12 ❥︎ 𝒀𝒐𝒐𝒏 𝒅𝒊𝒅 𝒘𝒉𝒂𝒕?

321 85 9
                                    

My Rogue Luna

Episode 12

Jimin Veiw

එයා මාස ගානක් සද්දයක් නැතුව ඉන්නකොට මන් හිතුව පලිගන්න අදහස අතහැරල ඇති කියල ඒත් නෑ! ඒත් නෑ! මටයි මගේ ඔම්මටයි අපේ පාඩුවේ නිදහසේ ඉන්න දෙයි කියල හිතල එදා එයාව පණ පිටින් යවපු එක මගේ වැරැද්ද! මගේ ඔම්මවත් මගෙන් උදුරගෙන මගේ එකම සතුට නැති කරල දැන් ඔයා සතුටක් ලබනවද Y/N! මන් ඊයෙ ගෙදර හිටියනම් මන් ඔහේව කොහොම හරි අල්ලගන්නව. ආෂ්! එහෙම වුනානම් සමහර විට මගේ ඔම්මා තාමත් මන් එක්ක ඉන්න තිබ්බා.

ඒත් කලින් වතාවෙ වගේ නෙවෙයි මම ගොඩක් වෙනස් වුණා එදා ඉඳන් මගේ අප්පව මගෙන් උදුරගත්තෙ එයා කියල දැනගත්තු දවසෙ ඉඳන් ඒ දේ ගැන හිතන හිතන වාරයක් පාසා මට එයා ගැන ආවෙ පුදුම කේන්තියක්! ඒත් මන් ඒක පාලනය කරගෙන හිටියෙ මොනව වුනත් ඒ මගෙ Mate නිසා. ඒත් අදනම් නැහැ! අදනම් මන් ඔහේව ඉවරයක් කරනව!

"තමුන්ලගෙ leader කොහේ හිටියත් මගෙන් එයාට මේ පාර බේරෙන්න බැහැ....!!!!!"
මන් කෑ ගැහුවෙ මගේ Betaල දෙන්නා අනිත් අයත් එක්ක මන් කියපු විදිහට Rogue house එකට විනාශ කරන ගමන් Rogueලට attack කරන අතරේ.

.
.
.

"Gosh!"
හහ්! ඇවිල්ල මුන්ගේ මහ ලොකු leader ඇවිල්ල! මන් Y/N දිහා බලාගෙන හිටියෙ smirk එකක් දාගෙනමයි. එයා මගේ දිහාට දුවගෙන ආවෙ කලබලෙන්.

"මේක.. මේක දැන්මම නවත්තන්න කියන්න කියන්න..! ඔයාලට ඕන මගෙන් පලිගන්නනෙ? මෙයාලව අතහරින්න... චෙබල්.. නවත්තන්න කියන්න! "
Y/N කිව්වෙ ඉල්ලීමක් කරනව වගේ මගේ අතේ එල්ලෙන ගමන් මන් එයාගෙ අත ගසල දැම්මෙ එයාව බිමට වැටෙන විදිහට තල්ලු කරල දාන ගමන්.

*Tae! Jungkook! Stop now! I found her*

Mindlink එක හරහා මන් එයාලට කිව්වෙ බිම වැටිල හිටපු Y/Nගෙන් ඇස් අහකට ගන්නෙ නැතුව.

"දැන් තමුන්ට සතුටු ඇති නේද?"
මන් කිව්වෙ Y/Nව house එකෙන් එලියට ඇදගෙන ආවට පස්සෙ.

"කතා කරනවා...!"
ආයෙත් Y/Nව බිමට තල්ලු කරල දාන ගමන් මන් ඇහුවෙ කේන්තියෙන්.

"කිසිම සතුටක් නෑ.."

"ඇයි? ඇයි? සතුටක් නැත්තෙ ඇයි? මගේ අප්පව උදුරගත්තා මදිවට ඔම්මවත් මගෙන් උදුරගෙන දැන් සතුටක් නැත්තෙ මොකද?"
ආයෙත් මන් කෑ ගැහුවෙ අපේ කට්ටියත් එතනට එනවත් එක්කමයි.

*මන් මේක බලාගන්නම්*
මන් mindlink එකෙන් අණ කළාට පස්සෙ එයාල ආයෙත් මගේ ආරක්ෂාව ගැන බලන්න එකේක පැති වලට බෙදිල ගියා.

"ඔයාගෙ ඔම්මා? මොනවද මේ කියන්නෙ?"
Y/N ඇහුවෙ හිටපු තැනින් නැගිටින ගමන් මොනවත් දන්නෙ නැති ගානට. හහ් හොඳට රඟපාන්නත් පුලුවන්නෙ.

"මමයි ඒක කළේ.."

"Yoon-ah!"




To be continued...

A/N

මන් දන්නවා මේක කොට වැඩී😅

Stay safe ❤
Have a cool day!😁

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now