Chapter 05 .

488 124 10
                                    

"ඔව්... දැන් රෑට කැලේ අමුතු සද්ද ඇහෙනවා වැඩි. ඔයාට අර කන්ද පේනවද.. "

"ඔව්.. හඳ එළියට ඒක ලස්සනට පේනවා.."

"පෙනුමෙන් ලස්සන වුනාට ඒක හුඟක් භයානක තැනක්. ඒ කන්දෙන් තමා අපිට ඒ සද්ද ඇහෙන්නෙ.."

ජෙනිට එතකොටම මතක් වුනේ අද රෝස් ගියෙත් ඒ කන්ද පැත්තට නේද කියලා.. 🤔🤔🤔🤔

"මොන වගේ සද්දද ඇහෙන්නේ. "

"මිනිස්සු විලාප තියන සද්ද.. කෑ ගහන සද්ද... "

"ආ..... මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා.. "

"මොකක්ද ? "

"මං කෑලේ ඉන්නකොට දැක්කා ඔය කන්ද පැත්තට ලෝගුවක් ඇදපු කෙනෙක් යනවා. ඒත් එයා මූණ වහලා තිබ්බේ නෑ. මං එයාගේ පස්සෙන් ලුහුබැන්දා.. ඒත් මාව මුලක පැටලිලා වැටුනානේ.. "

"ඒත් අපි හිතන්නෑ ඒ ගියේ අපිව විනාශ කරන්න ආපු කෙනා කියලා.. "

"කොහොමද හරියට ම කියන්නේ. "
"මොකද එයා කවදාවත් මූණ පේන්න කැලේ යන්නෙත් නෑ.. ඔයාට ඒ වෙලාවේ වෙන මොකක් හරි පේන්න ඇත්තේ.. "

"හරි කමක් නෑ. දැන් මට යන්න ඕන . මොකද මං දැන් දැනගත්තනේ ඔයාලා මොන වගේ අයද කියලා. "

"ඔයා අපිත් එක්ක ටික දවසක් ඉදලා යන්න. දැන් ඔයා අපේ රැලේම කෙනෙක්නේ.. "

"එහෙනම් මං අනිද්දා උදේට යන්නං. හුඟක් දුර යන්න තියෙනවනේ. "

"ඒක ඔයා ප්‍රශ්නයක් කර ගන්න එපා. මට පුළුවන් ඔයාව ගිහින් දාන්න. " ඒ කිව්වේ මාව මෙතනට අරගෙන ආපු කෙනා..

"ජෙනි ඔයාට උපතින්ම කිසිම දක්ෂතාවයක් නැද්ද. "

"තියෙනවා. "

"මොකක්ද. "

"මට හොඳට දුවන්න පුළුවන්. "

"ආ.... ඒත් ඔයාට මාව පරද්දන්න බෑ.. "

"බලමුකෝ.. " 😜😜😜

ආය අර වයසක ගෑනු කෙනා කතා කරන්න පටන්ගත්තා.

"ජෙනි ඔයා ඊළඟට මොකද කරන්නේ. "

"ඒ කිව්වේ. "

"ඔයා ආය නගරෙට ගිහින් මොකද කරන්නේ. "

"මං මේ අතුරුදහන් වීම ගැන හොයන්න ඕන. "

𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️Where stories live. Discover now