Episode 7 (ලව් ඇට් ෆස්ට් සයිට්)

279 50 34
                                    

Yoongi pov

මම අර සේයොන් කියන කෙල්ල එක්ක පුදුම තරහෙන් හිටියේ😤😤😤. මාව විකුර්ති කරලා මදිවට ඒකත් අල්ලගෙන හිනාවෙන්නත් එනවා😡😡😡.

තරහ වැඩි වෙලා පාලනය කර ගන්න බැරුව තව පොඩ්ඩෙන් මම ඒ කෙල්ලට ගහනවා. හොද වෙලාවට ජිමින් ඇවිල්ලා මාව සන්සුන් කළේ.

හැම පාරම මට‍ තරහ යන වෙලාවට ජින් හ්යුන්ග් හරි අනිත් පස් දෙනාගෙන් එක්කෙනෙක් හරි ඇවිල්ලා මගෙ මූණ අල්ලගෙන මාව සන්සුන් කරන්න උත්සහ කරනවා. මොකද කිව්වොත් මම තරහෙන් ඉන්න වෙලාවට කරන දේවල් මමවත් දන්නේ නැති නිසා.

ඒත් ජිමින් මාව සන්සුන් කරන්න හදපු වෙලාවේ අර බෙලෙක්කේ කිව්ව‍ දේ නිසා මට‍ සේරම අමතක වෙලා ලාවට හිනාවක් ගියේ ඉබේමයි.

❤"එතකොට යුන්මින් ඇත්තක්ද😕😕😕"

හැමෝම එයා දිහා ඇස් දෙකත් පොල් සයිස් කරගෙන බලන් හිටියා. ජිමින් මගෙ මූණ අතැරලා කතා කරන්න ගත්තා.

🐶"ම්ම්ම්.... මේ... ඔයා අදහස් කළේ.....😳😳😳"

❤"අහ්හ්.... අනී අනී.... ඒක නෙමෙයි..... මන් මේ මගෙ නම්ජාචින්ගු(boyfriend) ගැන කිව්වේ😅😅😅..."
(එයා එකපාරටම ගැස්සිලා වගේ කිව්වා)

හැබැයි ඉතිං අපේ සෙට් එකට නම් ඔය කිව්ව‍ දේ ගැන සත පහක විශ්වාසයක් තිබ්බේ නෑ. ඇත්තම කිව්වොත් මටත් නෑ.

ඒත් එක්කම කෙල්ලට කෝල් එකක් ආවා.

❤"බලන්නකෝ කියනකොටම ඔප්පා මට‍ කෝල් කරනවා😅😅😅."

කෙල්ල ෆෝන් එක දිහා බලලා එහෙම කිව්වා. ඊට පස්සේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකත් අපිට පෙන්නුවේ හරියට එයා කියන දේ ඔප්පු කරන්න වගේ. ඒකේ තිබ්බේ මොකක්ද කියලා නම් තේරුනේ නෑ මොකද වෙන බෂාවකින් තමයි ඒක ලියල තිබ්බේ😕😕😕.

ටික වෙලාවක් එහෙමම අපි කට්ටිය දිහා කිසිම දෙයක් නොකියා බලන් හිටපු බෙලෙක්කේ එක ක්ෂනෙන් ප්‍රැක්ටිස් රූම් එකෙන් මාරු උනා.

ඒ ගියපු විදිහට නම් මට‍ හිනා ගියා.

🐶"හ්යුන්ග් ඔයා ඔය හිනා වෙනවද?😕"

🖤"ඇයි.... ඔයාලට හිනා යන්නැද්ද?😂"

ඇත්තටම මෙයාලට ඒ කෙල්ලගේ වැඩ වලට හිනා යන්නේ නැද්ද කියලා මට‍ පුදුමත් හිතුනා😂😂😂.

Pink Hearts (Completed)حيث تعيش القصص. اكتشف الآن