bye?

80 17 11
                                    

'උඹට ෂුවර් ද තනියම ඉන්න පුළුවන් කියලා?'
'ඔව් ඔව් ජිමින්. අයිම් නොට් අ බේබි...'
'අන්න ඒකමයි මට බය.' ජිමින් කිවුවේ සමච්චලේට හිනාවකුත් දාලා.

'ටේ හ්යුන්ග්!!!!!!!!!! අනේ ඔයා දාලා යන්න බෑ කුකීට' කොහේදෝ ඉදන් දුවන් ඇවිත් ජන්ග්කුක් ටේගේ ඇඟේ එල්ලුනා.
'එහෙනම් ඉමු මාත් එක්ක.'
'ඇත්තටම ද???' කුකීගේ ඇස්වල තිබුණු ඒ ආසාව, උද්යෝගය සැනෙකින් නැති වෙලා ගියේ ටේගේ ට්‍රැක්ටර් හිනාවයි ජිමින්ගේ ඌරු හිනාවයි ඇහෙනවත් එක්කමයි.
'අනේ!!!!!! ඔයාලා නරකාආආආආආයි. හුම්! කුකී තරහයි.'
'හා හා පස්සේ තරහා වෙමු. දැන් මෙන්න මෙහේ එනවා ෆ්ලයිට් එක මිස් වෙන්න කලින්.' ජිමින් කුකීවත් ඇදගෙන එයාපෝට් එක ඇතුලට දිවුවා.
'බායි කුකී!!!!'
' බායි ටේ හ්යුන්ග්!!!! සාරාන්ග්හේයෝ.'
ටේහ්යුන්ග්ත් හිත ඇතුලෙන් හයියෙන් කෑ ගහලා කිවුවා නාදෝ සාරාන්ග්හේ කියලා. ඒත් ඇත්තටම ඒක කියන්න එයාට බෑ. එයාට ශක්තියක් නෑ. කුකී තමන්ගේම මල්ලි වුනානම් කියලා ටේට දහසකුත් වාරයක් හිතෙන්න ඇති. ඒත් එහෙම නොවුණ එකට එයා ඊටත් වඩා සතුටු වුණා.. ඒකට හේතුව.... ඒකට හේතුව ටේටවත් හිතාගන්න බෑ. කුකීගේ ඇස් දකින හැම වෙලේකම ටේට ඒවායේ මොකක්දෝ අයිතියක් දැනෙනවා. නෑ නෑ ටේට අයිති යූරාගේ ඇස්. ඒ ඇස් විතරයි. ඒ ඇස්වලට ටේ ආස කරනවා. ඒත් කුකීගේ ඇස්? ටේට ඒ ඇස් ගැන තියෙන්නේ ආසාවට වඩා ආදරයක්. එහෙනම් ඇයි අයිති කර ගන්නැත්තේ??? හැමදේටම උත්තරයක් තියෙනවා.

-
ජිමින්ලා ගියාට පස්සේ ටේ ආයෙ ස්ටඩීස් පටන් ගත්තා. එක්සෑම්ස් අතලඟ. සද්ද බද්ද නැති වෙලේ උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන ටේ වැඩ පටන් ගත්තා.

'ෂිට්! මේ ජරා ගාණ තේරෙන්නෙම නෑනේ.' එක අතකින් ඔලුවත් කස කස අනික් අතින් කොලේ ඉරිලා යන තරම් හයියෙන් ටේ ගාණ කපලා දැම්මා.

'ටේහ්යොන්ග් පුතා, ඔලු ගෙඩිය පුරවන්න කලින් බඩ ගෙඩිය පුරවන්න ඕනේ.' තමන්ටම කියාගත්ත ටේ කුස්සියට ගියේ රාමෙන් පැකට් එකක් හදාගන්න.

Knock knock-

'කවුද ඒ පාර? පෝස්ට්මන් වෙන්න ඇති.'

ටේ දොර අරින්න හදද්දිම වගේ සාක්කුවේ තිබ්බ ෆෝන් එක වයිබ්රේට් වුණා.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 30, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

JUST ONE DAY Where stories live. Discover now