Episode 16 (අසීගෙ සම්ප්‍රාප්තිය)

173 36 50
                                    

❤"අසී???😳"

වෙන්න බෑ. මේ සෝජූන් ඔප්පා මන් හිතන කෙනා ගැනමද කියන්නේ...
.
.
.
.
ටික වෙලාවකින් අපි අපේ dorm එකට ආවා. මන් හිතාගෙන හිටියටත් වඩා අපේ ඩෝම් එක ලොකුයි කියලා තේරුනේ ගේට්ටුවෙන් ඇතුලට ගියයිම් පස්සේ. ඇත්තටම ඒක තඩි ගෙදරක්. ලොකු හොදට ඉඩකඩ තියෙන ගාඩන් එකකුත් තියෙනවා. අපි හැමෝම ඒ දිහා කටත් ඇරන් බලන් හිටියේ හොදටම පුදුමෙන්. අපි ඇත්තටම ඒ තරම් දෙයක් නම් බලාපොරොත්තු උනේ නෑ.

💙"සිරියස්ලි! ඔයාලා කටවලුත් ඇරන් බලන් ඉන්නෙ නිකන් කවදාවත් ගෙයක් දැකල නෑ වගේනේ🙄."

අනේ ඇත්තමයි. මේ වෙලාවට තමයි ඇන්ඩිට දෙන්න හිතෙන්නෙ හොම්බ කට සමතලා වෙලා යන්න. ඇයි වදේ...

❤"හා හා. මහලොකු සල්ලිකාර කෙල්ල. මේ ලෝකේ ඉන්න හැමෝම සල්ලිකාරයෝ කියලද හිතන් ඉන්නෙ🤨😒."

මම එයාට ඇද කරන ගමන් කිව්වම එයත් අනිත්පැත්තට මට‍ ඇද කරලා අහක බලා ගත්තා.

අපි හැමෝම අපේ බෑග් ටිකත් අරගෙන ගේට්ටුවෙන් ඇතුලට යනකොට බොඩිගාඩ් ලා කියලා කියන්න පුළුවන් හොදට ඇගපත එහෙම තියෙන ෆුල් සූට් ඇදගත්තු උස මැදි වයසේ වගේ අන්කල්ල පහලවක් විස්සක් විතර ගේ ඉස්සරහට දුවගෙන ඇවිල්ලා හිටගත්තා. ඊට පස්සේ අපිව දැක්ක ගමන් ආචාර කලා.

Ⓜ️"මෙයාලව අඳුරගන්න කෙල්ලනේ. මේ ඔයාලගේ බොඩිගාඩ් ලා."

💚"ශා වාව් අපිට් බොඩිගාඩ් ලත් ඉන්නවද. සුපිරියිනේ😃"

අපි තව මුකුත් කියන්න කලින් ගේ ඇතුලේ ඉදන් තව කෙල්ලෙක් එලියට ආවා.

මොකක්??? වෙන්න බෑ!!!

මගෙ මතකේ වගේම මන් මේ දකින දේ හරිනම්.... මේ ඉන්නෙ අසී ම තමයි... ඒත්.. ඒත් කොහොමද😲😲😲

මන් අදහගන්න බැරුව ඒ දිහා බලන් හිටියේ. ඇත්තටම ඒ අසීමද?

එයා අපි දිහා හිනාවෙලා බලන ගමන් අපි දිහාවට දුවන් ආවා.

🎀"ඔහ්.. ඔප්පා.. ආවද... හායි. මම අසී. ඔයාලා අළුත් idol group එක නේද?😊"

අපි ඔව් කියන්න ඔළුව වැනුවා.

💛"අම්ම්... ඔයා වැරදිලාවත් ලංකාවෙන්ද?😮"

දේදුනු කුතුහලෙන් ඇහුවා.

Pink Hearts (Completed)Where stories live. Discover now