Chapter 14🔥

2.9K 478 72
                                    

අග්නි🔥
Chapter 14

ඇගට දැනුන අමුතුම හැගීමත් එක්ක ඩාශා හිමීට ඇස් ඇරලා බැලුවා.. ඒ ඇස් මුලින්ම දැක්කෙ කෙල්ල දකින්න ආසම දේ..

ජිමින්!

කොල්ලා කෙල්ලව තුරුල් කරගන තාමත් නිදි.. බෝල කම්මුලක් තදවෙලා පිරුණු තොල් දෙක කන්න හිතෙන ගානට පිම්බිලා තියනවා දැක්කාම කෙල්ලට ආස හිතුනා

"ඔයා ඔහොම ඉද්දි මට කන්න හිතෙනවා.."

ඩාශා ඇහෙන නෑහෙන ගානට මුමුණලා ඉස්සිලා කොල්ලගෙ නහයට චූටි හාද්දක් දුන්නා..

"මට එච්චර ආදරෙයිද? ම්ම්ම්ම්"

ජිමින් ඇස් පියාගනම ඩාශා ගෙන් ඇහුවාම ඩාශා ගෙ ඇස් ලොකු උනා..ලැජ්ජාවෙන් මූන රතු වෙද්දි කෙල්ල  දඩ බඩ ගාලා නැගිට්ටා..

"ඔයා.. න්..නිදි නැද්ද?"

"ම්හ්ම්.."

එහෙම කියන ගමන් කොල්ලා ඩාශා ව ආයෙත් ඇදලා අරන් තුරුල් කරගත්තා..

"ඩාශා..."

"ම්ම්ම්ම්ම්?"

ජිමින් මුකුත් නොකියම කෙල්ලගෙ කම්මුලකට හාදුවක් දීලා ආදරෙන් කෙල්ල දිහා බැලුවා..කෙල්ල නම් ලැජ්ජාව වැඩිකමට හිටියෙ අහක බලාගන.. ශීට් එකෙන් වැහිලා තිබ්බට මොකද ඇගේ එක නූල් පොටක්වත් නෑ කියලා කෙල්ලට මතක් උනේ දැන්..

"ච්..චිමී...."

"ම්ම්ම්ම්ම්..මොකෝ"

"වොශ් දාගන්න යන්න දෙන්නකෝ..ගෙදර යන්නත් ඕනිනේ"

කෙල්ල ශීට් එකත් අල්ලගෙනම ඇදෙන් නැගිටින්න හැදුවත් කොල්ලා ටිකක් වත් කෙල්ලව පපුවෙන් ඈත් කලේ නෑ..

"දෙන්නම එකට යන්.."

"කොහෙද?"

"වොශ් කරන්න.."

"අනේ චිමී!!!!!!!"

ඩාශා ජිමින් ගෙ අතට පාරක් ගහන ගමන් කොල්ලගෙ බෙල්ල අස්සෙ මූන හංගගත්තා.. ජිමින් හිනාවෙවීම කෙල්ලගෙ ඔලුව ඉබලා කෙල්ලට නැගිටින්න ඉඩ දුන්නා..කෙල්ල ශීට් එකත් ඔතාගන දඩ බඩ ගාලා ඇදෙන් නැගිට්ටෙ තිබ්බ හදිස්සියට..

"දැන් මං මෙහෙමද ඉන්න ඕනි???"

කොල්ලගේ කටහඩට කෙල්ල එකපාරට හැරිලා බැලුවාම දැක්කෙ සම්පූර්නයෙන්ම නිරුවතින් ඇද උඩ ඉන්න ජිමින් ව.. කෙල්ලට උන්හිටි තැන් අමතක වෙලා ශීට් එකත් එක්කම වොශ්රූම් එක ඇතුල්ට දුවලා දොර වහගන ආයෙම දොර ඇරලා ශීට් එක එලියට දාලා දොර වහගත්තා.. කෙල්ලගේ කෝලම් වලට හිනාවෙවීම ජිමින් ඇදෙන් නැගිටලා බිම තිබ්බ කලිසම ඇදගත්තා..
.
.
.
.
.
.
.
.
.
ඩාශා බාත් රොබ් එකත් ඇදගන හිමීට වොශ් රූම් එකෙන් එලියට ආවා.. කෙල්ල ලැජ්ජාවෙන් වටපිට බලද්දි දැක්කෙ ජිමින් නාන්න යන්න ලෑස්තිවෙලා ටවල් එක පිටින් කෙල්ල දිහා හිනාවෙවී බලාගන ඉන්නවා.. කෙල්ල ජිමින් දිහා නොබලම ඇදුම් ඇදගන්න කබඩ් එක ගාවට ගියා.. ඩාශා ලැජ්ජාවට තමන්ව මගාරිනවා කියලා ජිමින් ට තේරුනා.. කොල්ලා හිතෙන් හිනාවෙවී ඩාශා දිහා නොබලම වොශ් රූම් එකට යන්න දොර ඇරියා..

අග්නි✔️Where stories live. Discover now