Episode 9 (Selected)

245 49 69
                                    

Seyeon pov

ඒ හිටියේ ජිමින් ඔප්පා😲😲😲.....

🐶හලෝ ළමයි😄

ජිමින් ඔප්පා අපේ ගෙදර ඇවිල්ලා අපිත් එක්ක හුගක් කතා කළා. ඇත්තම කිව්වොත් අපි හුගක් අඳුරගත්තා. ඒ වගේම එයා මගෙ ඩාන්සින් ගොඩක් හොදයි කියලත් කිව්වා😊. මම මීට කලින් ඩාන්සින් ක්ලාස් ගිහිල්ලා නෑ කිව්වම එයා හුගක් පුදුම උනා. (හැබැයි කොහොමද දන්නෑ මන් ඩාන්ස් කරනව දැක්කේ)ඔව් මම ඩාන්සින් හරියටම ඉගෙනගෙන නෑ. එක එක ඩාන්ස් ප්‍රැක්ටිස් වීඩියෝස් වලින් බලාගෙන තමයි ඉගෙනගත්තේ. එච්චර හොදයි කියලා මන් හිතුවෙම නෑ.

ඊලග දවසේ hybe එකට ගිහාම එදා මායි ඇන්ඩ්රියයි රණ්ඩු කරපු එකට අපේ මැනේජර් ඔප්පගෙන් හොදටම බැනුම් අහගත්තා😣. හැබැයි ඉතිං අපි එහෙමයි කියලා රණ්ඩු නවත්තනවද? නෑ කොහෙත්ම නෑ😌.....

ට්‍රේනින් ගැන කියනවනම්, ඇන්ඩ්රියා ඩාන්ස් කරන්න ගොඩක් දක්ෂයි🙄. ඩාන්ස් ප්‍රැක්ටිස් කරන්න ගත්තු පලවෙනි දවසෙම අපිට ට්‍රේන් කරපු උන්නි එයාව ඉස්සරහම පේලියේ මැද හරියටම දැම්මා. මම නම් හිටියේ මැද පේලි හරියේ වගේ. ඒ උනත් මටත් ඕනේ උනා ඉස්සරහම පේලියට යන්න. අවංකවම මාත් පිළිගත්තා ඇන්ඩ්රියාගේ ඩාන්සින් ස්කිල්ස් නම් හොදටම හොදයි කියලා😐. මටත් ඕනේ උනා එයාගේ මට්ටමට එන්න. ඉතිං මම හැමදාම hybe එකට කලින්ම යනවා. ගිහින් ප්‍රැක්ටිස් කරනවා.

දවසක් මම එහෙම තනියම ප්‍රැක්ටිස් කරනවා බලන් ඉදලා ජිමින් ඔප්පා මට‍ උදව් කරන්න ආවා. එදා ඉදන් හැමදාම එයත් එක්ක මම ප්‍රැක්ටිස් කළා. ජිමින් ඔප්පගෙ පිහිටෙන් මට‍ ඇන්ඩ්රියාගේ තරමට එන්න පුළුවන් උනා. ට්‍රේනින් උන්නි මාවත් ඉස්සරහම පේලියට දැම්මා. කොහොමහරි දැන් මායි ඇන්ඩ්රියයි රණ්ඩු කරන්නේ ගහ මරාගෙන නෙමෙයි ඩාන්සින් වලින්.(ඔයාලට තේරෙනවනේ)

Dancing training නම් අවුලක් නැතුව උනා. Vocal training එක තමයි ප්‍රශ්නේ උනේ. මාව ඔඩිෂන් එකෙන් තෝරාගත්තේ මම ඩාන්ස් කරන්න දක්ෂයි කියලනේ. ඒත් vocal නම් මට‍ කොහෙත්ම බෑ. හැම පාරම මම සින්දු කියද්දී කොහෙන්හරි අවුට් යනවා
හරියන්නෙම නෑ😑. මට‍ vocal බැහැ කියලා rapping දුන්නා. ඒක හරියන්නෙත් නෑ. මම ෆාස්ට් මදි😑.

Pink Hearts (Completed)Where stories live. Discover now