chapter Trigger 😁🔥

1.9K 432 67
                                    

අග්නි🔥
Chapter Trigger

"අන්ද්වේ... ජෝ.. ජෝ... නැගිටින්න.."

ජන්ග්කුක් ඉයුන් ජෝ ව හයියෙන් හොලවන ගමන් කෑගැහුවේ ඇස් දෙක පියාගන කිසිම චලනයක් නැතුව ඉන්න කෙල්ලගේ මූන දිහා බලාගන...

"ජෝ... කිව්වාම නැගිටිනවා!! මං දිහා බලනවා.. ඔයාගෙ කුක්ලට් ආවා.. ඔහොම ඉන්නෙපා චෙබල්!!"

ජන්ග්කුක් ගේ කෑගැහිල්ල එන්න එන්නම වැඩිවුනත් ඉයුන් ජෝ ඒ හඩට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නෑ.. කෙල්ල හිටියෙ ජන්ග්කුක් ගේ ඔඩොක්කුවෙ..

"ජන්ග්කුකා... හජිමා!!!"

යුන්ගි ඇවිත් ජන්ග්කුක් ගේ පිටිපස්සෙන් තදකරලා බදාගත්තේ ජන්ග්කුක් කිසිම පාලනයක් නැතුව එකදිගටම ඉයුන් ජෝ ව හොලවන ගමන් කෑගහන්න ගත්ත නිසා..

"හ්‍යුන්.... ආහ්.. මෙයාට කියන්න ඇස් අරින්න කියලා.. ජෝ.. නැගිටිනවා.. තමුසෙට මෙහෙම ඉන්න බෑ..!!!"

ජන්ග්කුක් තවත් හයියෙන් කෙල්ලගෙ නිසල ශරීරේ හෙලෙව්වෙ හිතාගන්නවත් බැරි වේදනාවකින් කෑගහන ගමන්මයි

"ජන්කුකා....."

ටේහ්‍යුන් ජිමින් දෙන්නම දුවගන ඇවිත් ජන්ග්කුක් ව බදාගත්තා.. ඒත් ජන්ග්කුක් හිටියේ ඔඩොක්කුවෙ තියාගන ඉන්න කෙල්ලව තදකරලා අල්ලගන.. හරියට කවුරුහරි උදුරගයි වගේ..

"ආයිශ්... ජෝ!!! ඉයුන් ජෝ!!! ඉලොනා චෙබල්... අහ්.. චෙබල්.."

ජන්ග්කුක් ගේ කෑගැහිල්ල ඉකිබිදීමක් උනේ අයියලා හයදෙනාවම අඩවන ගමන්මයි.. කරගන්න දෙයක් නැතුව නම්ජූන් අසරන ඇස් වලින් ජන්ග්කුක් දිහා බලාගන ඉන්නකොට හෝසොක් ජින් ව බදාගන අඩන්න ගත්තේ මේ වෙන දේවල් බලාගන ඉන්න බැරි නිසා..

"ජෝ!!!! හ්‍යුන් නැගිටින්න කියන්න මෙයාට.. ජෝ!! හ්‍යුන්...අනේ ඔයා කියන්න මෙයාට නැගිටින්න කියලා..ජෝ... ඉයුන් ජෝ!!!!!!"

ජන්ග්කුක් ඉයුන් ජෝ ව උරහිසෙන් උස්සලා අරන් පුලුවන් තරම් හයියෙන් හෙලෙව්වෙ කෙල්ලගෙ බෙල්ල පණ නැතුව බිමට බරවෙලා තියෙද්දි..

"ජන්ග්කුක් ඕක නවත්තනවා!!!!!!!"

යුන්ගි එකපාරටම ජන්ග්කුක් ගේ කම්මුලට පාරක් ගැහුවේ  අඩ අඩමයි...
To be continued...
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

හායි ලමයි.... පොඩ්ඩක් trigger  කරලා යන්න ආවේ ඔයාලව
🙂❤️‍🔥

අග්නි✔️Where stories live. Discover now