Chapter 02🔥

2.8K 552 60
                                    

ඉයුන් ජෝ pov

ඊයේ කුක්ලට් එක්ක තරහ වෙලා අපාර්ට්මන්ට් එකට ආවට මොකද අන්තිම ලෙක්චර් එක කට් කරපු එක ගැනනම් මගෙ හිතේ පොඩි දුකක් තිබුනා.. මොකද ඒ ටික අහගන්නවත් මට කෙනෙක් නෑනේ.. කුක්ලට් නම් කීයටවත් ලෙක්චර් එකකට ඉන්න මනුස්සයෙක් නෙවෙයි හින්දා එයා ගැන බලාපොරොත්තු තියාගන වැඩක් නෑ...

අද ලෙක්චර්ස් මුකුත් නැති හින්දා මං ගෙදරටම වෙලා හිටියා.. අනාථ මට කොහෙන්ද අපාර්ට්මන්ට් එකක් කියලද බැලුවේ... මං අනාථ වුනාට දුප්පත් නෑ.. මගෙ හල්මොනි මැරෙන්න කලින් මට එයාගෙ හැමදේම ලියලා දීලයි මැරුනේ.. ඔම්මා අප්පා කව්ද කියලා මං දැකලා නෑ...මං හම්බෙන්න ඔන්න මෙන්න ඉද්දි තමයි ඒ දෙන්නම මාව තනිකරලා ගිහින් තිබුනෙ.. හල්මොනි කිව්වෙ එහෙමයි... ඒත් මං දුක් වුනේ නෑ.. මොකද හල්මොනි මට අඩුවක් කලේ නෑ කවදාවත්..

ඒත් එයත් මාව දාලා ගියාමයි තනිකම කියන දේ මොකද්ද කියලා මං දැනගත්තෙ..අද මං මේ අපාර්ට්මන්ට් එකේ තනියම ජීවත් වෙනවා.. වැඩකරන්න අජුම්මා කෙනෙක්වත් මං ගෙන්නගත්තෙ නැත්තෙ මට මේ තනිකම හොදයි කියලා දැනුන හින්දා....




.
.
.
.
.
.









අද කුක්ලට් ගෙ උපන්දිනේ... ඒත් මං විශ් කරලා මැසේජ් එකක්වත් දැම්මෙ නෑ.. අඩුම එයා ගත්ත කෝල් එකක්වත් මං ආන්සවර් කල් නෑ ...මොකද ඔය මෝඩයාව මට්ටු කලේ නැත්තම් ආයෙත් ලැජ්ජ නැතුව කෙල්ලෙක් පටලෝගන අනේ ජෝ චෙබල් මේ අන්තිම පාර ගාගෙන මං ගාවට එනවා.. මගෙ මැරිච්ච හල්මොනි පල්ලා මං නම් ආයෙ කුක්ලට් ගෙ කුනු කේස් වලට යන්නෙ නම් නෑ!!

ගෙදර ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නෙ නෑ.. උදේ නැගිට්ටා වොශ් දැම්මා කෑවා.. ඊටපස්සෙ නිකමට මේල් චෙක් කලා.. ඔය තියෙන්නෙ දිලිසි දිලිසි අලුත් එසයිමන්ට් එකක්!!!!

ඒක කර කර ඉද්දි මට දන්නෙම නැතුව නින්ද ගියා..අමුතු චිරි බිරි සද්දයක් ඇහිලා හිමීට ඇස් ඇරලා බලද්දි

දෙයියනේ හොදටම කලුවර වැටිලා!!!

මුලු ගේම කලුවරයි... ඔව් ඉතින් මං විතරක් ගෙදර ඉද්දි මොන හෝහපුට්ටෙක් ඇවිත් ලයිට් දාලා යන්නද!

අග්නි✔️Where stories live. Discover now