13 ❥︎ 𝑺𝒂𝒓𝒂𝒏𝒈𝒉𝒂𝒆

464 95 11
                                    

My Rogue Luna

Episode 13

Your Veiw

"මමයි ඒක කළේ.."
ජිමින් කියපු කතාව අදහගන්න බැරුව හිටපු මට අහන්න ලැබුනෙ තවත් කන් ඇදහිය නොහැකි දෙයක්.

"Yoon-ah!"
එයා අපි ඉන්න තැනට එනකොට ජිමින්ගෙ Pack membersල Yoonගෙ පාර හරස් කලත් ජිමින්ගෙ සන් කිරීමකින් එයාට අපි හිටපු තැනට එන්න ඒ member ඉඩ දුන්නා. ආෂ් ඇයි එයා මාව follow කලේ?

"Yoon-ah!? මොනවද මේ කියන්නෙ ඔයා මොනවද කළේ ආ?"
මන් ඇහුවෙ Yoonගෙ කම්මුල් වලින් මගේ අත් දෙකම තියාගෙන ඒත් එයා බිම බලාගෙනම හිටියෙ ලොකු වැරැද්දක් කලා වගේ.

"මන් ඊයෙ රෑ මන්... මන් තමයි එයාව ඉවරයක් කළේ.. ඒත් මන් ඒක කළේ ඔයාගෙ ආරක්ෂාවට Y/N ah...! එයාගෙ ගෝලයෝ ඔයාගෙ පස්සෙන් පන්නනව මට ගොඩක් දවසක් note වුණා. ඒ විතරක් නෙවෙයි ඔයා නොදන්නව උනාට එයාල ඔයාට attack කරන්න හදපු හැමවෙලාවකම අපේ pack membersල ඔයාව ආරක්ෂා කලා! ඔයා මේ දේවල් වලින් ඈත් වුණාට මට මේ දේවල් වලින් ඈත් වෙන්න බැරි වුණේ ඔයාව ආරක්ෂා කරන්න ඕන නිසයි Y/N.."
Yoon කියපු දේවල් මට හිතාගන්න බැහැ මන් හිතුවෙ මේක එදායින් ඉවර වුණා කියල. මගේ බෙස්ටි මාව ආරක්ෂා කරන්න මේ තරම් දේවල් කරල? ඇස් දෙකේ කදුළු පුරවගෙන මන් දිහා බලපු Yoonව මගෙන් ඇදල ගත්තෙ ජිමින්.

"තමුන් හදන්නෙ තමුන්ගෙ leaderව බේරගන්නද?"
ජිමින් ඇහුවෙ Yoonගෙ මැණික් කටුව ලඟින් තදින් අල්ලගන්න ගමන්. මන් එයාව ජිමින්ගෙ ග්‍රහණයෙන් නිදහස් කරගන්න හැදුවත් මට ශක්තියක් නැහැ ඔව් මන් දුර්වලයි මේ දවස් ටිකේ. මොකද මේ විකාර heat එකත් දැන්මම පටන් ගත්තනෙ?

"මන් කාවවත් බේරගන්න හදන්නේ නෑ! අනික එයා අපේ leaderත් නෙවේ දැන්!"
Yoon කෑ ගහපු වෙලාවෙම Yoongi, Black Wolf pack membersලගෙන් බේරිලා ඇවිත් Yoonව ජිමින්ගෙන් එහාට ගත්තා.

"මොන විකාරයක්ද තමුන් කියන්නේ?"

"මන් කියන්නම්..."
Yoongi, හැමදෙයක්ම ජිමින්ට විස්තර කරන්න ගත්තෙ හරිම සන්සුන් විදිහට, ජිමින් ඒව විශ්වාස කලත් නැතත් එයාට වැඩක් නැති ගානට. ඔව් එයාටත් ඕන වුණේ මේ විකාරෙ නවත්තන්නයි.

Jimin Veiw

Rouge pack එකේ leader කියපු කෙනා ඇවිත් කියපු කතාවට පස්සෙ මන් දන්නෙ නැහැ මට මොනව වුණාද කියල කොහොමත් මගේ ඔම්මව මගෙන් උදුරගෙන තියෙන්නෙ Y/N නෙවෙයි ඒත් එයා තමයි මගේ අප්පව මගෙන් උදුරගත්තෙ ඒත් ඒ තරහත් එන්න එන්නම අඩු වේගෙන ගියේ මටත් නොදැනිමයි. මන් දන්නෙ නෑ මේ Yoongi කියන කෙනා කතා කරන විදිහ නිසාද ඒ කියල.

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now