back to normal life?

181 34 5
                                    

සතියක් ගෙවුණේ නොදැනිම වගේ... සද්ද බද්ද, හිනා, පිරිලා තිබ්බ ගෙදර පාලුවට ගිහින්. Taehyung තාමත් ඔහේ බලාගෙන..jiminටත් වෙච්ච දේ හිතාගන්න බෑ.jungkookට තාම මේ දේවල් හරියට තේරෙන්නේ නෑ.

"Tae"

"හ්ම්ම්ම්ම්?"

"ගෙදර යන්නේ නැද්ද?"

"දැන් ඔයාටත් මාව කරදරයක්ද ජිමින්?"

"නෑ නෑ එහෙම නෙමේ.. දැන් ඔයාලගේ ගෙදර කවුරුත් නෑනේ.. ඒක පාලුවට ගිහින් ඇති ටේ. අජුම්මාත් තනියම නේද?"

"ඔව්මයි.. මං මොන වගේ මිනිහෙක්ද? සතියක් යනකම් මට අජුම්මා ගැන මතක් වුණේවත් නෑ. අනේ අජුම්මා කාලද දන්නේ නෑ."

"ඔයාට බැනගන්න එපා ටේ.. හිතලා කලා නෙමේනේ..අපි දැන් යං"

"අපි? ඔයාලත් එනවද?"

"ඔක්කොම යං.. ජන්ග්කුක්ත් කාලෙකින් කොහෙවත් ගියේ නෑනේ."

"කුක්, ඔයා එනවද?"

"කොහෙද?"

"ටේහ්යුන්ග් හ්යුන්ග්ගේ ගෙදර"

"යං"

"එහෙනම් වොෂ් එකක් දාගෙන එන්න."

"හරි හ්යුන්ග්"

‍~

"අම්මෝ මේ ගෙදර ලොකු" ජන්ග්කුක් කිවුවේ ඇස් දෙකත් ලොකු කරගෙන. ජිමින්ලාගේ ගෙදරත් සාමාන්‍යයෙන් ලොකු ගෙයක් වුණාට මෙච්චර ලොකු නෑ. ජන්ග්කූක්ටත් තිබ්බේ පොඩි ගෙයක් නෙමේ..ඒත් ටේහයුන්ගේ ගෙදර, ගෙදරකටත් වඩා හෝටලයක් වගේ. ඔව් ඉතින් ඉල්ලීගල් බිස්නස් වලින් එන සල්ලිවලට කරන්න දේකුත් තියෙන්න එපැයි. ටේහයුන්ග්ට කවදාවත් මේක ගෙදරක් වුණේ නෑ. ගෙදරක තියෙන්න ඕනේ සතුට සමාදානය මේ බිත්ති හතර ඇතුලේ තිබ්බේ නෑ. ඉතිං එයාට මේක නිකම්ම නවාතැනක් විතරයි.

"ජන්ග්කුක්,කටට මැස්සෝ යයි. ඕක වහගන්න."

"අනේ ජිමිනී හ්යුන්ග්. මාව හැමදාම චොර කරන්න එපා අනේ."

"හා හා මං එහෙම කරන්නම්කෝ. යං දැන්."

ටේහයුන්ග් කීප පාරක්ම බෙල් එක ගැහුවත් ගේ ඇතුලෙන් කිසිම ප්‍රතිචාරයක් ආවේ නෑ.

'අජුම්මා! අජුම්මා!'

'සමහරවිට එයා ගිහින් ඇති හ්යුන්ග්.'

JUST ONE DAY Donde viven las historias. Descúbrelo ahora