O8 ❥︎ 𝑩𝒖𝒕 𝒇𝒐𝒓 𝒘𝒉𝒐𝒎?

355 80 2
                                    

My Rogue Luna

Episode 08

Your Veiw
02 weeks later
@alone in the gun shooting practice room

එදා සිද්ධ වුණ දෙයින් පස්සෙ දවස් ගත වුණේ හුඟක් ඉක්මනට. දැන් Yoonට හොඳටම හොඳ නිසා හිතට සැනසීමක් දැනුනත් මේ දවස් ටිකට ජිමින්ව ඉවරයක් කරන්න හදපු හැම වෙලාවකම එයා ලඟින් එන ඒ පිස්සු හැදෙන සුවඳ නිසා ඒක කරන්න මට හිතක් නැහැ.

ඔව් මන් කොහොමද එයාට කරදරයක් කරන්නෙ? මගේ wolf මට ඒක කරන්න ඉඩ දෙන්නෙ නැහැ. එහෙමයි කියල මට එයාට සමාවක් දෙන්න පුලුවන් කමක් නැහැ.

ආෂ්! ඔම්මා ඔයා හිටියනම් මන් මොනවද කරන්න ඕන කියල ඔයා කියනවනෙ? මගේ ඔලුව විකාර වෙලා මේ විකාර නිසා! ආෂ්!

"Bung"
Mix feelings ගොඩක් එක්ක මගේ ඉලක්කෙ ආයෙත් වැරදුනා. Shit!

"Bung"
"Bung"
"Bung"

"ආආආආආආආආආආආආආආආෂ්"
මට කෑ ගැස්සුනේ හැම උත්සාහයක්ම අසාර්ථක වුණ නිසා.

"Y/N-ah.. මොකද මේ කවදාවත් නැතුව ඉලක්කෙ වරදින්නෙ..?"
Yoon ආවෙ මන් හිතපු නැති මොහොතක ටිකක් පුදුමෙන් වගේ.

"අනේ මංද"
මන් එහෙම කිව්වෙ gun එක අදාල තැනින් තියල පැත්තක තිබුන බංකුවක ඉඳගන්න ගමන්. මන් බිම බලන් හිටියෙ මොනව කරන්නද කියල කල්පනා කරමින්. ඒ අස්සෙන් එදා අපේ pack එකට පහර දීපු දවසෙන් පස්සෙ ඉඳන් කට්ටියක් මාව follow කරනව ඒ කවුද කියලවත් හොයාගන්න බැරි වුණා මට. ආෂ්!

"Park Ji Min නිසා නේද මේ? ඇත්තටම එයා කවුද Y/N? ඔයාට එදා deal එක හම්බුන දවසෙ ඉඳන් මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඒක cancel කලාට පස්සෙත් ඔයා හරිම අමුතුයි? ඔයා මගෙන් මොනවද හංගන්නෙ Y/N?"
Yoon කිව්වෙ මගේ හිත කියවල වගේ. ආහ් Yoon මට තේරෙන්නෙ නෑ. මන් එයාට හැමදෙයක්ම කියන්නද? එපාද? නෑ ඕන නෑ මගේ ප්‍රශ්න මන්ම විසඳගන්නව.

"ආනී Yoon.. මොනාද මේ කියන්නෙ? අහ් ඒක නෙවේ මතකද අද හවසට අපිට වැඩක් තියනවා. ඒකට ඔයා කට්ටියව ලෑස්ති කරන්න ඕන"
මන් serious mood එකක් දාගෙන කිව්වෙ හිටපු තැනින් නැගිටල අත්වල හිරි අරින ගමන්. Yoon මට ඔයාට ඇත්ත කියන්න බැහැ මියානේ.

"යාහ්..!! Y/N..! ඔයා මට බොරු කරන්නෙ ඇයි ආ..!?"
Yoon මට ටිකක් සද්දෙන් කතා කෙරුව වුණත් මට ඇත්තටම කේන්ති ගියේ නෑ ඒත් මන් කේන්ති ගියා වගේ එයාට පෙන්නුවෙ එයාගෙ ඔලුවට මගේ ප්‍රශ්න දාන්න බැරි නිසා.

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now