08

246 54 32
                                    

Yeri :- "හිත හැදුවා... හැමදාම වගේ ... Soo Yun~ah... yaaah....ඔයා මොකක්හරි අවුලකද ඉන්නෙ ආ... අවුලක් නම් මට කියනවකො අනේ... මට කියන්න බැරි දෙයක්ද ආ... මට නැත්නම් අරදෙන්නටවත් කියන්නකො. මොකද්ද ප්‍රශ්නෙ මං මේ ටිකේම ඔයා දිහා බලාගෙන හිටියෙ. නොකිව්වට ඔයා දැන් සෑහෙන වෙනස්. හරි ඒක පැත්තකින් තියමුකෝ...අපි කාටවත් නොකිය ජංකුක්ට විතරක් කියන්න පුළුවන් ප්‍රශ්නෙ මොකක්ද? "

Soo Yun : "අනේ එහෙම දෙයක් නෑ අනේ... දන්නැද්ද මගෙ මනුස්සයට එක එක වෙලාවලට එක එක වයර් මාරු වෙනවනේ... ජංකුක්ට තමයි ඉතින් මං එවෙලෙට කතා කරන්නෙ. එයා හෙමීට එවෙලෙට Tae oppa ට කථා කරනවා. නැතුව අපි අතරේ වෙන මොකූත් නෑ හරිද... ඉරිසියා හිතුනද කෙල්ලට ආහ්.. 😂😂😂😂...."

Yeri :" පිස්සු ද යකෝ.. මං මේ ඉරිසියාවක් නිසා නෙවෙයි අහන්නෙ. මට ඇත්තටම දැනගන්න ඕන වුනේ මොකද්ද එයාටයි ඔයාටයි වෙලා තියෙන්නේ කියල"

Soo Yun : "  මට මොකුත් වෙලා නෑ බං. මං හොදින්."

Yeri : "හා එහෙමනම්  කමක්නෑ. "

Soo Yun :" ආ මේ.. Yeri...මට කියන්න අමතක වුනා...එදා මායි Jk යි එකතු වෙලා Tae oppa ගෙ බර්ත්ඩේ පාටිය ප්ලෑන් කරා... ඔයාවත් කෝල් එකට ඇඩ් කරන්න හිටියෙ. කොහෙද ඉතින් ඔයා බැටරි නෑ කියල ගියානේ..."

Yeri : (smile in pain) " හා එහෙමද... අපරාදේ.... අනිත් අය ආවෙ නැද්ද කෝල් එකට?"

Soo Yun : "නෑ.. ජංකුක් කිව්වා. අද ඒක අනිත් අයට කියමු කියල. අද අපේ පුරුදු ප්ලේස් එකේදි හම්බෙමු... ඉන්ටර්වල් එකෙන් පස්සෙ...ජංකුක් අනිත් අයට කියන්නම් කිව්ව. Tae oppaට ඒ වෙලාවට ක්ලාස් එකක තියනවා. ඒ නිසා එයාට අහුවෙන්නෙ නෑ."

Yeri :" අයියෝ.. මට එවෙලෙට වැඩක් තියනවා...   මිස්ට ලී මට එන්න කිව්ව එසයිමන්ට් වගයක් ඉවර කරන්න ඕන කියල. කමක් නෑ ඔයාලා කතා කරගන්න. මං රෑට අහගන්නම්. මේ ඒක නෙවෙයි මතක් කරල Eun Hee යි Hye Woo යි දිහා ඇහැ ගහන් ඉන්න. නැත්තම් අර අසරණ කොල්ලො දෙන්නව මරන් කයි 😂."


ඒ කතාවට නම් දෙන්නටම හිනා. ඒත් මොන මොන කතා කිව්වත් Yeriගේ හිතේ අමුත්තක් තිබුනා. ඒක ඉරිසියාවක් වත් සැකයක් වත් කියල කියන්න පුළුවන් ෆීලින් එකක් නෙවෙයි. Yeri ජංකුක්ව වගේම Soo Yun වත් ගොඩක් විශ්වාස කරා

Promise [Completed]Where stories live. Discover now