minkook💛

212 35 17
                                    

At the same time
@Taehyung's place
Taehyung pov

"පුංචි බේබි..." අජුම්මා මාව කීද්දුවා.

අජුම්මා කියලා කියන්නේ අපේ ගෙදර ඉන්න වයසකම වගේම වැඩිම කාලයක් වැඩ කරපු servant. අම්මා නැතිවෙච්ච දවසේ ඉදන් මං ගැන හොයලා බැලුවේ අජුම්මා...අනික් servantsලාට නමින් කතා කලත් මං අජුම්මාට විතරක් අජුම්මා කියලා කතා කලා.

"අජුම්මා මොකක්ද මගේ කාමරේ කරන්නේ?" මං ඇහුවේ නිදි ගැට හැර හැර...🥱

"පුංචි බේබිට ලොකු මහත්තයා එන්න කිවුවා."

" ඒ මොකටද අජුම්මා?"

"මං දන්නේ නෑ පුංචි බේබි.. කෝකටත් පරිස්සමෙන්. ලොකු මහත්තයා ටිකක් තරහින් ඉන්නේ..."

" තාත්තා කවද්ද මාත් එක්ක හොඳින් කතා කලේ අජුම්මා. දැන් නම් මට කෝකත් එකයි.😒"
"හරි අජුම්මා යන්න..මං wash එකක් දාගෙන එන්නං."

"හරි පුංචි බේබි. ඒත් කෝකටත් පරිස්සමෙන්. පුංචි බේබිට මොනා වුණත් මං ඉන්නවා.🙂"

"මං දන්නවා අජුම්මා.. අජුම්මා නැත්තම් මං මේ ගෙදර අතහැරලා ගිහින් හුඟක් කල්."

"මං දන්නවා පුංචි බේබි...🙂 පුංචි බේබි ඉක්මනට පහළට එන්නකෝ."

"හරි අජුම්මා."
මං wash එකක් දාන්න ගියේ තාත්තා මට එන්න කිවුවේ ඇයි කියලා හිත..හිත.. එක දෙයක් නම් කියන්න පුලුවන්. වෙන්න යන්නේ හොද දෙයක් නෙමේ.
Bathroom එකෙන් එළියට ඇවිත් මං පහළට ගියා.

"අජුම්මා, කෝ තාත්තා?"

" office room එකේ බේබි."

"ආහ්..හරි අජුම්මා"
මං තාත්තාගේ room එක ළඟට ගිහින් මං දොරට තට්ටු කලා.

"ඇතුළට එනවා!!!!" තාත්තා කෑගැහුවා.
මං දිග හුස්මක් අරගෙන දොර ඇරගෙන ඇතුලට ගියා.
Table එකට අත් දෙකත් තියාගෙන, හිටගෙන තාත්තා මං දිහා ගිනි පිටවෙන ඇස්වලින් බලන් ඉන්නවා.

"තා-තාත්තා..."

"තමුන් දැන් මහ ලොකු මිනිහෙක් කියලද හිතන් ඉන්නේ?😡"

"ආ-ආහ්? තාත්තා මොනා ගැනද කියන්නේ?"

"බබෙක් වෙන්න එපා Taehyung..තමුන් දන්නවා මං මොකක් ගැනද කියන්නේ කියලා."

JUST ONE DAY Where stories live. Discover now