surprised

121 20 12
                                    

'මොකක්? වට් ඩූ යූ මීන්? මං නෙමේ ජන්කුක් තමයි ඔයාට කැමති.' ටේහ්යුන්ග් කිව්වේ ව්‍යාජ හිනාවකින්.

'නෑ ටේහ්යුන්ග්ශි මං කැමති ඔයාට. ජන්කුක්ට නෙමෙයි.'

ටේ ජන්කුක් දිහාට හැරුණේ කන්ෆියුස් ලුක් එකකින්.

'ඔයත් කැමතී කියන්න හ්යුන්ග්' ජනකුක් රහසින් කිවුවේ යූරාට ඇහෙන්නේ නැති වෙන්න.
ටේ ආයෙත් යූරා දිහා බැලුවේ මේක කරන්න බෑ කියන්න. ටේට බෑ එයාගේ කුක්ගේ ක්රෂ් එක එහෙම උදුරගන්න. ටේ යූරාගේ ඇස් දෙක දිහා බැලුවා. ඒ ඇස්.. හේසල් මැණික් කැට දෙකක් වගේ. රෝස තොල් අස්සේ කුක්ගේ හිනාව වගේම ලස්සන බනී හිනාවක් තිබ්බා. බ්‍රවුනිෂ් බ්ලැක් කොණ්ඩේ වැඩිය දිග නැති වුණත් ඒක යූරාට අහිංසක බවක් ගෙනාවා. මේ මූණ දිහා බලන් ඉන්න ගමන් ටේ කල්පනා කලේ මේ අහිංසක ලස්සන කෙල්ලට ඒ නැතත් එයාගේ ෆස්ට් එවර් ක්රෂ් එකට බෑ කියන්නේ කෝමද කියලා. ඒත් කුකී වෙනුවෙන් ඒක කරන්නම ඕනේ.

'යූරා-'

'අයි ලවු යූ ඔප්පා'
ඊළඟට සිද්ද වුණේ ටේ හීනෙන්වත් හිතුවේ නැති දෙයක්. ඇඟිලි තුඩු වලින් ඉස්සුණු යූරා ටේගේ කම්මුල කිස් කලා. ඇස් දෙකත් ලොකු කරන් ඉස්සරහාම බලන් හිටපු ටේගේ කම්මුල් ටිකෙන් ටික රතු වුණා. පොඩි හිනාවක් එක්ක ලැජ්ජාවෙන් බිම බලපු යූරා අනිත් පැත්ත හැරිලා දිවුවා. ටේ තාමත් ඉස්සරහ බලාගෙන. ඇස් පිල්ලම් ගහන්නත් අමතක වෙච්ච ටේ පියවි සිහියට ආවේ ඌරු හිනා දෙකක් ඇහිලා. ඔව් ඔව් ජිමිනුයි ජන්කුක්යි අත් වලින් කටත් වහන් ඌරෝ දෙන්නෙක් වගේ හිනා වෙනවා.

'කුක් අනේ කුක් අයිම් සොරි! මං යූරාට මේක පැහැදිලි කරලා දෙන්නම්. හ්යුන්ග්ට මේ වතාවට විතරක් සමාව දෙන්න කුක්'

'සමයන්ද හ්යුන්ග්? දැන් ඉතිම් හ්යුන්ග්ටත් හරි එහෙනම්.' ජන්කුක් හිනා වුණේ ජිමින්ට පහකුත් ගහලා.

'හරි මං අහන්නේ කුක්ට ටිකක්වත් දුක නැද්ද? ඔයා කැමති කෙල්ල වෙන කොල්ලෙක්ව කිස් කරද්දි?'

'හරි එතකොට හ්යුන්ග්ට සතුටු නැද්ද හ්යුන්ග් කැමති කෙල්ල හ්යුන්ග්ව කිස් කරද්දි?'

'ආහ්? මොනාද කියවන්නේ? මං එයාට කැ-කැමති නෑ-නෑ.'

'කැ-කැමති නෑ-නෑ????' ජිමින් හිනාවුණේ ටේව අනුකරණය කර කර.

'අපි ඔක්කොම දන්නවා හ්යුන්ග්. මේක ප්ලෑන් එකක් ඔය දෙන්නව එකතු කරන්න කරපු.'

'ප්ලෑන් එකක්? ඒ කියන්නේ යූරාත් මේක ගැන දැනන් හිටියද? ආහ්?'

'ඔවු ඔවු එයත් දැනන් තමා මේක කලේ'

'තමුසෙලා නම්....' ටේ දෙන්නටම ටොකු දෙකක් ඇන්නා.

'ඔලුව හිල් කරන්නද හදන්නේ භල්ලෝ' ජිමින් කිවුවේ ඔලුව අත ගගා.

තුන්දෙනාම හිනා වුණා.

'තැන්ක්යු හැබැයි'

'නෝ වොරිස් හ්යුන්ග්.'

----------

'මට එළියට යන්න දෙනවා!!!!! තමුසෙලාට මේකට විදවන්න වෙයි! යුන්ගි, මං එළියට  ආපු ගමන් තමුන්වයි අර ටේහ්යන්ග් වයි මරනවා ! පරිස්සම් වෙලා ඉන්නවා!'

'මිස්ට කිම්, කට වහනවද? අපි කට වස්සන්නද? අනික තමුසෙට ඕකෙන් කවදාවත් එළියට එන්න වෙන්නේ නෑ. බොරුවට කියවන්නේ නැතුව ඉන්නව! තමුසෙනම් ඇත්තම රාක්‍ෂයෙක් කිම්. වයිෆ්ව මැරුවා මදිවට දැන් පුතාවත් මරන්නද හදන්නේ? '

'පුතා? ඕකට පුතෙක් කියන්න පුළුවන්ද??? නෑ ඌ මගේ පුතෙක් නෙමේ. යුන්ගි කැමතිද ඉන්ටරස්ටින්ග් දෙයක් දැනගන්න?' ටේගේ තාත්තා ඇහුවේ මූණේ ස්මර්ක් එකක් මවාගෙන.

'ඉන්ටරස්ටින්ග්?'

'හ්ම් හ්ම්ම් වෙරි ඉන්ටරස්ටින්ග්. මට තව පුතෙක් ඉන්නවා. සෝ ටේ නැති වුණා කියලා මට කිසිම ප්‍රශ්නයක් නෑ.'

'තව පුතෙක්? ඒ කවුද කියනවා' යුන්ගි කූඩුව ඇතුළේ ඉන්න කිම්ගේ කොලර් එකෙන් අල්ලන් ඇහුවා.

'ආහ්.. තව දෙයක්. මගේ බ්ලැක් බිස්නස් ඔක්කොම මං එයාට තමා භාර දෙන්න ඉන්නේ.'

'ඒ කවුද කියනවා!!!!!!!!'

'හහ් හ් කාම් ඩවුන් යුන්ගි. කාම් ඩවුන්.' මිස්ට කිම් ආයේ හිනා වුණා.

'හරි තමුසෙට කියන්න බෑනේ. අපිම හොයාගන්නම්.'

'නෑ නෑ ඔහොම ඉන්න යුන්ගි. මංම කියන්නම් ඉතින්. මගේ පුතානේ.'

'මගේ පුතා වෙන කවුරුත් නෙමෙයි. ඒ තමා-

-----------------

'ටේ!!!!'

'ටේ හ්යුන්ග්!!!!'

'ඇයි මේ දෙන්නම කෑ ගහන්නේ? මොකෝ අවුල?'

'අම්මලා අපිටත් , ෆිලිපීන් එන්න කිවුවා.'

'ඒ මොකෝ හදිස්සියෙම?'

'ආච්චි-'

'එයා නැති වෙලාලු.' කුක් ජිමින් කියන්න ගියදේ සම්පූර්ණ කලා.

-----------

MERRY CHRISTMAS!🎄❤
and GET WELL SOON YOONGIYAH!🌹🌹
ME LUVS YOU! 💕

JUST ONE DAY Where stories live. Discover now