Chapter 12🔥

3K 493 71
                                    

අග්නි🔥
Chapter 12

ජනේලෙන් වැටුන ඉර එලිය නිසා ඇස් ඇරගත්තත් ඇගට දැනුනෙ කවදාවත්ම නොදැනුන විදියෙ අමුතුම දෙයක්.. ඇස් ඇරපු තප්පරේම ඊයෙ උන දේවල් එකින් එක මතක් උනේ මගේ මුලු ඇගම හිරිවට්ටන ගමන්..

මුලු කාමරේම ඇස් යවලා බැලුවත් කුක්ලට් පේන්න හිටියෙ නෑ.. ඇගට අමාරු වුනත් මං ශීට් එකත් ඇග වටේ ඔතාගන නැගිට්ටෙ මගේ කාමරේට යන්න හිතාගන... මේ වෙලාවට කවුරුත් උඩ නැති හින්දා කාටවත් පේන්නැතිවෙන්න කාමරේට යන්න පුලුවන් කියලා හිතාගන මං හිමීට දොර ලගට ඇවිදගන ගිහින් දොර ඇරියා..

හෝබි ඔප්පා හෑන්ඩ්ෆ්‍රී එකත් කනේ ගහගන නට නට කාමරේ පැත්තට එනවා.. කලබල උන පාර මං දොරත් එහෙම්ම දාලා දඩබඩ ගාලා ඇවිත් ඇඳ ගාවින් පහත් වෙලා හැංගුනා.. මාව මෙහෙම දැක්කොත් එහෙම වසලා හමාරයි..

හෝබි ඔප්පා එන්නෙ මේ කාමරේට.. දැන් මොකද කරන්නෙ.. කුක්ලට් පෙන්නත් නෑ.. මේ මෝඩයත් කොහෙ ගිහින්ද මන්දා..

අනේ කුක්ලට් එන්නකෝ...

මං කිව්වෙ නෑ හිතුවා විතරයි.. හෝබි ඔප්පා ෆෝන් එක ඔබ ඔබ දොර ගාවටම ආවා..

"ආ හ්‍යුන්... කොහෙද මේ සැරිසරන්නෙ?"

එකපාරටම කුක්ලට් හෝබි ඔප්පාව හරස් කරගන දොර ගාවින් හිටගත්තා.. මං ඇස් දෙක විතරක් උඩ තියාගන වෙන දේ බලාගන හිටියෙ..

"යා.. ජන්ග්කුකා.. මං මේ ඔයාව හොයාගන ආවෙ.. කන්නෙත් නැතුව කැරකි කැරකි ඉදලා ආයේ උඩට ආවේ ඇයි.. ජින් හ්‍යුන් කිව්වා එක්කන් එන්න කියලා.."

"ආහ්.. මං එන්නම් හ්‍යුන් යන්න.. චූ බරක් ආවා අනේ"

"උදේ නැගිට්ට ගමන් පහලට එන්න කලින් ඕවා දාලා එන්නෙපෑ..මොන බරක්වත් පේන්නෑ මටනම්"

"මොනද හ්‍යුන්... චූ බර කියන්නෙ පෙන්න පෙන්න ඉන්න පුලුවන් එකක්යෑ.. මගෙ බොක්ක පුපුරන්න වගේ ආවා ඒකයි මං මේ කාමරේට ආවෙ.."

"එහෙනම් මෙතන ඉන්නැතුව ආපු වැඩේ කරගන්නවා.. මං යනවා ඉයුන් ජෝ ව ඇහැරවන්න.. අනේ මන්දා වෙනදට උදෙන්ම පහලට එන ලමයා අද තාම නිදිද කොහෙද"

කුක්ලට් ගෙ කතා ඇහිලා මට හිනා යන්න ආවත් මං හිනාව කාගන බොහොම අමාරුවෙන් හිටියේ.. අන්තිමට හෝබි ඔප්පා මාව ඇහැරවන්න යනවා කියලා ඇහුනාම තමා මට තරු දෙකක් විසික් උනේ.. දැන් මං කාමරේ නෑ කියල දැනගත්තොත් ඉවරයි..

අග්නි✔️Where stories live. Discover now