Episode 5 (ලව් ලෙටර්)

255 49 14
                                    

Yoongi pov

මම ඊයේ ඔම්මවයි අප්පවයි බලන්න ගිහින් එහෙ නැවතිලා හිටපු නිසා අද උදේ අනිත් අය නැතුව තනියම මගෙ කාර් ඒකෙ තමයි bighit එකට ගියේ.

මම අපේ ෆ්ලෝ එකට යනකොට අපේ ප්‍රැක්ටිස් රූම් එක ලගදි කෙනෙක්ගේ අඩි සද්දයක් ඇහුනා🤔. අදත් මොකෙක්හරි මේක ඇතුලට රින්ගලද මන්ද....🤨

මම පොඩ්ඩක් එතන ළගට ගිහින් හැංගිලා බලන්න ගත්තා. එතන හිටියේ එදා අර හිටපු ගෑනු ළමයා. එයා දොර පැත්තට හැරිලයි හිටියේ.එයා මොනාද දන්නෑ අදත් මෙතන කරන්නේ🤔.

මම ටික වෙලාවක් බලන් ඉදලා එතනට යන්න හදනකොටම කෙල්ල මේ පැත්තට ආවා. ටිකකින් ආපහු අනිත් පැත්ත හැරිලා ප්‍රැක්ටිස් රූම් එක පැත්තට ඇවිද්දා, ආපහු මේ පැත්තට, ඊලගට අනිත් පැත්තට...... දිගටම එහෙම පස් හය වතාවක් කරා😂. එයාගේ අතේ පොඩි එන්විලොප් එකකුත් තිබ්බා. ඊට පස්සේ ඒ කෙල්ල ආපහු මේ පැත්ත හැරිලා එයාගේ නියපොත්තක් හපන්න ගත්තේ හරියට මොනා කරන්නද කියලා හිතනවා වගේ😂.

මේ කෙල්ලගේ වැඩ දැකල මටත් හිනාව නවත්තගන්න බෑ😂. මහ අමුතු කෙල්ලෙක්. සමහරවිට සමාව ගන්න ආවා වෙන්නත් බැරි නෑනේ. ඒ නිසා මම හිනාව නවත්තල එයා ළගට ගියා.

මම එයාගේ ඉස්සරහට ගිහාම කෙල්ල එක පාරට ගැස්සුනා😂. ඊට පස්සේ අංශක අනූවටම දෙකට නැමිලා අචාර කරා.

❤"අන්යහසෙයෝ සොන්බෙන්නිම්.....🙁"

ආචාර කරලා ආපහු කෙලින් උනත් නිකමටවත් ඔලුව උස්සල නම් බැලුවේ නෑ. මන් හිතන්නේ ඊයේ බැන්න එකට කෙල්ල හොදටම බය වෙලා😄. ඉතින් මම ටිකක් හොදින් කතා කරන්න හිතුව.

🖤"අන්යෝ. මොනාද මෙහෙ කරන්නේ. මොනාහරි කියන්න දෙයක් තියෙනවද?"

❤"අහ්හ්... යේ.... මන් මේ..... ම්... මේක දෙන්න අ.. ආවේ😟. මියාන් මන් දන්නවා මෙහෙට එන්න එපා කිව්වා කියලා. ඒත් මට‍ ඔයාලගෙන් සමාව ගන්න ඕනේ උනා😟."

එහෙම කියලා එයා මගෙ අතට කාඩ් එකක් දුන්නා. දීපු ගමන් දුවන්න හැදුවත් මන් එයාගේ ඇතින් අල්ලලා නතර කළා.
එයා හොදටම බය වෙලා මන් දිහා බලාගෙන හිටියේ හරියට නිකන් මන් එයාට ගහන්න හදනවා වගේ.

Pink Hearts (Completed)Where stories live. Discover now