07

296 57 25
                                    

Yeri's POV
මේ කතාව කලින් කිව්වද කියල නම් මතක නෑ. ඒ නිසා දැන් කියන්නම්. ජංකුක්ට විතරක් නෙවෙයි මටත් ඉන්නව කල්ලියක්. ඒක සිව් පුද්ගල කල්ලියක්. මම, Hye Woo ,Eun Hee & Soo Yun තමයි මේ කල්ලිය.  කොහේ ගියත් අපි හතර දෙනා එකට. කරපු පිස්සු වැඩ ගැන කලින් කිව්වනේ... මොන වැඩේ තිබුනත් අපි හතර දෙනා රෑට කයියක් ගහනවාම තමයි. "Girls...nah... bishes😂" තමයි අපෙ gc එකේ නම.. මේ දවස් වල ජංකුක්ගෙ ප්‍රශ්නෙ නිසා ස්ට්‍රෙස් වෙලා ඉන්න මට මගේ යාලුවො ටිකවත් ලඟ ඉන්න එක මාර වටිනවා... ඒත් අනේ මංදා කට්ටියගෙ ග්‍රහයො මාරු වෙලාද මංද...  Soo Yun ත් මේ ටිකේම මොකද්දෝ අවුලක... ඇහුවම මොකුත් නෑ කියනව.. ඒත් Tae Hyung oppaට නම් එයා මොකුත් වෙනසක් පෙන්නන්නෙ නෑ... Eun Hee...  Jimin oppa එක්ක වෝටර් පාක් ගිහින් Jimin oppa ලිස්සල වැටිල කකුල මොකක්ද වෙලා බට්ට පැන පැන තමයි ඇවිදින්නෙ😂... ඒ අස්සේ Hye Woo ... Yoongi oppa ට ඇවිදින්න යන්න කතා කරල "අර ජිමින වගේ අතක් පයක් කඩාගන්නවට වඩා ගෙදරට වෙලා නිදාගන්න එක වටිනව" කියල කිව්ව කියල ඒ ඩබල එහෙන් වලි... අනේ කාලෙ වනේ වාසේ මෙව්ව කොහෙන් ඉවර වෙයිද දන්නෙ නෑ...

ඔන්න ඉතින් දවසක් රෑ අපි සෙට් එකම gc එකේ චැටක් දාගෙන ඉන්නකොට මට එකපාරටම මතක් වුනා Tae Hyung oppa ගෙ බර්ත්ඩේ එකත් ළඟදිම එනවනේ කියල.... Soo Yun අවුලෙන් නිසා කලින්ම මතක් කරල පාටියක් ප්ලෑන් කරන්න හිතන් මං එයාට ඉන්බොක්ස් කතා කරා... මට ඕන වුනේ එයාගෙ හිත හදන්න...

Yeri : " Soo Yun~ah... මොකද කරන්නෙ?"

Soo Yun : " මොනා කරන්නද අප්පෙ... මං මේ අර පිටසක්වල ජීවියා මැසේජ් එකක් දානකම් බලං ඉන්නවා... ඒක නෙවෙයි මොකද මේ නෝනයි මහත්තයයි එකම වෙලාවට මාත් චැට් කරන්නෙ?"

Yeri : " ඈ... මොන නෝනයි මහත්තයයි ද? "


Soo Yun :" අනේ මෙහෙමත් මෝඩියෙක්... ඔයයි ඔයාගෙ යස්ස පැටියයි. දෙන්නම එක වෙලාවෙ මට මැසේජ් දානවනේ... ඇයි බොල තොපි දෙන්න කතා කරන්නෙ නැද්ද...?

Yeri : "ආ.. අපි දෙන්නද... නෑ නෑ.. අපිත් මේ කතා කරන ගමන්...ආ මේකේ battery law අනේ.. මං යනව හොදේ.. හෙට කතා කරමු...bye..."

එක පාරටම Soo Yun කියපු දෙයින් මං ගොඩක් ෂොක් වුනා. මොකද එයා දැන් සෑහෙන වෙලාවකට කලින් තමයි මහන්සියි කලින්ම නිදාගන්න ඕනෙ කියල ගියේ. ඒත් මේ මහ රෑ වෙලත් Soo Yun එක්ක චැට්... ඇයි ජංකුක් ඔයා මාව මෙහෙම මගාරින්නෙ? 😢😢😢😢😢😢😢

පහුවදා ඉස්කෝලෙ දවසක් නිසා කට්ටියම ඉස්කෝලෙදි සෙට් වුනා.. EunHee ටයි Hye Woo ටයි උදේම තිබ්බෙ English නිසා ඒ දෙන්නා ක්ලාස් එකට ගියා.. අර සෙට් එක මියුසික් සර් ඇවිත් එක්කන් ගියා. අන්තිමට ඉතුරු වුනේ මායි Soo Yun යි විතරයි. අපි දෙන්නට ඉස්සෙල්ලාම තිබුනෙ history... විෂය කෙසේ වෙතත් ඒක උගන්නන මිස් Byun ව අපි දෙන්නටම පේන්න බෑ. ඒ නිසා අපි ඒක කට් කරන්න හිතාගෙන cafeteria එක පැත්තට ගියේ මොනාහරි කනගමන් කයියක් ගහන්න හිතාගෙන...

Yeri : " මේ ඒක නෙවෙයී... ඊයෙ මං නැති අතරෙ ඔයයි කුකියි මොනාද කතා කරේ...?"

Soo Yun: "හහ්... මෙන්න වැඩක්.... අපි කතා කරපුව ඔයාට මොකටද?"

Yeri : " yaaaaaaaaahh... soooooo yuunnn~~~~~aaaaahhhhh"

Soo Yun : " අපෝ මේකිගෙ ඉරිසියාව බලහන්කො.. 😂😂. නෑ නෑ බං... විශේෂ මුකුත් නෑ... හැමදාම වගේ මගේ හිත හැදුවා...එච්චරයි "









________________________________________

Author's Note...

Annyong...Wooki Kookies....
ඉස්සරවෙලා හැමෝටම සොරි ටික දවසක් අප්ඩේට් නොකරපු එකට. මං කලින් චැප්ටර් එකේදි කිව්වා බටර් එන්න කලින් කතාව ඉවර කරනවා කියල. ඒත් දැන් මට ඒක ෂුවර් කරන්න බෑ හොදද. අන්තිම අප්ඩේට් එක දුන්න දවසට පහුවදා (04) ඒ ලෙවල් රිසාල්ට් ආවා. එක්සෑම් එක පාස් වුනත් කැම්පස් යන්න මදි. ඒ හින්ද මං ආයෙ කරනවා. ඒකයි බටර් එන්න කලින් මේක ඉවර කරන්න බැරි වෙයි කියල කිව්වෙ. ඒක නිසා මට වැඩිය කතා කියවන්න වෙන්නෙත් නෑ. සොරි හැමෝටම. ඔයාලා මාව තේරුම්ගනී කියල හිතනවා.  මේ කතාව මං අප්ඩේට් කරන්න කල් ගත්තා වැඩියි. ඒ නිසා මං පුලු පුලුවන් වෙලාවට දාන්න බලන්නම්. ඒනිසා තරහ වෙන්න එපා..කතාව බෝරින් වගේනම් සමාවෙන්න...මටත් තේරෙනව මේක මෙලෝ රහක් නැති බව..

I 💜 U
#stay_safe
#stay_gold.

Promise [Completed]Where stories live. Discover now