sacrifice

175 32 15
                                    

'මොකක්ද?'

'ටේ හ්යුන්ග් මං ඒ ගර්ල්ට කැමතියි.'

ටේහ්යුන්ග් ඉක්මනට හිනා වුණේ ජන්කුක්ට ටේ ගැන සැක හිතෙයි කියලා.

'කෝ කවුද? කොතැනද?' ජිමින් තාමත් කෙල්ලව හොයනවා.

'අරයා' ජන්කුක් ආයෙත් හොරෙන් ජිමින්ට කෙල්ලව පෙන්නුවා.

'ආව්..කියුටි, සෙක්සි, ලව්ලි. හොද තේරිමක් ජන්කුක්'

'ජන්කුක් ඇයි හදිස්සියෙම දුවන් ඇවිත් මට ඒක කිවුවේ?' ටේහ්යුන්ග් ඇහුවේ කුතුහලෙන්.

'නෑ..බාත්රූම් එකේදි මට ඇහුණා කොල්ලො වගයක් එයා ගැන කතා වෙනවා. ඉතින්-'

'ඉතින්?'

'ඉතින් එයාලට කලින් මට එයාට කන්ෆෙස් කරන්න ඕනේ.'

'ඉතින් මට කිවුවේ?'

'ජිමින් හ්යුන්ග් මට හිනාවෙයි කියලා හිතුණු නිසා. අනික ජිමින් හ්යුන්ග්ට වඩා ටේ හ්යුන්ග්ට මාව තේරුම් ගන්න පුළුවන් නිසා'

'මං මොකක්ද දැන් කරන්න ඕනේ?'

'මට..එයා ළඟට තනියම යන්න බයයි. ටේ හ්යුන්ග්ටත් එන්න පුළුවන් ද?'

ටේ හිනාවුණා.
'ප්රපෝස් කරන්නේ ඔයානේ ළමයෝ. මාත් ආවම හරියනවද?'

'කමක් නෑ. අනේ එන්නකෝ.'

එතනට ගියොත් තවත් දරාගන්න අමාරු වෙන බව දන්නවා වුණත් කුකීගේ මූණ බලන් බෑ කියන්න ටේට පුළුවන් වුණේ නෑ.

'යං එහෙනම්'

'තැන්ක්යු හ්යුන්ග්. මාත් මේවට ගෙවනවා.' ජන්ග්කුක් කිවුවේ හා දත් ටික පෙන්නලා විරිත්තන ගමන්.

ආයාසෙන් කොහොමහරි හිනා වුණ ටේහ්යුන්ග් ජන්කුක් එක්ක යූරා ගාවට ගියා. දරාගන්න කොච්චර අමාරු වුණත් මෙතැනදි ටේහ්යුන්ග්ට ඒක දරා ගන්න වෙනවා. ජන්කුක් එයාට මල්ලි කෙනෙක් වගේ. ඒ මල්ලිගේ ආසාවල් ඉෂ්ට කරලා දෙන්න ඕනේ කියන හැඟීම ටේගේ හිතේ තිබ්බා.

'යූ-යූරා' ජන්කුක් කෑම කකා හිටපු ගෑණු ළමයට කතා කලා. මූණට වැටිලා තිබ්බ කොණ්ඩ කෑල්ල ඒ ගෑණු ළමයාගේ මූණ තවත් එළි කලා. ලා රෝස පාට තොල් දකින ඕන කෙනෙක්ට ඒවා සිප ගන්න හිතෙන තරමට ලස්සනයි. ඒ හීනි ඇස් දෙකෙන් බලන ඕන කෙනෙක්ව වශී කරගන්න යූරාට පුළුවන්. යූරා ඔලුව හරෝලා බැලුවේ එයාට කතා කරන්නේ කවුද බලන්න.

JUST ONE DAY Where stories live. Discover now