chapter 06🔥

2.4K 503 29
                                    

අග්නි🔥
Chapter 06

කුක්ලට්..!

මං ෆයිල් ටිකත් බිම වට්ටගෙන කලබලෙන් නැගිට්ටෙ මොකද වුනේ කියලා හිතාගන්න බැරුව.. එතකොට මං දැක්කෙ ඩේමන් ගෙ කොලර් එකෙන් අල්ලගෙන ඉන්න කුක්ලට් ව.. ඩේමන් ගෙ නහයෙන් ලේ එනවා.. එයත් එකපාරට කුක්ලට් ගේ ශර්ට් එකෙන් ඇදලා ගත්ත පාර ඒ ශර්ට් එකේ බොත්තම් ටික ගැලවිලා ගියා..

Demon

ලමයි ඔක්කොම කටවල් ඇරගන වෙන දේ දිහා බලාගන ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ලමයි ඔක්කොම කටවල් ඇරගන වෙන දේ දිහා බලාගන ඉන්නවා.. සමහරු වීඩියෝ කරනවා.. මාත් තප්පර දෙක තුනක්ම වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව හිටියෙ.. ඒ එක්කම ආයෙත් කුක්ලට් අත මිටමොලවගත්තා.. එයා ආයෙත් ඩේමන් ට පාරක් ගහන්න කලින් මං කුක්ලට් ගේ අතේ එල්ලුනා..

"ක්..කුක්ලට් ඕක නවත්තන්න චෙබල්.. ඇයි මේ?? මොකද්ද වුනේ"

මං අතේ එල්ලිලා පුලුවන් තරම් හයියෙන් කෑගැහුවා..කුක්ලට් අත මිටමොලවගෙනම මරන්න තරම් කේන්තියකින් මගේ දිහා බලලා එකපාරටම මාව තල්ලු කරලා දැම්මා.. මාව බිමට වැටෙනවත් එක්කම වටෙන්ම සූ ගාන සද්දවලුයි හිනා සද්දවලුයි ඇහෙන්න ගත්තෙ මට කියාගන්න බැරි තරම් ලැජ්ජාවක් එද්දි..

"ඉයුන් ජෝ...!"

ඩේමන් මං ගාවට එන්න හදනකොට කුක්ලට් එයාව තල්ලු කරලා දාලා මගෙ අතෙන් ඇදලා අරන් මාව නැගිට්ටෙව්වා.. ඊටපස්සෙ කේන්තියෙන් පුපුරු ගහන ඇස් වලින් මං දිහා බලලා මගෙ බෙල්ලෙන් ඇල්ලුවෙ හිතන්නවත් වෙලාවක් නොතියා .

බෙල්ල ටික ටික හිරවෙනකොට මගෙ ඇස් වලින් කදුලු ආවා.. ඒ තරම් තදට කුක්ලට් මගේ බෙල්ල අල්ලගෙන හිටියෙ.

"යා....ජොන්ග් ජන්ග්කුක් !! ඔය කෙල්ලව මරන්නද හදන්නෙ?"

බිම හිටිය ඩේමන් නහලෙ ලේ පිහිද පිහිද නැගිටලා කෑගැහුවාම කුක්ලට් මගේ බෙල්ලෙන් අත ගත්තත් ඒ ඇස් තප්පරේකටවත් මගෙන් අහකට ගත්තෙ නෑ..

අග්නි✔️Where stories live. Discover now