O3 ❥︎ 𝑰'𝒍𝒍 𝒇𝒊𝒏𝒅 𝒚𝒐𝒖

446 94 6
                                    

My Rogue Luna

Episode 03

Your Veiw

@Next day night

Waepons room එකට ආපු මන් කල්පනා කළේ මගේ පරණ බෙස්ටිට මොන වගේ ප්‍රහාරයක් එල්ල කළොත්ද හොඳ කියල. ආහ් ඕන එකක් කොහොම හරි ඒකත් ඉවර කරන්නනෙ ඕන. Photo එකෙන් මන් එයාව දැක්කෙ අවුරුදු හතකට පස්සෙ එයාගෙ පෙනුම ටිකක් වෙනස් වෙලා තිබුණට මන් නම් හිතන්නේ නෑ ගතිගුණ වෙනස් වෙලා ඇති කියල. අර බයගුලු පොඩි එකාව මට හොඳට මතකයි. එයා ඒ තරම් නිර්භීත කෙනෙක් නෙවේ.

මන් හිතන්නේ මට හම්බුණ ලේසිම deal එක මේක. හහ් මන් එහෙම හිතන ගමන් ගත්තෙ චූටි කිනිස්සක් එක්කම මගේ සුපුරුදු gun එක වැඩි ආරක්ෂාවට. කලු පාට ඩෙනිම් එකට කලු පාට ලොකු හූඩිය එක්ක කලු පාට මාස්ක් එක කොහොමද මගෙ fashion එක?

මම මගේ පරණ Black wolf pack house එකට ඔන්න ආයෙත් ආවා එහෙනම්. තත්පර ගානක් යන්න ඇති ඕන නම්. ම්ම්ම් හරි මන් දන්නවා ඔයා කොහෙද කියලා...! හෙමීට හෙමීට අඩිය තියලා මන් ගියේ ජිමින්ගෙ පරණ කාමරේ තිබ්බ දිහාවටමයි. පාන්දර වෙන්නත් කිට්ටු නිසා හැමෝම මේ වෙලාවට සැපට නිදි කියලා මන් දන්නවා. ජිමින්ගේ කාමරේට ආවත් මට එයාව දකින්න පුලුවන් වුණේ නැහැ. හරියට කාමරේට අවුරුදු ගානකින් ඇවිත් නෑ වගේ. මුලු කාමරේ පුරාම බැලුවත් එයා නැහැ...!! මොන ලෝකෙ ගිහින්ද මගේ මේ ගොදුර ආයිෂ්...!!! එයා ඉන්නේ මෙහේ නෙවෙයිවත්ද? ආහ් මොන කෙහෙල්මලක්ද...?

ජිමින්ට හිතින් බැන බැනම මම මුලු pack house එකම check කළේ හරිම පරිස්සමන් කාගෙවත් නින්දට බාධා කරන්නෙ නැතුව. ඒත් එක්කම මන් මගේ පරණ කාමරේ පාස් කරන් යද්දී මට දැනුනේ මාරම සුවඳක් මන් හිතන්නේ මන් ඒකට වශී වෙන්න පටන් අරන් ආයිෂ් foucus Y/N foucus....!!!! මන් හරි සිහියට ඇවිත් ඒ කාමරේට හෙමීට ඇතුල් වුණා. ඒත් කවුද මන් කලින් Use කරපු කාමරේ use කරන්නේ? හහ්? එතකොට මොන ලෝකෙද මේ ජිමින්? ආහ් මේ කාමරේ ඉන්නේ එයාද? ඇයි එයා මගේ කාමරේ ඉන්නේ? කාමරේට ඇතුල් වුණ මන් දැක්කේ බැල්කනි එකේ දොර ඇරලා දාලා තියෙනවා. ඒ පැත්තට කිට්ටු කරන්න කරන්න වශී වෙන්න තරම් අර සුවඳ මගේ නහය හරහා ඇඟට ඇතුල් වුණත් මන් මගේ සිහිය නැති කරගත්තේ නෑ...!

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now