𝑰𝒏𝒕𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒐𝒏

1.1K 111 9
                                    

My Rogue Luna

Intro

Winter එක පටන් අරගෙන දවස් කීපයක්ම ගෙවිලා ගියා ඒත් Y/Nටත් pack එකේ අනිත් වෘක පැටවුන්ටත් එළියට යන්න දුන්නේ අද. මොකද එක දිගටම හිම වැහැලා වැහැලා අද තමයි ටිකක් හිම වැටෙන එක නතර වුණේ.

Y/N ඔම්මාගෙන් අවසර අරගෙන pack house එකට ටිකක් එහාට වෙන්න සෙල්ලම් කර කර හිටපු ළමයි ලඟට දුවගෙන ගියේ හරිම සතුටින්. හරියට කූඩුවකින් නිදහස් කරපු බලු පැටියෙක් වගේ. එතකොට එයා දැක්කෙ තමන්ගෙ හොඳම යාලුවා ජිමින්, ටේහියුන් කියල තව එයාගෙ වයසෙම කෙනෙක් එක්ක හිම ගොඩේ සෙල්ලම් කර කර ඉන්නවා. ජිමින් කියන්නේ Betaගේ එකම පුතා. ඒ වගේම Y/N කියන්නේ Alpha ගෙ දුව.

Y/Nට එයාලව දැක්කම ටිකක් jealous හිතුනෙ ඒ එයාගෙ එකම යාලුවා නිසා. ඒ හින්දමද කොහෙද තමන්ගෙ චූටි අත්දෙකට පුලුවන් තරම් හිම අරගෙන හිම බෝලයක් හදාගත්තු Y/N පුලුවන් තරම් හයියෙන් ඒකෙන් ජිමින්ට දමලා ගැහුවේ ජිමින්ගෙ පිටිපස්සේ ඉඳන්.

"හේයි... Y/N ඔයා...!? මොකක්ද වෙලා තියෙන්නේ ආ? මම ඔයාට වඩා වැඩිමල් ආරස්සෝ ඔයාට මට ගහන්න අයිතියක් නෑ...! අනෙක මමයි future Beta"
චූටි ජිමින්ට කේන්ති ගිහින් හිම පිහදාගන්න ගමන් Y/N ලඟට ඇවිත් බනින්න ගත්තත් ටේත් එයාල දිහා බලන් ඉන්නකොට.

"හහ්...!! මම Alphaගෙ එකම දුව...!! ආරස්සෝ? මන් ඔය future Betaලට බය නෑ...!!! අනෙක ඔයා මගේ Best Friend...!! මගේ විතරයි."
Y/N කෑ ගහන්න ගත්තෙ හැම ළමයෙක්ගෙම අවධානෙ ඒ පැත්තට ගන්න ගමන්.

"මන් නැතුව සෙල්ලම් කරන්න බෑ ඔයාලට තනියම....!!!"
කියපු Y/N ටේගෙ එහා පැත්තෙන් ඉඳගත්තේ ජිමින්වත් ඇදගෙන එන ගමන්. ටේටනම් ටිකක් කේන්තිත් එක්ක ඒත් එයත් Alphaගෙ දුවට ගෞරව කළා.

"මොන වදයක්ද මන් දන්නෑ...!!!"
ජිමින් හෙමීට මිමිනුවෙ ටේ එක්ක...

---

Love ya all! <3 Thank you for taking your time for read this! Hope you'll enjoy (;

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now