Episode 2 (මනෝ පාර)

295 50 17
                                    

සේජා වැටුනේ පලවෙනි ටීම් එකට. දේදුනු දෙවෙනි ටීම් එකට වැටෙද්දී මම පස් වෙනි ටීම් එකට තමයි වැටුනේ.

සෝජූන් ඔප්පා අනිත් අයව එයාලගේ ප්‍රැක්ටිස් රූම් වලට එක්කන් ගිහින් අන්තිමේටම අපේ ප්‍රැක්ටිස් රූම් එකට එක්කන් ගියා. අනිත් අයට කියපු දේවල්ම සෝජූන් ඔප්පා අපිටත් කියන්න පටන් ගත්තා.

Ⓜ️"හරි ළමයි. මෙතන තමයි ඔයාලගේ ප්‍රැක්ටිස් රූම් එක. පලවෙනි දවස නිසා අද ඔයාලාට මොකුත් වැඩ දෙන්නෑ. ඔයාලට අද තියෙන්නේ එකිනෙකාව අදුරගන්න.

ඒවගේම ඔයාලට ප්‍රැක්ටිස් රූම් එකෙන් එලියට යන්නත් බෑ. විශේෂයෙන්ම මේ වෙලාවේ bts ලව බලන්න යන්න හිතන් ඉන්න අයට කියන්නේ, ඒ පැත්තේ ගිහිල්ලා අහු වෙන්න එපා."

💙"ඔප්පා අපිට ඒ තරම් පිස්සුවක් නෑ. ඔයා බය වෙන්න එපා."

කවුද මන්ද සල්ලිකාර පොශ් පෙනුමක් තියෙන කෙනෙක් නොන්ඩියට වගේ එහෙම එහෙම කිව්වා🙄. අපෝ මට‍ ඔය පොහොසත් අයව පෙන්න බැරි එකනේ😒. මල ඇඩ් එක. දැක්ක ගමන්ම මට‍ නම් ඒ කෙල්ලව එපා උනා.

Ⓜ️"හොදයි. ඔයාලා කියනවනම් විශ්වාස කරන්නම්🙄"

එහෙම කියලා සෝජූන් ඔප්පා එලියට ගියාම මමත් කොනකට ගිහිල්ලා ඉයර්ෆෝන් දෙක ගහගෙන සින්දුවක් අහන්න පටන් ගත්තා. ඒත් එක්කම වටේ පිටේ වෙන දේවල් ගැනත් මම අවදානෙන් හිටියේ. අර පොශ් කෙල්ල ගැන තමයි මම වැඩියෙන්ම බැලුවේ. මොකක්ද එයාගේ නම කිව්වේ... ආ.... එමලන්ඩ් අනේ මන්ද මට‍ එයාව දැක්ක වෙලාවේ ඉදන් පෙන්නම බෑ. එයා මට‍ වැරැද්දක් කරලත් නෑ. ඒත් පෙන්න බෑ. ඒක ඉතින් සාමාන්‍යයි. මොකද ඉස්කෝලෙත් ඒ වගේ අය ඕනේ තරම් ඉදලා තියෙනවනේ😁.

මම ටික වෙලාවක් බලාගෙන හිටියා. කෙල්ල කාත් එක්කවත් කතා කරන්නෑ. හතරවටේටම රව රව ඉන්නවා. ටික වෙලාවකින් එයා නැගිටලා දොර පැත්තට ගියා.

❓️"කොහෙද ඔයා ඔය යන්නේ?"
(එතන හිටපු ගෑනු ළමයෙක් ඇහුවා)

💙"මම කොහේ ගියත් ඔයාට මොකෝ."

එහෙම කියලා ඇන්ඩ්රියා උත් යන්න ගියා. හපෝ සල්ලිකාරයෝන්ගේ හැටි ඔහොම්මමයි😤.

Pink Hearts (Completed)Where stories live. Discover now