O6 ❥︎ 𝑳𝒖𝒏𝒂 𝒀/𝒏...!

395 88 0
                                    

My Rogue Luna

Episode 06

Your Veiw

30 minutes later

බොහොම අමාරුවෙන් ඇස් ඇරියෙ මට මොකක්ද වුනේ කියල මතක් කරගන්න ගමන්. අර wolf එක්ක කතා කරනකොට කට්ටියක් ආව. ඊට පස්සෙ මට සිහිනැති වුණා ආහ් ඒ කවුද? දැන් මම මනුෂ්‍ය ස්වරූපයෙන් අඳුරු, පාලු, දූවිලි බැඳුන අශ්වයො තියා පණ ඇති එක්කෙනෙක්වත් නැති අශ්ව ගාලක් වගේ එකක ඉන්නෙ. ම්හ් දොරත් වහල දාල. ඒත් එක්කම මට දැනුනෙ දකුණු අතේ මැණික් කටුව ලඟින් සීතල ගතියක්. ආහ් මාංචුත් දාල? වට් ජිමින් මේකා මොකද මෙතන....!? මගෙ අතේ දාල තිබ්බ මාංචුවේ අනිත් එක තිබුණේ සිහිය නැතුව බිම වැටිල ඉන්න ජිමින්ගෙ වම් අතේ දාල. පිටිපස්සෙ තිබ්බ කනුවට අමාරුවෙන් හේත්තු වුණ මන් වම් අතින් ජිමින්ගෙ කම්මුලට හෙමීට තට්ටු කළා. මොනව වුණත් දැන් අපි දෙන්නම ඉන්නෙ එකම බෝට්ටුවේනෙ?

"හේයි...! ජිමින්..! පාක් ජිමින්!"
ටික වෙලාවකින් ජිමින් හෙමීට ඇස් ඇරිල සිද්ධ වුණ දේ තේරුම් ගන්න වට පිට බැලුවත් මාව දැකපු ගමන් එයාගෙ ඇස් පුදුමෙන් ලොකු වුණා.

"ඔයා...!!!?"
පුදුමෙන් එහෙම කිව්ව එයත් හිටපු තැනින් හෙමීට ඉඳගත්තෙ මාංචු දිහා බලන ගමන්.

"ඔව් මම තමයි. එතකොට අර ගල් තලාව උඩ හිටියෙ ඔයාද?"
මන් ඇහුවෙ හරියටම තහවුරු කරගන්න. ජිමින් කළේ ඒකට බිම බලාගෙන ඔලුව වනපු එක විතරයි. එයා මට බයයිද? හරි පුදුමයි නෙ. නෑ නෑ එයා හරියට හැසිරෙන්නෙ තාම පොඩි ළමයෙක් වගේ. එහෙනම් ඒ ආකර්ශනීය ඇස් තිබ්බ wolf මෙයාද? ඇත්තටම එයාගෙ wolf ගොඩක් සිත් ඇදගන්නාසුළුයි. ආයිෂ් මන් මේ මොනවද හිතන්නෙ...!!? මේ ඉන්නෙ මගේ පවුල විනාශ වෙන්න හේතු වුණ කෙනා...!

"අපි මෙතනින් එලියට යන්න ඕන එන්න...!"
කල්පනා ලෝකෙන් මාව එළියට ගත්තු එයා මාව මාංචුවෙන් ඇදගෙන ගියේ දොර ලඟට. ඒක අරින්න කීපවතාවක්ම උත්සාහ කලත් එයාට ඒක අරින්න බැරි වුණා. ඒ අතරේ මම උත්සහ කළේ මගේ wolf form එකට පරිවර්තනය වෙන්න වුණත් ඒක කරගන්න බැරි වුණා. ආයිෂ් එහෙම වුණානම් මේ මගුල් මාංචුවෙන්වත් බේරෙන්න තිබ්බා.

"මට උදව් කරනවකෝ...!!"
ජිමින්ගෙ කෑ ගැහිල්ලත් එක්ක මන් පුදුම වුණා. මන් මොනව කරන්නද කියල හිතාගන්න බැරුව ඔහේ බලන් හිටියට පස්සෙ එයා අතින් සන් කළාම දොර කඩන්නයි ඕන කියල මමත් එයා එක්කම උපරිම ශක්තිය දාල බාගෙට වැනි වැනි තිබ්බ තඩි ලී දොරට ශක්තිය හීන වෙනකම්ම දකුණු අතේ උරහිස හරියෙන් පහර දුන්නා.

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now