Chapter 07🔥

2.4K 535 65
                                    

අග්නි🔥
Chapter 07

වා!! කුක්ලට් පිස්සෙක් වගේ හිටියට කාමරේ මාර පිලිවෙලයි නෙ.. මං ෆයිල් එකත් පපුවට තුරුල් කරගන වටපිට බලන ගමන් හිතුවේ.. ඇත්තටම කාමරේ පුදුම තරම් පිලිවලට තිබ්බා..

වැරදිලා වෙන කාගෙ හරි කාමරේකට ඇවිත්ද කියලා එක තප්පරේකට සැකයක් ආවත් ඒ සැකේ නැතිවුනේ කාමරේ හැමතැනම තිබ්බ එක එක සයිස් ඩම්බලුයි මිනි ෆ්‍රිජ් එකක් පිරෙන්න තිබ්බ බනානා මිල්ක් බෝතල් ටිකයි හින්දා..

කාමරේ සුවදයි.. ඒ සුවද නිකන්.. අනේ මන්දා..  ගාර්ඩ්නියා මල් සුවද වගේ... නෑ නෑ... ෆ්‍රීසියා මල් සුවද!!

මොන මලක් හරි.. කුක්ලට් ආවොත් මට මල් පෙන්නයි..

එහෙම හිතලා මං ෆයිල් එක පරිස්සමට කුක්ලට් ගෙ රාජකීය ඇද උඩින් තිබ්බා.. මං කලින් ම ෆයිල් එකේ ඉස්සරහින් "මියානේ කුක්ලට් " කියලා ලියපු කොල කෑල්ලක් ඇලෙව්වා.දැන් මොන දුශ්ටකම කලත් ඉස්සර මගෙ තනියට හිටියෙ එයානෙ.. ඉතින් එදා මං කියපු දේවල් ඒතරම් හොද නෑ කියලා මං තනියම කල්පනා කරද්දි මට තේරුනා

මං ෆයිල් එක ඇද උඩින් තියලා ඒක ආදරෙන් අතගාලා ෆයිල් එකට විරිත්තලා ආයෙ හැරුනේ කුක්ලට් එන්න කලින් කාමරෙන් එලියට යන්න ඕනි හින්දා..මට දීලා තියන කාමරේ මේකට වඩා ටිකක් පොඩි.. මේකෙන් එලියට යන්න හිතෙන්නෙත් නෑ.. ඒත් මොනා කරන්නද.. මං දොර ගාවට යන්න හැරෙනකොටම එකපාරට වොශ් රූම් එකේ දොර ඇරුනා.!

මගෙ කකුල් ගල් වෙලා වගේ මට දැනුනෙ.. පපුවත් හාරසිය ගානට ගැහෙනවා..  දුවලා ගියානම් මට යන්නත් තිබ්බා.. ඒත් බයවුන පාර මට කරන්න දෙයක් හිතාගන්න බැරිවුනා..

වොශ් රූම් එකේ ඉදන් එලියට ආවෙ කුක්ලට් !!ඔලුව පහත් කරගන කොන්ඩෙත් ගස ගස ආව හින්දා එයා මාව එකපාරටම දැක්කෙ නෑ.. ඒත් මං නම් දැක්කා.. ටවල් එකත් යන්තන් ගැටගහගන.. මුලු ඇගේම වතුර බේරෙනවා.. ඒ ඇග!!!!

 ඒ ඇග!!!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අග්නි✔️Where stories live. Discover now