Chapter 01🔥

7.8K 638 100
                                    

"අනේ කුක්ලට් මටනම් බෑ ආයේ පාරක් ඕක කරන්න"

"ඔහ්හ් මොකද්ද ජෝ... චෙබල් මේ පාර විතරයි"

ජන්ග්කුක් එයාගෙ කලුබෝල ඇස් ලොකු කරගන ඉයුන් ජෝ දිහා බැලුවෙ එහෙම කලාම ඉයුන් ජෝ නිකම්ම වැඩේට කැමති වෙනවා කියලා දන්න හින්දා.. ඉයුන් ජෝ ඔරවගන අහක බලාගත්තත් ජන්ග්කුක් ඒ මූනට එබුනේ බනී දත් දෙකත් එලියෙ දාගනමයි..

"ආයිශ්.. හරි හරි! හැබැයි මේ පාර විතරයි කුක්ලට් ඕකේ??"

ඉයුන් ජෝ එහෙම කිව්වාම ජන්ග්කුක් ගෙ මූනෙ මලක් පිපුනා වගේ හිනාවක් ඇදුනා..දත් ටිකත් විරිත්තගෙන ජන්ග්කුක් ඉයුන් ජෝ ගෙ මූන මිරිකුවත් ඉයුන් ජෝ නම් තාමත් හිටියෙ රවාගන..

"ජෝ අන්න එනවා! යොගිවා"

ජන්ග්කුක් ටක්ගාලා ඉයුන් ජෝ ගෙ කරට අත දාගන එයාව තමන් ලගට ඇදලා ගත්තා... ඊටපස්සෙ ඉයුන් ජෝ ගෙ ඔලුව බලෙන්ම වගේ උරහිසට තදකරගත්තා..

ඉයුන් ජෝ pov

"හැබැයි කුක්ලට් කලින් පාර වගේ මගෙ කොන්ඩෙ එක කෙස් ගහකට හරි මොනාහරි උනොත් මං ඔයාගෙ ඔය දිගට තියන කොන්ඩෙ ගහෙන් ගහට ගලෝනවා!!"

කුක්ලට් ගෙ උරහිසට ඔලුව තියාගනම මං ඇහෙන නෑහෙන ගානට එහෙම මැතිරුවෙ කලින් මෙයාගෙ යොජාචින්ගු වගේ රගපාන්න ගිහින් ඒ කෙල්ල මගේ කොන්ඩෙන් ඇදලා ගත්ත පාර කොන්ඩෙන් බාගයක්ම ගැලවිලා ඒ කෙල්ලගෙ අතේ හිට්ට එක මතක් වෙලා..

ඒකෙ වාඩුව විදියට මං බ්‍රෑන්ඩඩ් ශැම්පෝ බෝතල් දෙකකුයි කන්ඩිශනර් බෝතලේකුයි, කෙරටීන් ට්‍රීට්මන්ට් එකකට ගිය වියදමයි ඔක්කොම කුක්ලට් ගෙන් ගත්‍තා වුනත් ආයෙ පාරක් මගෙ අහිංසක කෙස්ගස් ටික ගලෝගන්න මට වුවමනාවක් තිබුනෙ නෑ..

"අපෝ හරි හරි ජෝ.. දැන් කටවහගන්නකෝ අන්න කෙල්ල එනවා!"

කුක්ලට් එහෙම කියලා තව ටිකක් මාව එයා ලගට තදකරගත්තා.. විනාඩියක් වත් ගියෙ නෑ කොටට කොටේ ඇදගත්ත කෙල්ලෙක් අපි ඉස්සරහින් හිටගත්‍තා..

මං හිටියෙ කුක්ලට් ගෙ උරහිසට ඔලුව තියාගන හින්දා මගෙ ඇස් මට්ටමට පෙනුනෙ කෙල්ලගෙ කකුල් දෙක විතරයි.. සෑහෙන්න උඩට යනකල් නූල් පොටක්වත් නෑ.. මං සෑහෙන්න ඇස් උඩට ගෙනිච්චත් මට ඇදුමක් නම් පෙනුනෙ නෑ..

අග්නි✔️Where stories live. Discover now