O9 ❥︎ 𝑾𝒉𝒂𝒕 𝒅𝒊𝒅 𝒔𝒉𝒆 𝒔𝒂𝒚!

337 86 1
                                    

My Rogue Luna

Episode 09

Your View

අන්තිමේදි මට දැනගන්න ඕන වෙලා තිබුණ ඒ කෙනා කවුද කියන එක ඒ කෙනා ආවම දැනගන්න ලැබුන. එයා ආවෙ තනියම නෙවේ එයාගෙ pack membersල දෙන්නෙක් එක්ක. ආෂ්! මට තිබුණ මෙයා ගැනත් හිතන්න! පවුලම එකයි. මගේ පවුල විනාශ වුනේ මෙයාල නිසා. අප්පා මෝඩයෙක් වගේ කොයි තරම් විශ්වාස කලාද මෙයාලව?

"Luna.. Alpha පිටත් වුණා.."
Pack member කෙනෙක් ඇවිත් එහෙම කියල ගියේ මගේ කේන්තිය තවත් වැඩි වෙනකොට. හහ්! Luna!? මෙයා? ඔව් ඕකට තමයි මගේ පවුල විනාශ කලේ! බල තණ්හාව!

"We met again dear.."
එයා කිව්වෙ කේන්තිය පිරුන ඇස් වලින් මන් එයා දිහා බලන් ඉන්න අතරෙ. තවත් එක ඉලක්කයක් ඉස්සරහම ඉන්නව ඒත් අද මට මොකවත් කරගන්න බැහැ. මන් කරගත්තෙ මෝඩ කමක්ද? ඒත් දැන් මන් දන්නව! කාටද මාව ඕන කලේ කියල! ඔව් මම ආයෙත් pack එකට එයි කියල බයේ වෙන්න ඇති. මම ආවොත් එයාගෙ බොරු Luna තනතුර නැති වෙනවනෙ?

"අන්තිමේ අපිට අහුවුණා හහ්! අප්පා වගේමයි තමුනුත් මහ මෝඩයෙක්!"
කියපු බොරු Luna මගේ ලඟට පාත් වුණේ මන් එයාගෙ ඇස් දිහා කේන්තියෙන් බලන් ඉන්නකොට.

"හහ්..! හිතනවද මන් බය වෙයි කියල මම තමයි මේ pack එකේ Luna! මන් දිහා කෙලින් බලන්න තමුන්ට අයිතියක් නෑ!"
කියපු Fake Luna මගේ කොන්ඩෙන් අල්ලල මගේ ඔලුව එයාගෙ ඉස්සරහ පහත් කරල එයාගෙ සිහිනය ඉෂ්ඨ කරගත්ත. Real Alphaගෙ දුව Fake Luna ඉස්සරහ ඔලුව පහත් කරන එක එයාගෙ මහ ලොකු ආසාවද?

"තමුන් මගේ පුතාවත් මරන්න උත්සාහ කලාලු නේද? ඒ වගේම මන් දන්නව තමුන් තමයි මගේ Husbandවත් මැරුවේ කියල! ඉතින් මන් තමුන්ට ලේසියෙන් මැරෙන්න දෙයි කියල හිතනවද? හාහාහාහා...!"
Fake Luna මහ හයියෙන් හිනාවෙන්න ගත්තෙ එයාගෙ එහා පැත්තෙ හිටපු එක pack member කෙනෙක්ගෙ අතේ තිබ්බ දම්වැල අතට ගන්න ගමන්.

"තමුන් විඳවලයි මැරෙන්න ඕන!"
ඊට පස්සෙ එයා මට දම්වැලෙන් ගහන්න පටන් ගත්තෙ වියරුවෙන් වගේ. වේදනාව ඉවසගන්න බැරි තැන කෑ ගහනව මිසක් මට කරන්න දෙයක් තිබුනෙ නැහැ. මගේ පවුල විනාශ කරපු අයගෙන් කෙනෙක්ගෙ අතින් මන් මැරෙන්නයි යන්නෙ. මේක මගේ ධෛවය වෙන්න ඇති.

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now