Chapter 01.

1.3K 185 37
                                    

මම ජෙනි මාෆිලෝ. මට වයස අවුරුදු 15 යි. මම ජීවත් වෙන්නේ අම්මා එක්ක තනියම. මගේ අම්මා කියන විදිහට මගේ තාත්තා මං පුංචි කාලේ ම නැතිවෙලා තියෙනවා. ඒ ඇක්සිරන්ඩ් එකකින් කියලා අම්මා මට කියලා තියෙන්නෙ.. මොනවා උනත් මං අම්මා එක්ක තනියම සතුටින් ජීවත් වෙනවා.

අපි ඉන්න තැන හරි අමුතු තැනක්.එතන ලොකු කැලෑවක් තියෙනවා. ඒ කැලෑව හුඟක් ලස්සනයි. ඒ උදේටයි දවල්ටයි විතරයි. ඒ කෑලෑව රෑට පාළු ගතියක් ගන්නවා. අනේ මන්දා ඒ ඇයි කියලා. හුඟක් මිනිස්සු ඒ කැලෑවට කියන්නේ වෘක විමානය කියලා. ඒත් මං මෙච්චර කැලේ ළඟ ඉදලත් කවදාවත් වෘකයෙක් දැකලා නෑ.
පරණ පුරාවෘත්ත වල මිනිස්සුන්ගේ කට කතා වල හැටියට ඒක හුඟක් භයානක කැලෑවක්ලු. ඒකට ගිය කිසි කෙනෙක් ආය ආවේ නෑලූ. හුඟක් මිනිස්සු එයාලව හොයන්න ගිහිල්ලත් නෑ. ඒ තියෙන භයටලු...

ඒ නැතිවෙච්ච අයගේ පවුල්වල අය වෘකයන්ට වෛර කරනවා. ඒත් ඒ ඇයි. එයාලා හරියටම දන්නේ කොහොමද එයාලා නැතිවුණේ වෘකයෝ නිසාද කියලා. අනේ මන්දා මං සමහර වේලාවට ඕවා ගැන තර්ක කරන්න ගිහිං අම්මාගෙන් බැනුම් අහනවා.ඒත් මං හිතා ගත්තා කවදා හරි ඔය කැලේට යන්න ඕන කියලා...

ලොකු කැලෑවක් ළඟ හිටියාට කැලේට අනිත් පැත්තේ ටවුන් එක.මං ඉස්කෝලෙ යනවා. ඒ ටවුන් එකේ පොඩිම ඉස්කෝලෙට. ඒක පොඩි කිව්වට එච්චරම පුංචි නෑ.. ඒකට කියන්නේ ජෙනිෆ් විද්‍යාලයට කියලා.

මං ඉස්කෝලේ හුඟක් හොඳට වැඩ ටික කරගෙන යනවා. ඉගෙන ගන්න දක්ෂ ළමයෙක් කියලා මිස් කියනවා. ඒත් මට ඊට වඩා ලොකු දක්ෂතාවයක් තියෙනවා. ඒක මගේ උපතින්ම ආපු එකක්ද කොහෙද. මට මාර වේගෙකින් දුවන්න පුළුවන්. ඒතරම් වේගෙකින් මේ ඉස්කෝලෙ ඉන්න කාටවත් දුවන්න බෑ. අනේ මන්දා මං පුදුම වෙනවා මේ වේගෙ ගැන. සමහරු මට දුවන කෙල්ල කියලාත් කියනවා. හිනා යන කාරණේ මං හින්දා ළමයි බැනුනුත් අහනවා. මට හෙමින් වැඩ පුරුදුම නෑ.. මං පීරියඩ් එකකට යනකොට දුවනවා. මං ගිහින් විනාඩි 10 කට විතර පස්සේ තමයි අනිත් ළමයි ටික එන්නේ. එතකොට මිස් ළමයින්ට බනිනවා එයාට ඉක්මනින් එන්න පුළුවන් නම් ඇයි ඔයාලට එන්න බැරි කියලා. 😂 එතකොට පන්තියේ ළමයින්ගේ මූණු තැලිච්ච අඹ ලෙලි වගේ.. 😅

මම ඉස්කෝලේ තනියම නෙමෙයි ඉන්නේ. මටත් ඉන්නවා අනිත් අයට වගේ හොඳ යාළුවෙක්. එයාත් මං වගේමයි. ඒත් දුවන්න නම් බෑ. ඒක විතරයි අඩු...

මොනා උනත් හැම පන්තියකටම අඩු නොකියන්න පණ්ඩිත කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා. අපේ පන්තියේ ඉන්නවා ඒ වගේ මොලෙ ඉදිමිච්ච සෙට් එකක්. එකේ ලීඩ රෝස් . මට එකීව පෙන්නන්න බෑ. කොයි වෙලෙත් වලි දාගන්නමයි එන්නේ. 🙄😶 දවසක් මට අත උස්සන්න ඇවිත් ගෙදර ගියේ අත කඩා ගෙන මිස්ගෙනුත් හොඳ බැනුමක් අහලා.
මං ඉස්කෝලේ වැඩි කතා බහක් නැති එක පීරියඩ් එකයි තියෙන්නේ. ඒ ඉතිහාසය පීරියඩ් එකේ විතරයි. ළමයි පුදුම වෙනවා මං ඉතිහාසය පීරියඩ් එකේ පාඩම අහන් ඉන්න විදිහ දැක්කම.

ඔහොම තමයි මං ඉස්කෝලේ ජිවිතේ ගත කරන්නේ.
ගෙදර ආවාම මං අපේ අම්මට උදව් කරනවා. හුඟක් කම්මැලි වෙලාවට කරන්න වැඩක් නැති වුණාම එපා වෙනවා. ආසාවක් තිබ්බට ඇවිදින්න කැලේටවත් යන්න අම්මා යන්න දෙන්නේ නෑනේ.
ඉතින් මං කරන්නේ පොත් කියවන එක තමයි. හුඟක් ම අභිරහස් පොත් . හැමදාම වගේ මම අනිවාර්යෙන්ම පොතක් කියවනවම තමා. ඒක මගේ පුරුද්දක්.

රෑට නිදාගන්න යනකොට නම් හොඳ බැනුමක් අම්මාගෙන් අහලා තමා නිදාගන්නේ. මං නිදාගන්නේ හූඟක් රෑ වෙලා.

මම එදා හිටියෙත් පොත කියව කියව ඇඳට වෙලා. මම එක පාරටම තිගැස්සුනා. ඒ ගේ පිටිපස්සෙන් ආපු සද්දයක් නිසා. ටිකක් වෙලා බලන් ඉදියට ඒ සද්දේ ආය ආපු නැති හින්දා මං පොත කියෙව්වා.

𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️Where stories live. Discover now