Last Chapter pt02🔥

3.1K 547 513
                                    

අග්නි🔥
Last chapter pt 02

"ම්..මගේ මැණික..."

මගේ මුන ඒ අත්වලට ගන්න ගමන් ඒ ගෑනු කෙනා අඩන්න ගත්තා.. මං හිටියේ මුකුත්ම හිතාගන්න බැරුව..

මං බයවෙලා කුක්ලට් දිහා බැලුවේ මොකක් කරන්නද කියලා නොතේරුන නිසා.. එයා මං ගාවට ඇවිත් මගේ අතෙන් අල්ලගත්තා..

"ජෝ.... මේ ඔයාගෙ ඔම්මා"

ඒ වචන මට ඇහුනේ හීනෙන් වගේ.. අනාත මට කොහෙන්ද අම්මා කෙනෙක්... ඒකත් මේ ෆීනික්ස් ලෝකේ.. කුක්ලට් කියවන දේවල් ගලපගන්න මට සෑහෙන්න වෙහෙසෙන්න උනා..
නෝවා ඩේමන් මගේ සහෝදරයොලු ඒත් එයාලා ෆීනික්ස්ලා මං මනුස්සයෙක්.. මගේ අම්මා ත් ෆීනික්ස් කෙනෙක්ද.

මං මගෙන්ම ප්‍රශ්න කරන ගමන් ආයෙම මගේ මූනත් අල්ලගෙන අඩන ගෑනු කෙනා දිහා බැලුවා.. දකින ඕන කෙනෙක්ට කියන්න පුලුවන් මං එයා වගේමයි කියලා.. ඒ කියන්නෙ මේ ඇත්තටම මගෙ ඔම්මාද?!

"මිසිස් හ්වන්ග්.. චුට්ටක් ඉදගන්නකෝ.. අපි ඉයුන් ජෝ ට හිමීට පැහැදිලි කරමු"

කුක්ලට් ගේ ඔම්මා ඒ ගෑනු කෙනාගෙ අතෙන් අල්ලගෙන ගිහින් වාඩිකෙරෙව්වා.. මං තාමත් හිටියෙ හුගක් නොසන්සුන්වෙලා..

"ම්..මෙතන මොකද්ද වෙන්නෙ? මෙයා කොහොමද මගේ ඔම්මා වෙන්නෙ? මගෙ ඔම්මා මං පොඩි කාලෙදිම මැරිලා..අනික ම්..මං මනුස්සයෙක් මගේ සහෝදරයො ෆීනික්ස්ලා උනේ කොහොමද? අ.අනික මේ මගේ ඔම්මා නම් එයා මෙහෙ ඉන්නෙ කොහොමද?"

මං මගේ හිතේ තිබ්බ ප්‍රශ්න සේරම එකපාර ඇහුවේ ඉක්මනට හැමදේම දැනගන්න ඕන නිසා..

"හරි මැනික මම කියන්නම්...

කුක්ලට් ගෙ ඔමොනි මගේ අතකින් අල්ලගන්න ගමන් කතාව පටන් ගත්තා..

.... ඔයාගේ ඔම්මා මනුස්සයෙක් උනාට තාත්තා ෆීනික්ස් කෙනෙක්.. එයා තමයි අපේ ලෝක දෙකේ දොරටුවෙ මුල් අයිතිකාරයා.. එයා ඒක හදලා තියෙන්නේ එයාගෙ ෆ්ලේම් උන සේහි කියන යක්ශනී ගෙන් ගැලවෙන්න..එයා මානය විවෘත කරලා පෘථිවියට ගිහින් තමයි ඔයාගෙ ඔම්මාට ආදරේ කරලා තියෙන්නෙ...ඒත් ඔයා පොඩි කාලෙදි සේහි ඔයාගෙ අප්පාව හොයාගන ඔයාගෙ ලෝකෙට ආවා.. එදා තමයි මගේ පැටව් ටිකත් මට නැතිවුනේ.. ඒ යක්ශනී ඔයාව විතරක් එහෙ දාලා ඔයාගෙ මුලු පව්ලම මෙහෙ අරන් ආවා පලිගන්න.. ඔයාව එයාට මගෑරුනා.. අපි හැමෝම ඒ යක්ශ ගෑනිගෙ හිරකාරයො වෙලා හිටියා අවුරුදු විස්සක් ම!"

අග්නි✔️Where stories live. Discover now