Episode 15 (ඒසී දාලත් රස්නෙයි)

168 34 28
                                    

Yoongi pov

ප්‍රැක්ටිස් ඉවර වෙලා අපේ කට්ටිය පොඩි කයියක් ගහගෙන ඉන්නකොට කවුරුහරි අපේ දොරට තට්ටු කලා.

Ⓜ️"මේ මම, සෝජූන්. ඇතුලට එන්න පුලුවන්ද?"

🦓"ආහ්හ්. එන්න එන්න හ්යුන්ග්...."

ජින් හ්යුන්ග් එහෙම කියන ගමන් ගිහින් දොර ඇරියම සෝජූන් හ්යුන්ග්ගේ පිටිපස්සෙන් කෙල්ලෝ පස් දෙනෙකුත් ආවා. බෙලෙක්කෙත් එතන හිටියා. එයාව දැකපු ගමන් ඊයේ සිද්ද වෙච්ච දේ මතක් වෙලා මට‍ කම්මුල්වලට ලේ පිරෙනවා වගේ දැනුනා😐. ඒ වගේම එකපාරට රස්නේකුත් දැනෙන්න ගත්තා😐.

මට‍ හිතෙන්නේ එයාටත් එහෙම දැනෙන්න ඕනේ. මොකද එයත් වට පිට බල බල අතින් පවන් ගහගන්න ගමන් හිටියේ.

Ⓜ️කොල්ලනේ, මේ අපේ අළුත් girl group එක, pink hearts. මේ ඉන්නෙ සේයෝන්, මෙයා සේජා, මේ ඩෙසී, ශෙරින්, අන්තිමේට ඇන්ඩි😊...

අපිට සෝජූන් හ්යුන්ග් කෙල්ලෝ ටිකව අදුන්නලා දෙන්න ගත්තා. සෝජූන් හ්යුන්ග් කියපු විදිහට බෙලෙක්කෙ වගේම තලෙලලු හමක් තිබ්බ කෙල්ලෝ දෙන්නගෙන් ලස්සනම කෙල්ල සේජා. අනිත් කෙනා ඩෙසී. එතකොට ඇමරිකන් කෙල්ල ඇන්ඩි. අනිත් එක්කෙනා ශෙරින්. ඒ වගේම ශෙරින් ජර්මන් වගේම බෙලෙක්කෙයි තලෙලලු හම තියෙන අනිත් කෙල්ලෝ දෙන්නයි ශ්‍රී ලංකාව කියලා රටකින්.

හ්යුන්ග් අපිට එයාලත් එක්ක කතා කරන්න කියලා එලියට ගියා. කෙල්ලෝ ටික නම් වචනයක් වත් කතා කලේ නෑ. අපි අහන ප්‍රශ්නවලට විතරක් උත්තර දුන්න. අපි කියලා කිව්වට මාව අයින් වෙනවා. මොකද මම හැමෝටම හිනා වෙලා ආචාර කලත් වැඩිය කතා කරන්න ගියේ නෑනේ. වැඩිපුරම කතා කලේ නම්ජුන්යි ජින් හ්යුන්ග්යි.

ටික වෙලාවක් ගියයිම් පස්සේ නම් සේයෝන් ගේ හැකර කට අරුනා😂. මාත් එක්ක ඇරෙන්න හැම කෙනත් එක්කම කතා කලා. ජිමින්ව ඉතින් කොහොමත් එයා අදුරනවනේ. ටික වෙලාවකින් ඩෙසී කියන කෙල්ල ජිමින්ව ඇදන් පැත්තකට ගියා. පේන විදිහට මල් කඩනවා😜.

නම්ජුන් ඇන්ඩි එක්ක ඉංග්‍රීසියෙන් කතා කලා. අපේ පොඩි ඩබලයි හොබියි ශෙරින්යි සේජයි එක්ක හිනා වෙවී කතා කරන්න ගත්තම සේයෝන් මන් ගාවට හිමිට හිමිට ආවා.

Pink Hearts (Completed)Where stories live. Discover now