10 ❥︎ 𝑮𝒆𝒕 𝒍𝑶𝒔𝑻!

341 80 5
                                    

My Rogue Luna

Episode 10

Your Veiw

මට ආයෙත් වෙච්ච දේ මුල ඉඳන් කියන්න වුණේ කුකීගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා. මොකද එයා මොකවත් කලේ නෑනෙ? ඉතින් එයාල නොදන්න දේ මම කියන්න ඕන. ඒත් පුදුමෙ කියන්නෙ මේ දේවල් ජිමිනුත් නොදන්නව වගේ හැසිරෙන එක. වෙලාවකට හිතෙනව එයා එහෙම හැසිරෙන්නෙ ඇත්තටම කියල. ඒත් කොහොම විශ්වාස කරන්නද?

අනික මාව බේරගත්ත කිව්වට පස්සෙ මට එයාට විරුද්ධව මොකවත් කියන්න හිත දුන්නෙත් නෑ. ආෂ්! මට පිස්සුද?

"ඔයා කියන්නෙ දැන් ඕක විශ්වාස කරන්න කියලද?"
හැමෝම ගොලු වෙලා ඉන්න අතරේ ටේහියුන් අන්තිමට ඇහුවෙ මාව විශ්වාස කරන්න බෑ වගේ බැල්මක් දාගෙන.

"ඔයාලගෙ Luna මට මේ තරම් හරියක් කරලත් ඔයාලට මාව විශ්වාස නැත්නම් ඉතින්... හා කමක් නෑ මොනා කරන්නද?"
මන් කිව්වෙ අත් දෙකත් බැඳගෙන වෙන පැත්තක් බලාගන්න ගමන්.

"හියුන්!"
කුකීගෙ කෑ ගැහිල්ල මගේ අවදානය ඒ පැත්තට ගත්ත එතකොටයි මන් දැක්කෙ ජිමින් ඔලුවත් අල්ලගෙන පුටුවක් උඩින් ඉඳගන්නව හරියට ලොකු වේදනාවක් දරාගන්න හදනව වගේ.

"ජිමිනා..!"
ටේත් ඒ පැත්තට ගියාම මාවත් ඉබේටම එතනට ඇදිල ගියා.

"මොකද වුණේ?"
මන් ඇහුවෙ එයා Normal තත්වෙට ආවම.

"මට මතක් වුණා! මට මතක් වුණා.."
මුලින්ම හුඟක් සතුටින් කියපු ජිමින් ඊට පස්සෙ එහෙම කිව්වෙ දුකෙන්. මාර mood change වීමක්නෙ ඒක. හරි! එයාට එයාට මතක් වෙලා තියෙන්නෙ ඒ දේවල්!

"ටේහියුන්.. මෙයා කියන්නෙ ඇත්ත මන් මගේ ඇස් දෙකටම දැක්ක, ඇහුන එදා අප්පා මෙයාව මරන්න ඒ ආපු Rogersලට අන කරනව.."
ජිමින් කිව්වෙ බිම බලාගෙන අනිත් දෙන්න සම්පූර්ණ shock වෙනවත් එක්කම.

"ඔයා කියන්නෙ එදා ආපු Rogersලව එව්වෙ ඔයාගෙ අප්පා කියලද ජිමින්?"
ටේ ඇහුවෙ ජිමින්ගෙ උරහිස් වලින් අල්ලගන්න ගමන්. ජිමින් කලේ ඔලුව හොලවපු එක විතරයි. ඇයි එයා එහෙම ඉන්නකොට මට දුකක් දැනෙන්නෙ? ආහ් එයා මොනවත් දැනගෙන ඉඳල නෑ! එතකොට මන් මන් කොහොමද කිසි දෙයක් නොදන්න කෙනෙක්ව මරන්න හැදුවෙ? ආෂ්! වැරදිලාවත් මන් එයාව ඉවරයක් කලානම් මගේ පවුලෙ අය මට සමාව දෙන එකක් නෑ!

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now