙල්ලගෙ රිලේෂන් කෙනෙක් වුණාට පොඩි කාලෙ ඉඳන් එකටම හැදුණ වැඩුණ හින්දා කෙල්ලට දැනුනේ ජේක් තමන්ගෙම අයියා වගේ....

"කාලා ඉවර නම් දැන්වත් යන්න එනවද ? මට ඔෆිස් යන්න පරක්කු වෙනවා , ඔයාට වගේ නෙමෙයි මට වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ" කොල්ලා කිව්වෙ සෝෆා එක උඩ තිබ්බ බ්‍රීෆ්කේස් එකත් අතට ගන්න ගමන්.

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now