O4 ❥︎ 𝑻𝒉𝒆 𝒓𝒆𝒂𝒔𝒐𝒏

388 87 2
                                    

My Rogue Luna

Episode 04

Your Veiw

ධෛවය නම් හරිම පුදුමාකාරයි. අන්තිමට මන් විනාශ කරන්න ගිය කෙනා මගේ ආත්ම සහකරුවා කරලා. ඔව් මට තිබුණා එයාව ඒ වෙලේ විනාශ කරල දාන්න ඒත් මගෙ ඇතුලෙ ඉන්න Wolf මට ඒකට ඉඩ දුන්නේ නැහැ. මගේ පවුලෙ අයව මගෙන් උදුරගත්තු එකේ පලියගන්න දුන්නේ නැත්තේ ඇයි මට....!!?

"UGH........!!!!!!!"

කේන්තියත් දුකත් වෛරයත් මිශ්‍ර වුණ ඒ හැඟීම මන් පිට කළේ මගේ Room එකේ තිබ්බ මන් ආසම Photo එක පිටින්. මීට අවුරුදු ගානකට කලින් මගෙ හදවතට වුණා වගේ ඒකෙ වීදුරුව කෑලි කෑලි වලට බිඳිලා බිම විසිරිලා ගියේ එකතු කරන්න බැරි විදිහට. මම පහත් වෙලා ඒ විදුරු කෑලි එහාට කරල ඒ Photo එක ගන්න හැදුවේ හුස්ම ඉහලට පහලට ගන්න ගමන් සන්සුන් වෙන්න උපරිම උත්සහ කරමින්. කදුළු ඇස් වලට නිරායාසයෙන් ආවත් මන් ඒවට එලියට එන්න දුන්නෙ නැහැ.

"Y/N.....!!! What are you... OMG...!!! Blood...!?"

Yoon, Room එකේ දොරත් ඇරගෙන විදුලි වේගෙන් ඇවිත් චූටි වීදුරු කටු එහාට මෙහාට කරනකොට කැපුන මගේ අත අල්ලගත්තෙ පිස්සෙක් දිහා බලනවා වගේ බැල්මක් මගෙ දිහාට දාගෙන. Photo එක අනික් අතට ගත්තු මන් ඒක Yoonට පේන්නැති වෙන්න ඇඳ යටට දැම්මෙ එයා මොකක්ද මෙතන උනේ කියල තේරුම් ගන්න උත්සාහ කරමින් ඉන්නකොට. ආහ් මගෙ අත්ල කැපිලා ලේ එනවා මට ඒ වෙලාවෙ නොදැනුනත් Yoon මගෙ අත අල්ලගත්තට පස්සෙ චූටි දැවිල්ලක් දැනෙන්න පටන් ගත්තා.

"පිස්සු හැදීගෙන එනවද Y/N..? ඔයාට ජිමින්ව ඉවරයක් කරන්න බැරි වුණා කියල මේ වගේ පිස්සු වැඩ කරන්න ඕන නැහැනෙ? මෙහෙ එනවා ඕකට බෙහෙත් දාන්න....!!!"

එක දිගට කියාගෙන ගිය Yoon මගෙ අතින් අල්ලගෙන මාව ඇඳෙන් ඉන්දවෙව්වෙ හරියට ඔම්මා වගේ. ඒත් මොකක්ද එයා කිව්වෙ! ඒ කියන්නෙ එයා මාව follow කරලා! ආෂ්... Yoon බෙහෙත් දාල ඉවර වෙනකනුත් මන් මුකුත් කිව්වෙ නැහැ. ඒත් එයානම් මට බැන බැන තමයි බෙහෙත් දැම්මේ. ටික වෙලාවකින් Yoon පරිස්සමට බිඳුනු වීදුරුවෙ කෑලි ටිකත් අස් කරල දැම්මා. මන් ඒ දිහා බලන් හිටියෙ වචනයක්වත් කතා කරන්නෙ නැතුව. මන් මොනව කියන්නද මට තේරෙන්නෙ නැහැ.

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃحيث تعيش القصص. اكتشف الآن