O2 ❥︎ 𝑻𝒉𝒆 𝒅𝒆𝒂𝒍

448 103 2
                                    

My Rogue Luna

Episode 02

Time sikp (07 years later)
Jimin Veiw

(Jimin is 20 & Y/N is 19)

කාලය ගලාගෙන ගියේ අපි හිතනවටත් වඩා වේගයෙන්. පරණ Alpha නැති වුණාට පස්සෙ ගෙවුන අවුරුදු හත පුරාවටම pack එකේ Alpha වුණේ මගේ අප්පා. ඒත් අප්පට ලඟකදි වුණ පහර දීමක් නිසා අප්පා ඉන්නේ හුඟක් අසනීපෙන්. අප්පාට අමාරුයි කියපු ගමන්ම තමයි මන් ආවෙ බලන්න. මන් අප්පා හිටපු ඇඳේ පැත්තකින් ඉඳගත්තේ අප්පගෙ ඔලුව අතගාන ගමන්. ඒ වෙද්දිත් ඔම්මගෙ උකුලේ තමයි අප්පගෙ ඔලුව තිබ්බේ. ඔම්මා හොඳටම අඬනවා දැක්ක මගේ හදවත ගැහෙන වේගය එන්න එන්නම වැඩි වුණා. ඇත්තටම මට හුඟක් ලොකු බයක් දැනුනෙ. මන් පුලුවන් තරම් අප්පා ඉස්සරහා සාමාන්‍ය විදිහට හැසිරෙන්න උත්සාහ කළා.

"ඔම්මා අඬන්න එපා... අප්පාට ඉක්මනට සනීප වේවි..."
ඔම්මා මන් කියන දේ ඇහෙන්නෙ නෑ වගේ කළේ අඬපු එක විතරයි.

"Jimin... මගේ පුතේ...ඔයා තමයි අද ඉඳන් අපේ Black Wolf Pack එක බලාගන්න... ඕන.... මට විශ්වාසයි මගේ පුතා මටත් වඩා හොඳ Al..pha... කෙනෙක් වෙනවා... කියල."
අප්පා කතා කළේ හුඟක් අමාරුවෙන්.

"අප්පා කතා කරන්න එපා. ඔයාට කතා කරන්න එපා කියල තියෙනවනේ? ආෂ් මේ Doctor කොහේ ගිහින්ද?"
මන් Doctorව හොයන්න යන්න හැදුවත් අප්පා එයාගෙ දුර්වල අතින් මාව නැවැත්තුවා.

"පුතේ දැන් මට යන්න වෙලාව හරි... Doctorsලට මාව බේරගන්න බෑ... අන්තිම මොහොතෙ මන් ඔයාල එක්ක ඉන්නයි කැමති..."

අප්පා... අප්පා ඒ කියපු වචනයක් වචනයක් ගානෙ කියපු විදිහ හරියට මගේ හදවතට පිහියෙන් අනිනවා වගේ. තවත් මට මගේ කදුළු හංගගෙන ගල් හිතක් තියෙන කෙනෙක් වගේ ඉන්න බැහැ මන් කලේ ඒවට ඔහේ මගේ කම්මුල් දිගේ ගලාගෙන යන්න දීපු එක. අප්පා ඔම්මා එක්ක කතා කරන්නෙත් හුඟක් අමාරුවෙන්. අන්තිමට අප්පා අවසාන හුස්ම හෙලුවේ ඔම්මගෙ තොල් දෙක ලඟ.ඔම්මගෙත් මගෙත් කදුළු නවත්තගන්න බැරි කරමින්. ඒක මහා වේදනාවක් ඔව් බැඳීම් කියන්නේ වේදනාවක් තමයි.

ආනියා...!!! අප්පා නිකන් මැරුණේ නෑ මට විශ්වාසයි. ඒත් ඒත් මන් වගේ දුර්වලයෙක් දැන් කොහොමද pack එකක් බලාගන්නේ? ආහ් මට බැහැ... මට බැහැ... මට ඒක කරන්න බැහැ... ආනියා... I can't do it...!!! අනේ අප්පා මට ඒක කරන්න බැහැ.....!!!

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now