06

302 58 32
                                    

***ට්‍රිප් එක ගිහින් ඇවිනුත් මාස ගාණකට පස්සෙ***

Yeri POV

මෙච්චර කාලයක් අපේ ජීවිත හරි ලස්සනට තිබුණා. අනේ මංද මේ මට දැනෙන හැටිද කියල.... ඒත්.... ඒත්... ජංකුක් ටිකක් වෙනස්. ඉස්සර වගේ නෙවෙයි. හැමදාම මිනිස්සු එක විදියට ඉන්නෙ නෑ කියලත් මං දන්නවා. ඒත්... අනේ මංද... මේ ළඟදී ඉදලා හරිම අමුතුයි. 😢😢😢. මාත් එක්ක කතා කරන්නෙත් නෑ. පොඩ්ඩ ඇත්තන් කේන්ති යනවා. හරියට මං වැරැද්දක් කරා වගේ කොයි වෙලාවෙත් මාත් එක්ක බුම්මගත්ත ගමන්මයි. මට හිතෙන්නෙම එයා ඉන්නෙ මොකක්හරි ප්‍රශ්නෙක කියල. ඒත් අනේ මංද මම කොච්චර කොහොම ඇහුවත් මුකුත් කියන්නෙත් නෑ. එක්කො කතාව පට ගාලා මාරු කරනවා. එහෙමත් නැත්නම් මට රවල ගස්සල යනවා. මං දැනුවත්ව නම් එයාට කිසි වැරැද්දක් කරල නෑ කියල දිවුරන්නම්. ඒත් අනේ මංද... අද ඊයෙක නෙවෙයි දැන් සති ගාණක ඉදන් තමයි මට එයාගෙ මේ වෙනස තේරෙන්නේ... මීට කලින් කවදාවත් මෙයා මෙහෙම හැසිරෙනව මං කවදාවත් දැකල නෑ. එයාගෙ gf වෙන්න සෑහෙන කාලෙකට කලින් ඒ කියන්නෙ චූටිම කාලෙ ඉදල අපි දෙන්න හොදම යාලුවො. වෙනදට මොන ප්‍රශ්නයක් ආවත් ඉස්සෙල්ලම දුවගෙන ඇවිත් කියන්නෙ මට. එයාට මොන ප්‍රශ්නයක් ආවත් අපි ඒ හැමදේටම උත්තර හෙව්වා. ඒත් මේ පාර... මේ පාර එයාට මොනා වෙලාද කියල එයාම විතරයි දන්නෙ. එයාගෙ යාලුවෝ එක්ක ඉන්න වෙලාවට දත් 32 ම එලියෙ දාන් හිනාවෙලා කතාව... ඒත් එයාගෙ සේරම කැටයම්  දාන්නෙ මට..එයා දැන් ඉන්නෙම එයාගෙ යාලුවො එක්ක. මං එක්ක කතා කරන්නෙම නැති තරම්. මට මේක ඇත්තටම දැවෙන ප්‍රශ්නයක්. ඒත් එයා එක්ක  කතා කරාට මට මුකුත් කියන්නෙ නෑ. හරියට නිකන් වැඩිපුර කතා කරොත් මොනාහරි රහසක් එලි වෙයි වගේ.. වැ~වැරදිලාවත් එයාට වෙන කවුරුහරිවත් ඉන්නවද??... yaaaaahhhh... Ha Yeri... මොංගල් කතා කියන්නෙපා.. දේවල් මේ විදියටම වුනොත් මට පිස්සු හැදිල තමයි නවතින්නෙ. 😢😢😢😢😢😢😢😢😢😢

ටික දවසක් මං ඔහොම බලන් හිටියා. ජංකුක් එන්න එන්නම වෙනස් වුණා මිසක් කවදාවත් හිටපු තත්වෙට ආවෙ නෑ. මට බයෙත් බෑ. ඕනෙ දෙයක් වෙද්දෙන් කියල මං එයාව දවසක් ඉස්කෝලෙදි අල්ල ගත්තා. ආයෙ වචනයක් වත් කියන්න  කලින් එහෙමම එයාවත් ඇදගෙන දිව්වෙ rooftop එකට. Rooftop එකට ආපු ගමන්ම ජංකුක් මගේ අත ගසල දැම්ම..

Promise [Completed]Where stories live. Discover now