O5 ❥︎ 𝑯𝒖𝒏𝒕𝒆𝒓𝒔...!?

375 87 0
                                    

My Rogue Luna

Episode 05

Jimin Veiw

"මොන ප්‍රශ්නද...??? තමුන් තමයි එකම ප්‍රශ්නෙ මෙතන තියෙන...! මොන එහෙකටද තමුන් මේ ලෝකෙට ඉපදුනේ...!? තමුන් ඉපදුනේ නැත්නම් මේ ප්‍රශ්න කිසි දෙයක් නැහැ...!!! එහෙනම් මන් මීට වඩා හොඳින් ඉන්නවා....!!! දැන්වත් මගේ දෑහෙට නොපෙනී ඉන්නවා පැත්තකට වෙලා...!! මන් තමුන්ව පණ පිටින් තිබ්බ එකත් මදිද මෙතන ප්‍රශ්න අහන්න එන්නේ....?"

Y/N කිසිම හිතක් පපුවක් නැති කෙනෙක් වගේ මට කෑ ගහල යන්න ගියේ මාව එතනම ගල් පිළිමයක් කරල දාල. එයා කියපු දේවල් හරියට නොතේරුණත් ඒ වචන හරියට මගේ හදවත පසාරු කරන් යන පිහියක් වගේ මගෙ හදවත වේදනාවෙන් වෙලාගත්තෙ. පොඩි කාලෙ එයා මට කොච්චර කෑ ගැහුවත් ගනන් නොගත්ත මම අද ඇස්වල කදුළු පුරවන් එයා යන දිහා කිසිම සද්දයක් නැතුව බලන් ඉන්නවා කරගන්න දෙයක් නැතුව.

කදුළු පිහදාගත්තු මන් කෙලින්ම Pack house එකට ඇවිත් wash එකක් දාගත්තේ මේ ගැන ඔම්මාගෙන් අහගන්නවා කියල තරයේම හිතට ගන්න ගමන්. මන් Kitchen එකට යද්දිත් Omegaල දෙන්නෙකුයි Beta කෙනෙකුයි එක්ක ඔම්මා උයන ගමන් හිටියේ. මන් ආවා කියල දැක්කත් එයාල එයාලගෙ වැඩේ කරගෙන ගියා.

"ඔම්මා මට ටිකක් කතා කරන්න ඕන..."
මන් Kitchen එකේ මුල්ලේ බිත්තියකට හේත්තුවක් දාගෙන අත් දෙකත් බැඳගෙන ඇහුවේ ඔම්මා එයිද කියල සැකයෙන් මොකද ඔම්මා වැඩක් මැද්දේ නතර කරල දාලා එන කෙනෙක් නෙවේනේ.

"කියන්න ජිමිනාහ්..."
ඔම්මා මගේ දිහා බලන් කිව්වම මන් ඇස් දෙකෙන් සන් කලේ මෙතන බෑ කියල.

"අරස්සෝ... ඔයාල වැඩ ටික කරගෙන යන්න මන් ඉක්මනට එන්නම්..."
අනිත් අයට එහෙම කියපු ඔම්මා මාත් එක්ක මගෙ room එකට යන්න පටන් ගත්තා. මන් ඇස් කොනින් වගේ දැක්කෙ Beta girl මහ අමුතු look එකක් අපි දිහාට දානව අපි නෙවේ මම...! ආෂ් ඒ මොකද?

"මොකක්ද කියන්න තියෙන්නේ ජිමින්..? ඔක්කොම හොඳින් නේද? මොකක් හරි ප්‍රශ්නයක්ද"
Room එකට ආපු ගමන් ඔම්මා මගේ අත් දෙකෙන්ම අල්ලගෙන ඇහුවෙ වද වෙන ස්වරූපයෙන්. ඕහ් ඕකනේ ඔම්මා පොඩ්ඩ ඇත්නම් බය වෙනවා.

"නෑ නෑ ඔම්මා මට ඔම්මට කියන්න දෙයක් තියෙනව ඒ වගේම දැනගන්න දේකුත් තියෙනව."
මන් කිව්වේ ඔම්මගේ අත් දෙකත් ආපස්සට තදින් අල්ලගන්න ගමන්. මගේ ඔලුව පැටලිලා වගේ මේ ප්‍රශ්නෙ නිසා.

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now