මම මුලින්ම කියලා පටන් ගන්නම්. මේ කතාව මම ලියන්නේ ලංකාවෙ සිද්ද වුනු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන. ඒත්... ඒ කතාවෙ අවසානය මේ කතාවෙ අවසානය නොවෙන්න පුලුවන්...
ඒ කොහොම වෙතත් මේ කතාව අපිට කියන ඒ යෞවනයා හුරුබුහුටි ලාමක තරුණයෙක්. අපි හිතමු මේ එයා කියලා...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. නම : ඉදුවර කාරියවසම්
වයස : අවු 17මේ මගේ කතාවයි...🤍
භාගෙට ඇරලා තිබුනු දොරෙන් ඇතුලට යන කොට දකින්න ලැබුනේ අදුරු, මූසල දූවිල්ලෙන් පිරුණු පුංචි කාමරයක්. පුංචිම පුංචි කවුලුවකින් ඒ ඇතුලට ආලෝකය ලැබුනත් ඇතුලේ සිද්ද වෙන කිසිම දෙයක් පේන්න තරම් ඒ එලිය ප්‍රමාණවත් වුනේ නැහැ. ඒත් ටික වෙලාවකින් අදුරට ඇස් හුරු කරගත්ත මට ඒ ඇතුලෙ කවුරු හරි ඉන්න බව නම් පෙනුනා.
"අලුත් කොල්ලාද?"
"ඔ..ඔව් මම තමයි"😶
" මම club president, room එක අතුගාන්න වෙන්න ඇති එවන්න ඇත්තේ"
"ඔ..ඔව් අයියා. මම අස් කරන්න පටන් ගන්නද?"
"හ්ම්..."
මට පුලුවන් උනේ මේසය ලගට යන්න විතරයි. එකපාරටම අදුරේ සිටි ඔහු හිටි තැනින් නැගිටලා මගේ ඇස් ඉදිරිපිටට ආවා😳
"දූවිල්ල හොදටම. මේක නහයේ බැඳගන්න"
ඔහු කලු පාට රෙදිකෑල්ලක් මගේ දිහාවට දික් කරත් මට ඒක ගන්න තරම් සිහියක් තිබුනේ නෑ. මොකද මගේ ඉස්සරහා ඉන්න ඒ පුද්ගලයා දිහා මන් බලන් හිටියේ වශී වෙලා වගේ... ඔහු මගේ ශරීරය වගේ
දෙගුනයක තුන්ගුනයක උසකට මහතකට හිමිකම් කිවූ පෞරුෂමත් තලෙලු පිරිමියෙක්. ඔහුව පෙනුනේ පුංචි කවුලුවෙන් වැටුනු සිහින් එලියෙන් වුනත් මට ඔහුව මනු ලොව දේව දූතයෙක් වගේ පෙනුනා.

YOU ARE READING
༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)
Romanceලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)