last chapter🔥 (pt01)

2.3K 487 334
                                    

"අන්ද්වේ... ජෝ.. ජෝ... නැගිටින්න.."

මට කුක්ලට් ගෙ කටහඩ ඇහුනත් ඒ කටහඩට ප්‍රතිචාර දෙන්න මට ඕන උනත් ඒක කරන්න බැරිවුනා..

ජෝ... කිව්වාම නැගිටිනවා!! මං දිහා බලනවා.. ඔයාගෙ කුක්ලට් ආවා.. ඔහොම ඉන්නෙපා චෙබල්!!"

ඇස් ඇරලා ඒ මූන බලන්න මට හොදටම ඕනි වුනා.. ඒත් මට දැනුනෙ මගෙ ඇස් මට අවනත නෑ කියලා.. ඒවා බලෙන්ම පියවිලා.. තවත් මට මාත් එක්කම සටන් කරන්න හයියක් නෑ කියලා මටම තේරුන නිසා මං කිසිම දෙයක් නොකර හිටියා.. එකදිගටම ඇහුන කුක්ලට් ගෙ කටහඩ තවදුරටත් මට ඇහුනෙ නෑ...
________________________________________________

ඒක ලස්සන හීනයක්.. ඇත්තටම හුගක් ලස්සන හීනයක්.. අවසානේ මොනවා උනත් ඒ කතාව ඇතුලෙ මං සතුටින් හිටියා.. කුක්ලට් මගේ හොදම යාලුවා මගේ ආදරවන්තයා උනා.. එයා වගේම ආදරණීය ඔප්පලා හයදෙනෙක්.. හුගක් ආදරේ හිතෙන ඔන්නි කෙනෙක්.. ඒක හීනයක් වගේ උනත් මං ඒ හීනෙ ඇතුලෙ ජීවත් උනා.. තනියම ජීවත් උන මට හුගක් අය මුනගැහුනා.. ආදරේ කලා රන්ඩු කලා.. ඒත් මට තවත් ඇස් පියාගන ඉන්න ඕන උනේ නෑ.. මට ඕනෙ නැගිටින්න..

මං ඇස් අරින්න හුගක් උත්සහ කලා.. ඒත් මගේ ඇස් බරටම පියවිලා.. කොච්චර හිතුවත් මට ඇස් අරින්න බෑ.. ඒත් මං උත්සහ කලා.. මගේ ඇග ඇතුලින් මාව කවුරුහරි පාලනය කරනවා වගේ මට දැනුනේ.. ඒ කෙනා මට ඇස් අරින්න දෙන්නෙ නෑ.. එයා දිගටම මාව මේ හීනෙම තියන්න හදනවා.. ඒත් මං පියවි සිහියට එන්න දරපු උත්සහය දිගටම කලා..

අන්තිමේ මට ඒක කරන්න පුලුවන් උනා.. හුගක් කාලෙකින් නොදැනුන අමුතු ජීවී බවක් දැනෙන්න ගද්දි මං හිමීට ඇස් ඇරියා.. එකපාරටම ආව එලිය නිසා මං ආයෙම ඇස් පියාගත්තේ ඒ එලිය දරාගන්න බැරිවුන නිසා..

මං හුගක් හිමීට ඇස් ඇරියත් අතපය හොලවගන්න මට තාමත් පණක් තිබුනෙ නෑ.. ඇස් අරිනකොට මං හිටියෙ ඇදක් උඩ. හිමීට බෙල්ල හරවලා මං වටපිට බැලුවේ ඉන්න තැන ගැන අදහසක් ගන්න.. ලස්සන කාමරයක්.. සුදු පාට මල් වලින් මුලු කාමරේම පිරිලා.. මං අමාරුවෙන් අත් දෙක වැලමිට ගාවින් නවලා අතට වාරුවෙන ගමන් බෙල්ල උස්සලා නැගිටින්න හැදුවා..

අග්නි✔️Where stories live. Discover now