the mysterious letter

158 22 7
                                    

'ටේ, ඔයාට ෂුවර්ද තනියම ඉන්න පුළුවන් කියලා? මං නම් කියන්නේ අපිත් එක්කම යං කියලා.' ජිමින් ඇහුවේ එක කනක ඇබේ ගහන් සින්දු අහ අහ ජිමින්ගේ බඩු පැක් කරන ටේගෙන්.

'ආහ්?'

'ඔය මඟුල කනෙන් ගලෝනවා ඕයි'

'ආහ්? ආහ් හා!' ටේ අනෙක් පීස් එකත් කනේ ගහගත්තා.

'ඔව් මට දැන් තේරුම් ගන්න පුළුවන් මං සින්දු අහන වේලේට අම්මට දෙසීයට තදවෙන්නේ ඇයි කියලා. කමක් නෑ දුකක් නෑ.' තමන්ටම කියා ගත්ත ජිමින් ටේ ළඟට ගිහින් ඇබ දෙක ගැලෙව්වා.

'ඕයි සුනඛ වැඩ කරන්න එපා. ඉයර් පොඩ්ස් දෙක දෙනවා!'

'මුලින් මං කියන දේ පොඩ්ඩක් අහලා ඉන්නවා! දැන් උඹට අපි එක්ක එන්නම බෑ ද?'

'බෑ බං තව සතියකින් එක්සෑම්... ඒක ෆේල් වුණොත් ඊළඟ එක ලියන්න තව අවුරුද්දක් විතර ඉන්න වෙනවා. ඊට වඩා හොදයි වහ කනවා.'

'ඉතිම් ඕයි මාත් ඔය මඟුල් එක්සෑම් එක ලියනවනේ... අපි කොහොමත් ඉක්මනට ගිහින් එනවානේ'

'උඹ බයෝ කරන්නේ ආතල් එකට වුණාට ඒක මගේ ජීවිතේ බං. උඹ පාස් වුණත් ෆේල් වුණත් උඹලගේ තාත්තාගේ බිස්නස් උඹටනේ පාස් වෙන්නේ . මට එහෙම පාස් වෙන්න බිස්නස් නෑ.'

'ඔවු හැබැයි..මට තේරෙනවා ටේ. ඔයා පරිස්සමට ඉන්න. අපි ගිහින් එන්නම්.'ජිමින් ටේගේ පිටට තට්ටුවක් දාලා නැගිට්ටා.

'ජිමින්!'

'හ්ම්ම්?'

'උඹට අවුලක් නැද්ද මං උඹයි කුකීයි නැතුව තනියෙන් මෙහෙ ඉන්නවට?'

'පිස්සුද බං? මට උඹව මගේ සහෝදරයෙක්ට වැඩිය විශ්වාසයි.'

'තැන්ක්යු ජිමින්. උඹ නැත්තම් අද මං කොහෙද කියලා මංවත් දන්නේ නෑ.'

'ඒකට තමයි සහෝ යාලුකම කියන්නේ.'

'ටේ හ්යුන්ග්....... ජිමින් හ්යුන්ග්....'

'ඔය ආවේ අඩුවට හිටපු එක්කෙනත්.' ජිමින් හිනා වෙවී කිවුවා.

'මගේ ටේ හ්යුන්ග්!!!!!!!!' ජන්ග්කුක් ටේවත් බදන් ඇදට පැන්නා.

'කොන්ද කොන්ද කුක් කොන්ද රිදෙනවා.' ටේ කෑ ගැහුවේ ටේ ඇඟ උඩ නිදන් හිටපු කුක්ව එලෝන ගමන්. ඒත් කුක් නෙමේ හෙල්ලුනේ.

'හ්යුන්ග්ගේ හොඳ කුකී වගේ නැගිටින්න ඉතිම්. හ්යුන්ග්ට අමාරුයි නේ..'

'එහෙනම් බනානා මිල්ක් ඕනී.!'

'හරී! හවසට යන් බනානා මිල්ක් ගන්න.'

'මගේ හොඳ හ්යුන්ග්ග්ග්ග්!' කුකී ටේගේ කම්මුලට කිස් එකකුත් දීලා නැගිට්ටා.

'ඔයත් මේ බටර් වලට අහු වෙනවනේ ටේ...'

'හරි හරි ජිමින් හ්යුන්ග්ට කිව්වේ නෑනේ. හ්යුන්ග් ඉන්නකෝ මැද්දෙන් ඇඩ් දාන්නේ නැතුව.'

----------------

'යුන්ගි සර්,' බොරම් යුන්ගිට කතා කළා.

'ඔවු.. කියන්න?'

'සර්, සර්ට ලොකු සර් කතා කලා.'

'ඕ හරි මං යන්නම් බොරම්.'

'ඕකේ සර්.'

යුන්ගි පුටුවෙන් නැගිට්ටේ මොන වගේ බාල්දියක් සෙට් වෙලාද කියලා හිත හිත.

ක්නොක්* ක්නොක්*

'කම් ඉන්!'

'සර්, මට එන්න කිවුවේ?'

'ආහ්!' චීෆ් යුන්ගි දිහාට ලියුමක් විසි කලා.

'මේ මොකක්ද සර්?'

'කියෝලාම බලන්න.'

යුන්ගි ලියුම ටිකෙන් ටික කැඩුවේ ඇතුළේ මොනා ඇතිද කියන කුතුහලයෙන්. තුනට නවලා තිබ්බ කොල කෑල්ල යුන්ගි ටිකෙන් ටික දිග ඇරියා.

'වට් ද හෙල්!!!!!!!!!!! නෝ වේ! නෑ නෑ සර් මේක වෙන්න බෑ! අයි මීන්, හව්?

'මං දන්නවා යුන්ගි. ඒත් අපිට ඉහළින් එන නියෝග වලට පිටින් යන්න බෑ කියලා ඔයා දන්නවනේ.'

'බට් සර් අපි මේක කොහොමහරි නවත්වන්න ඕනේ! මට-මට බෑ මේක කරන්න ඉඩ දෙන්න.

'අපිට දැන් මොකුත් කරන්න බෑ යුන්ගි. මං දැනටමත් මේ ගැන ඉහලට කතා කරලා තියෙන්නේ.. ඒත් එයාලගේ ඩිසිෂන් එක වෙනස් වෙන්නේ නැති පාටයි.'

'කමක් නෑ සර්. අපිට තාම දවස් දෙකක් ඉතුරුයි. අපි මේක පුළුවන් උපරිමෙන් නවත්තන්න ට්‍රයි කරමු.'

----------
හායි බබාලා!😂😂 ඔයාලට හිතෙන විදියට ලියුමේ තිබ්බේ මොනවද? කමෙන්ට් කරන් යන්ඩෝ!!!!!!'
ආදලෙයි මං! ❤❤❤
-Onara_X2

JUST ONE DAY Where stories live. Discover now