03

333 67 65
                                    


ජංකුක්ගෙ bday එක තිබුනෙ හෙට‍. පාටියෙ අමාරුම හරිය තිබුනෙ ගෑනු ළමයින්ටනෙ. කට්ටිය ඉතින් හෝ හෝ ගාලා වැඩ. වෙනදට cake එක කඩෙන් ගත්තට මේ පාර cake එකක් හදන්න තමයි කට්ටියගෙ යෝජනාව වුනෙ. ඉතින් Ha Yeri, Soo Yun, Hye Woo, Eun Hee නිවාඩු පාඩුවෙ පොඩි shopping පාරක් දැම්මා.Hye Woo & Ha Yeri දෙන්න cake එකට ඕන බඩු ටික ගන්න අතරෙ Soo Yun & Eun Hee දෙන්න decorations වලට ඕන කරන බඩු ටික ගත්තා. කිව්වට මොකද කට්ටියම මේ වැඩ්ඩො වගෙ රවුම් ගහන්නෙ Hye Woo ගෙ car එකෙන්.

Soo Yun වයි Eun Hee වයි ගෙවල් වලට අැරලවල Hye Woo කෙලින්ම drive කරේ Ha Yeri ලගෙ ගෙදරට. Hye Woo ට නම් කොහොමත් Yeri ගෙ ගෙදර එයාලගෙ ගෙදර වගේ තමයි. කොහොමත් කට්ටිය sleepovers වලට මාසෙකට සැරයක් හරි අනිවාරෙන්ම Yeri ලගෙ ගෙදර set වෙනවම තමයි. එදාට ඉතින් ගෙදර විනාසයි😂😂😂😂. Hye Woo ත් ඉතින් සුපුරුදු පරිදි අදත් Yeri ගෙ කාමරේ බදු ගන්න තමයි ලෑස්තිය. car එකත් garage එකට දාලා බඩු බෑග් දෙකත් උස්සන් ගේ අැතුලට ගියා. මහන්සි නිසා wash දාලා දෙන්නත් එක්ක sofa එකට පැන්නෙ 4n දෙකත් අරගෙනමයි. shopping කරල ඉවර වෙලා බඩු බෑග් දෙකක් අරං ගෙදර අාවට cake එක හදන්න ඕන කරන බඩු තිබුනේ එක බැග් එකක විතරයි මිත්‍රවරුනි 😊😂. අනිත් බෑග් එක පුරවලා තිබුනේ මහා පරිමාන snacks තොගයකි.😂 cake හදන්න වැඩ්ඩො වගේ බඩු උස්සන් අාවාට හදන cake එක මොන ජාතියේ එකක්ද? මොන design එකක එකක් හදනවද කියලවත් මේ cake බාස්ලා දෙන්නට කිසිම idea එකක් තිබුනෙ නෑ. ඉතින් අර ගෙනාපු snacks ටිකට වග කියන ගමන් pintrest එක පීර පීර cake decoration ideas හෙව්වා. ජංකුක්ට Music උණ තදටම තිබුනු නිසා එ් ජාතියේ එකක් තමයි දෙන්නත් එක්ක හෙව්වෙ. simple cake styles හම්බුනාට එ් එකක්වත් මේ දෙන්නගෙ හිතට අැල්ලුවෙ නෑ. cake field එකට beginners ලා වුනාට Yeriට ඕන වෙලා තිබ්බෙ මේ birthday එක ජංකුක්ගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන bday එකක් කරන්න. ජීවිතේ හදන අන්තිම cake එක හදනවා වගේ feeling එකක් Yeriගෙ හිතේ හේතුවක් නැතුවම කරක් ගැහුවා. ඉතින් මේ cake එක එයාලට පුලුවන් හොදම විදියට හදන්න තමයි Yeriට ඕන වුනේ. සෑහෙන වෙලාවක් තිස්සෙ හොයල හොයල අන්තිමට Yeri ගෙ taste එකට ගැලපෙන design එකක් හොයාගන්න Hye Woo ට පුලුවන් වුනා. Simple but Classy look එකක් තිබුන එ් cake එක අැත්තටම ලස්සනයි. හවස ඉදන්ම cake mission එක පටන් ගත්තට final outcome එක බලාගන්න පුලුවන් වුනේ මහ රෑ 12ටත් කිට්ටු වෙලා. දෙන්නම හෙන ඉවසීමෙන් වැඩේ පටන් ගත්තට cake එක හදනවට වඩා වෙලා ගියේ කයිය ගහන්න.

සෑහෙන වෙලාවක් කට්ට කාලා cake එක decorate කරල ඉවර කලා. සතුට කියන්නෙ අමාරුවෙන් හරි photo එකේ තිබුන විදියටම හදාගන්න පුලුවන් වුනා.

ඉක්මනට kitchen එකත් අස් කරල cake එකත් පරිස්සමට අරං තියල අායෙම දෙන්නත් එක්ක wash එකක් දාගෙන movie එකක් බලන්න ලෑස්ති වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉක්මනට kitchen එකත් අස් කරල cake එකත් පරිස්සමට අරං තියල අායෙම දෙන්නත් එක්ක wash එකක් දාගෙන movie එකක් බලන්න ලෑස්ති වුනා. බාගයක්වත් ඉවර වෙන්න කලින් දෙන්නටම ඉහල උසාවි වලින් අැමතුම් අාවා. දවසෙම මග අැර අැර ඉඳල මේ පාරත් මග අැරියොත් ලොකු වලියක් යන බව දන්න නිසා film එක මගින් නවත්තලා calls answer කරා. Hye Woo හෙමීට Yeriගෙ කාමරේට රිංග ගත්තා. අනෙ අසරණ Yeri එහෙමම sofa එකට වෙලා ඉදන් ජංකුක් එක්ක කතා කරා.

(අනුන්ගෙ calls අහං ඉන්න එක නරක වැඩක්නෙ. එ් නිසා අපි එ් කෑල්ල skip කරමු...)

හරි නම් මේ call එකේදි Ha Yeri ජංකුක්ට wish කරන්න ඕන.එ්ත් පොතේ හැටියට එහෙම කරන්න බෑ. එතකොට plan කරපු party එක තේරුමක් නැතුව යනවා. එ් නිසා Yeriට මොකුත්ම දන්නෑ වගේ කතා කරන්න සිද්ද වුනා. කෙල්ලටත් වැඩේට upset. එ්ත් ඉතින් මොනා කරන්නද? Yeri විතරක් අනිත් කවුරුවත් ජංකුක්ට wish කරේ නෑ.

________________________________________

Hi Hi මිත්‍රවරුනී...

කලින් චැප්ටරේට වඩා මේ චැප්ටරේ සෑහෙන කොටයි (50% විතර) කියල මං දන්නවා. ඒ පිලිබදව මාගේ සාතිශය සංවේගය. මං තවමත් ජීවතුන් අතර සිටින බව දැන්වීමට කතාව අප්ඩේට් කලෙමි.

Slow updates වලට සමාවෙන්න. Busy නම් නෑ.. ඒත් type කරන්න තරම් mood එකක් තිබුනෙ නෑ මේ ටිකේ.. ඇත්තටම sorry ඒකට. මේ ටිකේ මම නිකං zoned out වෙලා වගේ..

මට ඇත්තටම දැනගන්න පුළුවන් ද මේ කතාව ඔයාලට feel වෙනවද කියල... මට හිතෙන්නේ මේක බෝරිං කියල. ඔයාල මොන දෙයක් කිව්වත් මං තරහ නෑ හොදේ. ඉතින් ඇත්තම කියන්න. බය වෙන්නෙපා මං මේක කීයටවත් unpublish කරන්නෙ නෑ.

මං පුලුවන් ඉක්මනට මේක update කරන්නම්. yoonshinsu01 thanks chingu for being there with me asking to update and all .. and teasasi thank you too..

දැන් ඉතින් කියමුකෝ බලන්න මේ වෙලාවෙ jungkook මොනව හිතනව ඇතිද කියල....

I 💜 U
#stay_safe
#stay_gold

Promise [Completed]Where stories live. Discover now