what do you mean?

238 42 23
                                    

"M-mur-murder එකක්? ඒත්..ඒත්...ඒක suicide එකක් කියලා prove වුණානේ hyung. අ-අනික hyung ඔයාමනේ...ඔයාමනේ ඒ case එක handle කළේ." මට Yoongi hyung කියපු දේ අදහගන්න බෑ. Murder එකක්? Murder එකක් කරන්න තරම් අපේ අම්මත් එක්ක තරහක් තිබ්බේ කාටද? මගේ ඔලුවට ප්‍රශ්න දාහක් විතර ආවා.

"හරි hyung, ඒක එහෙමයි කියමුකෝ. ඒත් අවුරුදු 8කට පස්සේ ඒක ගැන හොයන්නේ මොකටද? ඒක සම්පූර්ණයෙන්ම close වෙච්ච නඩුවක් hyung.
අම්මට අසාධාරණයක් වුණානම් ඒක කලේ කවුද කියලා මට දැනගන්න ඕනේ. ඒත් ඒක එහෙම නොවුණු බව ඔප්පු වෙලා ඉවරයි. ඉතින් ආයෙත් ඒ case එක  ඇදලා අරන් බොරු ප්‍රශ්න දාගන්න මට ඕනේ නෑ hyung."

"ඔව් Taehyung මට තේරෙනවා. ඒත් අපිට සාක්ෂියක් ලැබුණා." Yoongi hyung කිවුවේ මං දිහාත් Namjoon hyung දිහාත් මාරුවෙන් මාරුවට බල බල.

"සාක්ෂියක්? මොකක්ද දැන් ලැබුණු සාක්ෂිය hyung?" මං ඇහුවේ ටිකක් තරහින්.
සාක්කුවෙන් phone එක එළියට ගත්ත hyung ඒක unlock කරලා massages වලට ගියා. ඊට පස්සේ මට phone එක දික් කලා.
මාත් phone එක අතට ගත්තේ මොකක්ද මේ hyung පෙන්නන්න හදන්නේ කියලා බලන්න.

---------------------------------------------
Unknown number

Mrs. Kimගේ මරණේ suicide එකක් නෙමේ. ඒක murder එකක්. Please ඒ case එක ආයෙත් open කරන්න.
01:24pm

Who are you?
Massage couldn't send!
01:30pm

---------------------------------------------
මං එකපාරටම සමච්චලේට හිනා වුණා.
" Hyung, ඔයා මේ msg එකක් දැකලද මේ case එක ආයේ ඇදලා ගන්න හදන්නේ? අනික... hyung දන්නවද මේ msg එක එවුවේ කවුද කියලවත්?"

"නෑ Taehyung. අපි call කලා. ඒත් එයා phone එක answer කරන්නේ නෑ. Sim එක අයින් කරලා"

"ඒකනේ hyung, අපි කොහොමද දන්නේ මේක කාගේ හරි පිස්සු විහිලුවක්ද කියලා?"

Yoongi hyung දිග හුස්මක් පිට කලා.
"නෑ Taehyung. ඔයාට මතකනේ Kyunjin. Namjoonගේ අයියා. මාත් එක්ක ඒ දවස්වල ඒ case එක handle කලේ.."

"ආහ් ඔව් hyung. පොඩි මතකයක් තියෙනවා."

"එයා කිව්වෙත් මේක murder එකක් කියලා. එයා එකතු කරගත්තු evidence හුඟක් තිබ්බා. ඒත් මං ඒවා ගැන ඇහුවම හරි වෙලාව ආවාම කියන්නම් කිවුවා මිසක් මට evidence ගැන මොකුත්ම කිවුවේ නැහැ. ඔයාගේ අම්මගේ case එක ඉවර වෙන්නත් කලින් එයා එකපාරටම  අතුරුදහන්  වුණා. එයාගේ files, laptop හැමදේමත් එහෙමම අතුරුදහන් වුණා. එයා එකතු කරගත්තු evidence සේරම නැතිවුණා. මට කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. ඉතින් මට පිලිගන්න වුණා ඒක suicide එකක් කියලා. පහුවදා  මං මේක ගැන ඔයාගේ තාත්තා එක්ක කතා කලා Taehyung. ඒත් අද ඔයා කියනවා වගේම එදා ඔයාගේ තාත්තා කිව්වෙත් වැළලිච්ච කුණු අවුස්සන්න එපා කියලා. Mrs. Kimගේ case එක ඉවර වෙලා හරියටම සතියකට පස්සේ තමයි Kyunjinගේ body එක Gwangju වල තිබිලා හම්බවුණේ. එදා මට හොඳටම තේරුණා Kyjnjinගේ වගේම Mrs. Kimගේ මරණෙත් murder එකක් කියලා.

JUST ONE DAY Where stories live. Discover now