02

378 72 59
                                    

Jungkook's POV
 
ඇත්තටම මොකද්ද Ha Yeri ට අද වෙලා තියෙන්නෙ. කොච්චි කරලක් තමයි. පොඩ්ඩක් ලූස් කියලත් දන්නවා ඒත් අද උදේ ඉදලම ඇයි එයා එහෙම හැසිරෙන්නෙ.. අද නෙවෙයි ඊයෙ ඉදලම මෙහෙමයි..  මොනාද එයා එච්චරටම මගෙන් හංගන්නෙ. අපි අතරෙ කවදාවත් රහස් තිබිල නෑනේ.. Ha Yeri මොනාහරි වැරදි දෙයක් වත් කරනවද? නැත්තම් is she cheating on me? Yaaaaaaaaahh ජංකුකා.. තමුසෙ මොනාද ඕයි මේ හිතන්නෙ? Ha Yeri ගැන තමුසෙ තරම් දන්න වෙන කෙනෙක් නෑ කියල තමුසෙ දන්නවනේද? විකාර නොහිත හිටපන්.. වෙලාව ආවම හැමදේම කියන්නම් කියල ඒ කෙල්ල කිව්වා නේද?

ජංකුක් ඔන්න ඔය විදියට කල්පනා සාගරේක ගිලිල හිටියෙ ඒ වෙච්ච දේ නිසා. ජංකුක් කියන්නෙ හැමවෙලේම සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක් වුනත් සමහර දේවල් ගැන එයා හිතන්න ගත්තම එයාම නිගමන අරන් ඒව ගැන හිත හිත ඉන්න තැනටම පත් වෙනවා. විශේෂයෙන්ම එයා ආදරේ කරන අය සම්බන්ධ දේවල් වලදි.

Lunch වෙලාවෙදි කට්ටයම ඉක්මනට කාලා එයාලගෙ "තිප්පල" ට ගියා. මේකට ඇත්තටම තිප්පල කියන වචනෙම තමයි හරියන්නෙ. ඒක ඇත්තටම ඉස්කෝලේ කොනකට වෙන්න තියන classroom එකක්. ඒ පරණ බිල්ඩිමට වැඩිය කවුරුත් යන්නෙ නෑ.. ඒ නිසාම තමයි මේ සෙට් එක ඒ classroom එක සෙට් කරගෙන තියෙන්නේ. කොටින්ම කිව්වොත් ඉස්කෝලෙ ගුරුවරු පවා ඔය ක්ලාස් රූම් එකට දැන් කියන්නෙ "හත් කට්ටුවෙ කාමරේ" කියල. ලොකු අවුලක් නෑ කට්ටිය ඒක තමන්ට ඕනෙ විදියට හදාගෙන තියෙන්නෙ. හදිසියකට කියල කෑම බීම එහෙම පැක් කරල තියෙන්නෙ. ඇටෑච් බාත්රූම් එකයි බෙඩ්රූම් එකයි විතරයි අඩුවකට තිබ්බෙ. අනේද කියන්නෙ ගුරුවරු එයාලගෙ off වෙලාවට staffroom එකේ ඉන්නව වගේ මේ සෙට් එකත් හිටියෙ මෙතන. හදිසියේවත් මේ සෙට් එකෙන් එක්කෙනෙක් හරි අඩු වුනොත් එයාව හොයාගන්න තැන් හතරක විතරයි හොයන්න ඕන. 1) cafeteria එක 2) ground එක 3) washroom එක 4) හත් කට්ටුවෙ කාමරේ.. ඉස්කෝලෙ චන්ඩියො ටික වුනත් වාත නොවී ඉන්න නිසා කවුරුත් එයාලට කරදර කරන්න ගියේ නෑ. මේ කල්ලියට අර ගෑනු ලමයි හතර දෙනත් අදාලයි හොදේ..

Ha Yeri යි කුකියයි එහාට යනකොටත් ජිමින් & යුන් හී යි හෝ සොක් , නම්ජුන් , ජින් එතනට ඇවිල්ල හිනාවෙවී බර කයියක හිටියේ.. එයාල ඇවිත් ටිකකින් Soo Yun & Taehyung ආවා. ඔය ඔක්කොටම පස්සෙ තමයි යුංගි & Hye Woo ආවෙ. හැබැයි ඒ දෙන්නා රව රව තමයි හිටියේ.

Promise [Completed]Where stories live. Discover now