01

733 84 77
                                    

"Yaaah..Min Ha Yeri..."

ඔන්න ආයෙ පටන්ගෙන. ඇත්තමයි මේ මනුස්සයට වෙන වැඩක් නැද්ද මංද දවසෙම මගෙ නම පාඩම් කරනවට වඩා...😑. ළමයි සේරම බලාගෙන... විලි ලැජ්ජාවෙ බෑ.... කටට ගහනව ප්ලාස්ටර්.  හිතින් එහෙම බැන බැන මං කර කර හිටපු වැඩේ කරා මිසක් ඒ මනුස්සයාට උත්තර දෙන්න ගියේ නෑ. මං හිටියෙ මගෙ ලොකර් එක ගාව. මේකා තාම කෑ ගහන ගමන් ලොකර් එක පැත්තට ආවා. හරිනේ... මං ඉවරයි... හොඳ වැඩේ මටත්.. කරපු වැඩේ පැත්තකට දාලා ඒක අනිත් බඩු වලින් හංගල ඉක්මනට ලොකර් එකේ දොර වහල එයාගෙ පැත්තට හැරුනා..

"Yaaah .Min Ha Yeri.....ඇත්තටම ඔයාගෙ කන් ඇහෙන්නෙත් නැද්ද දැන්.. මං කී පාරක් ඔයාට කතා කරාද? මොන ලෝකෙකද ඔයා ඉන්නෙ? "

මං අද ඉවරයි වගේ.. රතිඤ්ඤා පත්තු වෙන්න යන්නෙ...මෙයාට තරහ ගිහින්.

"ආ...මේ.. මේ.. මං..මං.. මං මුකුත් කරේ නෑ.. මේ පොතක් නැතිවෙලා ඒක හොය හොය හිටියේ... ඔයා ගොඩක් වෙලා මට කතා කරාද? හී.. මට ඇහුනෙ නෑනේ... සොරි හොදේ..."

"සොරි තමයි.. කෝ ෆෝන් එක... බලනව මං කෝල් කීයක් අරන්ද කියල??? "

"ෆෝන් එක... කෝ ඇත්තටම ඒක... "

 මං එහෙම කියල සාක්කුවෙයි බෑග් එකෙයි බැලුවා... හරිනේ.... ඒක පන්තියේ දමල ඇවිත්. මට තියෙන්නේ එසේ මෙසේ කලබලයක් නෙවෙයිනේ.. හැමදාම මෙයා මට බනිනව ෆෝන් එක ලඟ පාතක තියාගන්න කියල. අද හරි වගේ.. මොනා කරන්නද අදත් බැනුම් අහමු. ඇත්තමයි මං අද එලියට බැහැල තියෙන්නෙ රාහු කාලෙද කොහෙද.. අනිත් දවසෙ හොඳ නැකතක් බලන්නැතුව එලියට බහින්නෙම නෑ.. මේ ඇත්තමයි.

"හී...මේ..  මං හිතන්නෙ මං ෆෝන් එක පන්තියේ දාලා ඇවිත්.. හී... මං ඉක්මනට ගිහින් ඒක අරන් එන්නම් හොදේ... හී..."

තව බැනුම් අහගන්න කලින් මං ෂේප් එකේ එතනින් ලිස්සලා පන්තියට දුවගෙන ගියේ ෆෝන් එක අරන් එන්න. කරුමෙට ඒක පන්තියේ නෙවෙයි washroom එකේ තිබිල තියෙන්නෙ.. මගෙ සිහිය නම් ෂෝක් 😂😂😂. 

බලමු කෝල් කීයක් අරන්ද කියල... නෑ!!! Missed calls 29!!! හරිනේ ඉතින්.. අර ඩයිනමයිට් කරල පත්තු වෙච්ච එක සාධාරණයිනේ... Min Ha Yeri.. තමුසෙ ඔයින් බේරුනා ඇති.. ඒත් ඉතින් මගේ නෙවෙයිනේ වැරැද්ද.. එයා නිසා තමයි එහෙම වුනේ.. එයාට අහුවෙන්නෙ නැතුව අර තෑග්ග මං ලොකර් එක ගාවට ගෙනියන්න කාපු කට්ට දන්නෙ මමනේ.. රට වටේම තියන සිත නිවන කතා ටික හිත හිත මං ආයෙ අර මනුස්සයාව හොයං ගියා.

Promise [Completed]Where stories live. Discover now