NIS -mission 10

1.6K 328 4
                                    

NIS
MISSION 10

ඒ ඇරෙන්න සෑහෙන පිටු ගොඩක කූකිගෙත් කියාගෙත් චිත්‍ර තිබුනා.......ඒවා එකින් එක පිටු පෙරලලා බලද්දි කූකිට අන්තිමට අහු උන චිත්‍රෙ කූකීගේ නිවිලා තිබුනු තරහා ආය මතු කරන්න හේතුවක් උනා..........

ඒ පිටු සම්පූර්ණයෙන්ම කූකිගේ ඩැඩා කියාවයි කූකිවයි වෙන් කරලා මැද්දට ආව විදිහ සිතුවම් වෙලා තිබුනා......කූකිගේ තරහා ඇග පුරා විදුලියක් වගේ දුවද්දි කන්නාඩි මේසේ උඩ තිබ්බ වතුර වීදුරුව පිටින් කූකි එයාගේ තරහා පිට කරගත්තා.

🐰මන් ඔයාට කවදාවත් සමාව දෙන්නේ නෑ ඩැඩා......නෙවර්.........ඔයා ආය කියාට වචනෙකින් හරි බලපෑමක් කරලා තිබුනොත් මගේ ගන් එකේ තියන බුලට්ස් ඔයාගේ පපුව හරහා යවන්න මන් දෙපාරක් හිතන්නේ නෑ..🤧🤧

කූකී හිමීට කෙල්ල ඉන්න කාමරේට ගිහින් එබුනේ කෙල්ලගේ මූන දකින්න තිබුනු ලොකු උවමනාවක් එක්කමයි......ඇදේ පොඩි එකෙක් වගේ ටෙඩියෙක් බදාගෙන නිදාගෙන ඉන්න කෙල්ලගේ මූන දිහා කූකි බලන් හිටියා.....ඇද ලග දනගහගත්ත කූකී එයාගේ අතක් කෙල්ලගේ කම්මුල දිගේ ඇරන් ගියේ පැහැදිලි නැති හැගීම් ගොන්නකින් කොල්ලගේ හිත පිරිලා යද්දි.....

කොල්ලා හිමීට කෙල්ලගේ කිරිගරුඩ පාටට හුරු අත අතගෑවේ ඒ අත් වලට තමන් ඩැඩා කියලා කියන පුද්ගලයා කොච්චරනම් රිදවලාද කියලා දන්න නිසාමයි.....

🐰මියානේ කියා..............මට......ඔයාව පරිස්සම් කරගන්න බැරි උනා..............මියානේ.......

කූකිගේ මිමිනුමේ සද්දෙට කෙල්ලගේ කටින් හීන් කෙදිරියක් පිට වෙද්දි කෙල්ල ආයේමත් සුව නින්දකට වැටුනේ කූකිගේ අතින් එයාගේ අත මුදවගනිමින්.......කොල්ලා කියාව බ්ලැන්කට් එකෙන් කවර් කරලා නලලට චූටි හාදුවක් තියලා පහලට ගියේ ඇස් වල කදුලු පිහා ගන්න ගමන්...

🐰ජීනූ

ජිනු දකිද්දි ආයේමත් නිරායාසයෙන්ම කූකිගේ ඇස් වල කදුලු පිරුනා....

🐰ජීනූ එයාගේ මෙන්ටල් ප්‍රොබ්ලම් එක ගැන මොකද 🤧🤧

එහෙම අහද්දි ජින් එයාගේ රූම් එකට ගිහින් ෆයිල් වගයක් ඇරන් ඇවිත් කූකී ඉස්සරහින් ඉදගද්දි ජිමිනුත් එතනට ආවා......කතා කරන්නේ මොකද්ද කියලා දැනගත්ත ජිමින් එතනින් නැගිටලා යන්න හැදුවේ.....

NIS  ||JK(completed)Where stories live. Discover now