Bonus Chapter 🔥

3.6K 490 46
                                    

+ WARNING !🔥
අග්නි🔥
Bonus chapter

Author pov

හෝටලේට යන ගමනේ මගක් දුරට යනකලුත් ජිමින් ඩාශා දෙන්නා අතර එක වචනයක්වත් හුවමාරු වුනේ නෑ.. ජිමින් කලේ ඉස්සරහ බලාගන වාහනේ එලවපු එක.. ඩාශා උනත් හිටියෙ ටිකක් අපහසු හැගීමක.. මීට කලින් කවදාවත් ජිමින් එක්ක තනි නොවුන නිසා ඩාශා හිටියෙ පොඩි තිගැස්මකින්.. ජිමින් ගෙ ආදරේ නොලබා ඕනාවටත් වඩා කල් හිටපු නිසාද මන්දා ඩාශා ට ඒ ආදරේ ලබන්න ඒ උනුහුම විදින්නත් හුගක් ඕනි උනා.. ඒත් මේ වෙලාවේ ඒ හැගීම යටපත් කරගන ඩාශාගේ හිතේ තිබ්බ නොසන්සුන් ගතිය උඩට මතුවෙලා තිබුනේ..

ඩාශා ශටර් එකට ඔලුව තියාගන තරු පිරිලා තියන අහස දිහා බලාගන හිටියේ.. එයාට තේරුනා ජිමින් යන්නේ යන්ම හිතාගන හිටිය තැනට යන පාරේ නෙවෙයි කියලා..

"ම්..මේ ජ්..ජිමින්...."

ඩාශා කොහොමහරි හිත හදාගන ජිමින් දිහා බලලා ජිමින් ට කතා කලා..

"ම්ම්ම්ම්...?"

ජිමින් ඩාශා දිහා බැලුවේ නෑ.. එයා තාමත් ඉස්සරහ බලාගන වාහනේ එලවනවා..

"ම් .. මේ හොටෙල් එකට යන පාර න්..නෙවෙයි නේද?"

ඩාශා සැකෙන් වගේ එහෙම ඇහුවේ ජිමින් ට කේන්ති යයි කියලා හිතේ බයෙන්..

"නෑ.. මුලින් වෙන ගමනක් යන්න තියනවා මට."

ජිමින් ටිකක් සැරෙන් එහෙම කිව්වාම ඩාශා මුකුත්ම නොකියා ආයෙම ශටර් එකට ඔලුව තියාගන එලිය බලාගත්තා.. මේ දේවල් ඩාශා ට පුරුදු උනත් අද වගේ දවසකත් ජිමින් මේ විදියට හැසිරෙන එක ගැන ඩාශා ගෙ හිතේ පොඩි වේදනාවක් තිබුනා..
.
.
.
.
.
.
"ඉලොනා..."

මූනට වැදුන උනුසුමත් එක්ක ඩාශා හිමීට ඇස් ඇරියා.. තමන්ගෙ මුනට එබිලා ඉන්න ජිමින් ව දැක්කාම කලබල වුන පාර නැගිටින්න හැදුව නිසා ඩාශා ගෙ නලල ගිහින්  ජිමින් ගෙ නලලේ වැදුනා..

"ආ...ව්..!"

"ආයිශ්!"

දෙන්නම නලලවල් දෙක අල්ලගන පස්සට උනා.. ජිමින් නලලත් අතගාගනම ඩාශා දිහා රවාගන බලාගන ඉන්නවා දැකපු ඩාශා ඇස් දෙකත් ලොකු කරගන සද්ද නොකර හිටියෙ දැන් ජිමින් ගෙන් හොද බැනුමක් අහන්න වෙනවා කියලා දන්න නිසා..

අග්නි✔️Where stories live. Discover now