Chapter 02.

736 147 19
                                    

ඒත් මට ආයෙත් අර සද්දෙම ඇහුන හින්දා මං හිමීට දොර ඇරලා. පිටිපස්සට ගියා. කවුරුත් පේන්න හිටියේ නැති හින්දා කතා කරලා බැලුවා. "කව්ද ඔතන ඉන්නේ" මගේ කටේ සද්දෙට අම්මත් නැගිටලා ඇවිත්. මගේ පිටිපස්සේ. " මොනවද ජෙනි  මහ රෑ එළියට වෙලා කරන්නේ.  නෑ අම්මේ මං මේ... " ඒත් මට ඉතුරු ටික කියවලා ඉවර කරන්න වුණේ නෑ අම්මා මාව ගෙට ඇදන් ගිහින් දොර වහලා දැම්මා. ඒ වේලාවේ මට හොඳටම නිදිමත තිබ්බ හින්දා මං එහෙම්මම නිදා ගත්තා..

"ජෙනි නැගිටින්නේ නැද්ද 7 ත් වෙලා." කවදාවත් නැතුව එදා මං එච්චර වෙලා නිදාගෙන. ඉස්කෝලෙ යන්න පරක්කුත් වෙලා. ඉක්මනට ලැස්ති වෙලා බැග්ගෙකත් අරන් මං කෙලින්ම ඉස්කොලෙට දිව්වා. වේලාවට දුවන්න පුළුවන් වුණේ. හදිසියට මං උදේට කන්නෙත් නැතුව ඇවිත් තියෙන්නේ. 😑😑

කොහොමින් හරි 7.20 වෙනකොට මං ඉස්කෝලේ ගේට් එක ළඟ....
මං යනකොට මගේ යාළුවා ඇවිත් හිටියේ.
පළවෙනි පීරියඩ් එකම මහ කම්මැලි එකක්. එපාම වුණා.

මායි සින්ඩි පීරියඩ් එක ඉවර වෙලා එනකොට සින්ඩි කතාව පටන් ගත්තා. " මේ ඔයා දන්නවද වැඩක්. මොකක්ද. රෝලන්ව ඔයා දන්නවා නේද. ඔව් මං දන්නවා. ඇයි මොකක්ද වේලා තියෙන්නේ. එයාලෑ තාත්තා ඊයේ ගිහින් තියෙනවා කැලේට මොනවද හොයන්න. ඒත් එයෑලෑ තාත්තා ආය ඇවිත් නෑ.... ඒ ඇයි ? හුඟක් අය කියන්නේ එයාව වෘකයෝ අරන් ගිහින් කියලා. හොයන්න යන්න භයට කවුරුත් යන්නෑ. "

ඒ වේලාවෙම මට මතක් වුණේ මට අම්මා කියපු එක දෙයක්. ඒ අර පුරාවෘත්ත කතාව.
"එහෙනම් අර පුරාවෘත්ත කතාව ඇත්ත වේගෙනද යන්නේ. මොකක්ද ඔයා ඇහුවේ. "  සින්ඩි එහෙම අහනකොට මාව උඩ ගියා.
"නෑ මුකුත් නෑ."

එදා ඉස්කෝලෙ ප්‍රධාන මාතෘකාව වුණේ රෝලන්ගේ තාත්තගේ අතුරුදහන් වීම. එදා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගියපු ගමන් මං මේ විස්තරේ අම්මට කිව්වා. අම්මා ඒක අහපු ගමන් ටිකක් කලබල වුණා.
" ඇයි අම්මේ ඇයි ඔයා කලබල වෙලා. " ඒත් කිසිම උත්තරයක් දෙන්නේ නැතුව අම්මා එතනින් ගියා.
හවස් වරුවම මං මේ ගැන කල්පනා කරා. ඒ කල්පනා කරනකොට මට එදා රෑ සිද්ධිය මතක් වුණා. අයියෝ මට ඒක අමතක වුණානේ. 🤦 මට ඒක සින්ඩිට කියන්නත් අමතක වුණා. කොහෙද හරියටම රෑ ඇහුන සද්දේ මොකක්ද කියලා අම්මා මට බලන්න දුන්නෑනේ.

𝚆𝙴𝚁𝙴𝚆𝙾𝙻𝙵 𝙶𝙸𝚁𝙻 [ 𝙽𝙾𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 ] ✔️Where stories live. Discover now